Biz Log
Classifields
Biz Log
Classifields

අසභ්‍ය වීඩියෝ ලෝකයේ ජපානය හැමදාම ඉස්සරහින් ඉන්නේ ඇයි?


අසභ්‍ය වීඩියෝ වලට ඉංගිරිසි බසින් පෝන් කියලා කියනවා. පෝන් කියන්නේ ඇමරිකාවේ කලකදි හොඳ බිස්නස් එකක් වුනා. ඒත් 2013 වගේ කාලේ ඉඳලා අමරිකානු පෝන් වෙළඳපොළ සරු නැහැ. ඩීවීඩී විකුණන එක නැවතුනා. අන්තර්ජාලය වේගයෙන් ජනප්‍රිය වුනා. අන්තර්ජාලය තුළ අලුතින් නිවසේදී පෝන් ඉදිරිපත් කරන නවමු නිර්මාණකරුවන් වැඩි වුනා. ඒ වගේම පෝන් සම්බන්ධ නීති වලිනුත් අමරිකානු පෝන් වෙළඳාම යම් පසුබෑමකට ලක් වුනා. ඒත් ජපාන පෝන් ඉන්ඩස්ට්‍රි එක එහෙම වැටුනෙ නැහැ. එය තව තවත් ලාභ ලබමින් අද දක්වා අන්තර්ජාල යුගයේදීත් පැවැත්ම තහවුරු කරගෙන තියෙනවා. ඉතින් මේ අසභ්‍ය සළ රූ කලාවේ ජපාන අන්තය සාර්ථක වෙලා තියෙන්නේ මොකෝ කියලා අපි ටිකක් විස්තර බලමු.

1. කාන්තාවන් ආසා කරන අසභ්‍ය වීඩියෝ නිපදවීම 

ජපානය කියන්නේ සෙක්ස් වලට කැමති නැති අය වැඩිපුර ඉන්න රටක්. ඒත් කාන්තාවනුත් තමුන්ගේ ලිංගික සිහින සැබෑවටම වීඩියෝ වලින් දකින්නට ආසා කරනවා. ඒ නිසා කාන්තාවන්ට වඩාත් ආකර්ෂණීය වන අසැබි වීඩියෝ නිපදවන්න ජපාන නිපැයුම්කරුවන් උත්සාහ ගන්නවා. ඒ හරහා පටන්ගත් තැන සිට විනාඩි කිහිපයකින් ඇඳුම් උනා යාන්ත්‍රිකව මෙන් කෑ ගසමින් කරන වීඩියෝ වෙනුවට කතාන්දර වැඩි වැඩියෙන් ඇතුළත් වීඩියෝ කාන්තාවන් වෙනුවෙන් නිමවුනා. කාන්තාව සහ පිරිමියා හමුවූ තැන් පටන් ඇයගේ හිතේ සෙනෙහස, ආදරය, ආරක්ෂිත හැඟීම දනවන ආකාරයට නළුවන් නිරූපණය කරනවා. ඉන්පසු ඒ තුලින් ඇතිවන ප්‍රේමණීය හැඟුම් සමගින් අවසානයේ ලිංගික ජවනිකාව ඉබේම සිදුවන ආකාරයක් ජපාන කාන්තාවන් ඉලක්ක කරගත් පෝන් මගින් නිරූපණය වෙනවා.

2. ආසියානු බ්ලොක් මාකට් එක

ආසියානු රටවල් බොහොමයක අසභ්‍ය දේ සඳහා නීති තියෙනවා. ඉන්දියාව වගේ සාම්ප්‍රදායික රටවල් විතරක් නෙමෙයි, තායිලන්තය වගේ ලිංගිකත්වය සොයා සංචාරකයින් ඇදෙන රටවල පවා ඒ රට වෙනුවෙන් පෝන් ඉන්ඩස්ට්‍රි එකක් නැහැ. ඇරත් ජපාන නළු නිළියන්ට චීන, කොරියා, ඉන්දුනීසියා, වියට්නාම් ආදී බොහෝ රටවල කාන්තාවන්ට වඩා සමීප ලෙස ඉදිරිපත් කිරීම් කරන්න පුළුවන් වෙලා තියෙනවා. අවට කළාපයේ රටවල පෝන් ඉන්ඩස්ට්‍රි එකක් නැතිවීමත්, ජපාන අසැබි කලාව වඩාත් ශක්තිමත් වීමත් ජපාන අසැබි රූ තවමත් ලොව වටා බෙදෙන්න එක හේතුවක් වෙලා තියෙනවා.

