ගොනෝරියා රෝග ලක්ෂණ ම ඇති කරන ගොනෝරියා නොවන මූත්‍ර ප්‍රදාහය

ගොනෝරියා නොවන මූත්‍ර ප්‍රදාහය ඇති වන්නේ කෙසේද?

ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග බොහෝමයක් මගින් මූත්‍රා ආසාදන ඇති කරනවා. ගොනෝරියා කියන ලිංගික සම්ප්‍රේෂණ රෝගය ගත්තා ම එය මගිනූත් විශාල ලෙස මූත්‍රා ආසාදන ඇති කරනවා. ගොනෝරියා නොවන මූත්‍රා ආසාදනය ඇති කරන්නේත් අනරකෂිත ලිංගික කර්තව්‍යයන් මගින්. මෙම රෝගය ඉංගිරිසියෙන් හඳුන්වන්නේ නොන් ගොනොකොකල් යූරිත්‍රයිටිස් කියලා. රෝගය බෝ කරන්නේ ප්‍රොටොසෝවා වර්ගයට අයත් ක්ලැමිඩියා කියන කෂූද්‍ර ජිවියායිි.

ගොනෝරියා හට ගන්නේ බැක්ටීරියාවක් මගින්. ගොනෝරියා නොවන මූත්‍ර ප්‍රදාහය ඇති වෙන්නේ ප්‍රොටොසෝවා වර්ගයේ කෂූද්‍ර ජීවියකු මගින්. එසේ නම් මෙම රෝගය ගොනෝරියා නොවන මූත්‍රා ප්‍රදාහය කියලා නම් කර තිබෙන්නේ ඇයි?

මෙම රෝගයේ දී ගෝනෝරියා නිසා හට ගන්නා මූත්‍රා ප්‍රදාහයේ සියලූ ම ලකෂණ හා ආබාධ ඇති වෙනවා. ඒ නිසා තමයි මෙහෙම නම් කරලා තිබෙන්නේ.

මේ රෝගය බෝ වෙන්නේ කොයි ආකාරයට ද?

මෙම රෝගයෙන් ආසාදනය වූ අයෙකු සමඟ ලිංගික වශයෙන් එක් වී දින 7ත් 21ත් අතර කාලය තුළ රෝග ලකෂණ මතු කරනවා. මේ රෝග ලකෂණ ගොනෝරියා රෝග ලකෂණවලට බොහෝ සෙයින් සමානයි.

මොනවාද ඒ රෝග ලකෂණ?

උණ, ශරීරයේ තෙහෙටිටූව, පූරුෂ ලිංගයෙන් සූදු පැහැති ශ්‍රාවයක් පිට වීම (සමහර විට ඝන දියරයක් විය හැකියි), මූත්‍රා පිට කිරීමේ දී දැවිල්ලක් හට ගැනීම, වෘෂණ කෝෂයේ වේදනාව සහ ඉදිමීමක් ඇති වීම. මෙම ලකෂණ සියල්ල ම හෝ කිහිපයක් හෝ මෙම රෝගය වැළඳුණූ පිරිමින්ට තිබෙන්නට පූළුවන්. ස්ත්‍රීන්ගේ ගැබ් ගෙලේ ආසාදන සිදු වීම නිසා රෝග ලකෂණ පිටතට පෙන්වන්නේ නෑ. ඒ වූණත් ඇතැම් රෝග ලකෂණ අතර යෝනි මාර්ගයෙන් කහ පැහැති ශ්‍රාවයක් පිට වීම, මූත්‍රා දෑවිල්ල සහ වේදනාව, නිතර මූත්‍රා පිටවීම, ඔසප් වීම ව්‍යාකුල වීම නැතිනම් නිසි පරිදි සිදු නොවීම, යටි බඩේ වේදනාව, සහ වඳ භාවය වැනි රෝග ලකෂණ ප්‍රධාන වෙනවා. මේ හැරුණූ කොට මූත්‍රා ආසාදනය අනිවාර්යෙන් ම සිදු වෙනවා. මෙම රෝගය තිබෙන පූද්ගලයකු සමඟ ලිංගික එක් වීමේ දී ගුද මාර්ගය සහ මූඛය යොදා ගත හොත් එම ප්‍රදේශත් ආසාදනය විය හැකියි. මේ කෂූද්‍ර ජීවියා ශරිර ගත වී සිටිය දී නිසි ප්‍රතිකාර නොගත හොත් ස්ත්‍රීන් ගේ ප්‍රජනක පද්ධතිය ආසාදනය වගේ ම අනෙකුත් ග්‍රන්ථින් අවහිර වීම නිසා මඳ සරු බව හෙවත් වඳ බව ඇති වෙන්න පූළුවන්. ඉතින් කළ යූත්තේ රෝග ලකෂණ පහළ වූ වහා ම පළපූරුදු වෛද්‍ය වරයෙකු ගෙන් නිසි ප්‍රතිකාර ලබාගැනීමයි.

මේ රෝගය නිසා ඇති වූ මූත්‍රා රෝග උත්සන්න වූණොත් ඇති වන තත්ත්වය කෙබඳුද?

මූත්‍රා මාර්ගය ආසාදනය වීමෙන් බරපතල රෝග ඇති විය හැකියි. ඒ නිසා ස්තී්‍ර පූරුෂ දෙපකෂය ම ප්‍රවේශම් විය යූතුයි.

Share This Article

Bacterial Vaginosis - ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන රෝගී තත්ත්වයන්

මෙම රෝගය විවාහක, අවිවාහක මෙන්ම වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට හැදෙන්න පූළුවන්. අප ශරීරයේ ඕනෑම පද්ධතියක පැවතිය යූතු බැක්ටීරියා වර්ග තිබෙනවා....

පිටවන සෑම ශ්‍රාවයක්ම ලිංගාශ්‍රිත රෝග ලක්ෂණයක් නොවේ

ශ්‍රාවයන් පිටවීමේ තත්ත්වයන් ලිංගාශ්‍රිත රෝගයන් නිසාම පමණක් ඇති වෙන්නේ නැහැ. එම නිකුත්වන ශ්‍රාවයේ දුර්ගන්ධය සහ පැහැයේ වෙනසක් ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් හඳුනා...

ගොනෝරියා රෝග ලක්ෂණ ම ඇති කරන ගොනෝරියා නොවන මූත්‍ර ප්‍රදාහය

ගොනෝරියා නොවන මූත්‍ර ප්‍රදාහය ඇති වන්නේ කෙසේද?ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග බොහෝමයක් මගින් මූත්‍රා ආසාදන ඇති කරනවා. ගොනෝරියා කියන ලිංගික සම්ප්‍රේෂණ...

ඔබට සූදයනවා නම් ප්‍රතිකාර අවශ්‍ය සැමියාටයි

මෙහිදී බොහෝ දෙනා මෙම රෝගී තත්ත්වය ලිංගාශ්‍රිත රෝගයකට හේතුව විය හැකි නමූත් ඒ බව අවශ්‍ය පරක්ෂණ මගින් තහවූරු කර ගැනීමටද පූළුවන්....

ලිංගික ඉන්නන් නිසා ගැබ් ගෙළ පිළිකා පවා හැදෙන්න පූළුවන්

ප්‍රජනක අවයව ආශ්‍රිත ව ඉන්නන් ඇති වීම පැරණි කාලයේ සිට දකින්නට ලැබූණූූ රෝගයක්. මෙය ලෝකය පූරා ම දෑකිය හැකියි. සිංහලෙන් ලිංගික...

ඒඩ්ස් - හර්පීස් ලෙඩටත් ආයුර්වේද ප්‍රතිකාර

වර්තමානයේ දී පමණක් නොව ඈත අතීතයේ සිටම සමාජ රෝග භීතිකාව මුළු ලොව පුරාම ව්‍යාප්ත වී තිබිණි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව සමාජ...