3. ජපාන පෝන් උප සංස්කෘතිය

ජපානය තුළ පෝන් කියන්නේ යම් උප සංස්කෘතියක් වෙලා. කුඩා කාලයේ ටයිටනික් ෆිල්ම් එක කාලේ ජැක් රෝස් ඉන්න කාඩ්ස් එවකට යොවුන් වියේ සිටි අය එකතු කළා. ඒ කාඩ්ස් වලින් ෆිල්ම් එකේ අමුතු රසවින්දනයක් ප්‍රේක්ෂකයින් ලැබුවා. ජපාන අසැබි නළු නිළියන් සහිත කාඩ් දින දසුන්, ඔවුන්ගේ පෝස්ටර ආදිය ජපාන කාම ලෝලීන් අතර ජනප්‍රියයි. ඒ වගේම ඔවුන්ගේ සාමාන්‍ය ඉන්ටවිව්, වැඩසටහන් හමුවීම් ආදියටත් ජපාන කාම ලෝලීන් ඇදී එනවා. සමහර චිත්‍රපට රූගත කරන ස්ථානවලට ගිහින් ඒ දේවල් දැකබලාගන්නත් ඇතැම් ධනවත් කාම ලෝලීන් හුරු වෙලා ඉන්නවා.

4. සංස්කෘතික බාධාව කලාවට ආශීර්වාදයක් වීම

ජපානය තුළ දැඩි සංස්කෘතික වටපිටාවක් තියෙනවා. ඔවුන් යුරෝපීය ක්‍රමයට ඇඳුම් පැළඳුම් ඇන්දත්, වැඩිහිටියන්ට ගරු කිරීම, නීති ගරුක වීම ආදී දේ අතින් සෑහෙන සීරියස් විදිහට ජීවත් වෙනවා. ඒ නිසාමදෝ ජපානය තුළ නව පරපුර ලිංගික ජීවිතයේ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමට ප්‍රමාද වෙලා තියෙනවා. ඉතින් මේ අය අතරින් කොටසක් පෝන් නැරඹීමෙන් විනෝද වන්නට හුරු වෙලා තියෙනවා. ජපාන අයගේ අසභ්‍ය රුචිකත්වයන් විවිධයි. ඒ අතර සාමාන්‍යයෙන් සමාජයේ පීඩාකාරී ලිංගික අත්දැකීම්ද ඇතුළත්. ඒ පීඩාකාරී දේ ඇත්තටම කරන්න ගියොත් එහි ගැටළු එනවා. ඒත් ඒවා නැරඹීමෙන් කාටවත් හිරිහැරයක් නැහැ. කිනම් හෝ හේතු ගොඩක් නිසා ජපාන අසැබි පට ජපානයෙන් පිට වගේම ජපානය තුළත් හොඳ වෙළඳපොලක් හදාගෙන තියෙනවා.

5. ලිංගික ඉරියව් නිරූපණය

ආසියානු රටවලදි නීතිය තියෙනවා වගේම නීතියෙන් පැනලා යන්න හිලුත් තියෙනවා. ජපානය තුළත් අසැබි වීඩියෝ තහනම් වුවත් ඔවුන් ලිංගික අවයව වලට කොටු දැමීම මගින් ඒ තහනමින් ගැලවුණා. ඒත් විදෙස් සමාගම් එකතු වෙලා හදපු බහුජාතික සමාගම් වලට අවශ්‍ය නම් ජපානය තුළ එසේ ලිංගික ඉන්ද්‍රියන්ද කොටු නොදමා කෙලින්ම නිරූපණය කිරීමට හැකියි. ඒත් දැන් ජපානයේ සාමාන්‍ය ජනතාව බොහෝ දෙනෙක් මේ ලිංගික ඉන්ද්‍රියන් බොඳ කිරීමට අනුවර්තනය වෙලා. ඔවුන් කියන්නේ ලිංගික ඉන්ද්‍රියන් කෙලින්ම දකිනවාට වඩා ඒවා ගැන සිහින මවන්නට මේ බොඳ කිරීමෙන් හැකියාව ලැබෙනවා කියලා.

6. ඉන්ඩස්ට්‍රි එක සතු බලය

ජපානය තුළ එක් පුද්ගලයෙකු අනුමාන වශයෙන් පෝන් සඳහා වසරකට ඩොලර් 157ක් වියදම් කරනවා. මේ සුවිසල් වෙළඳපොල ධාරාව විසින් වසරකට රුපියල් බිලියන 4-5ක ආදායමක් ජපාන ආර්ථිකයට ලබා දෙනවා. මේ නිසාම වඩාත් පුළුල් මට්ටමේ වීඩියෝ නිෂ්පාදනාගාර, තාක්ෂණික දියුණු උපකරණ වගේම සුන්දර ලලනාවන්ගෙන් සමන්විත දක්ෂ නළු නිළි පිරිසකුත් ජපාන පෝන් කර්මාන්තය වටා එකතු වෙලා තියෙනවා. ලෝකයේ බොහෝ තැන්වල මේ අසැබි වීඩියෝ වලට අලුත් නිළියන් ගෙන්වාගන්නට විවිධ උපක්‍රම පාවිච්චි වෙනවා. ජපානයේදී ටැලන්ට් ෂෝ හරහා ඉක්මනින් රවටාගෙන මේ අසැබි නිරූපණ වලට කාන්තාවන් යොදාගන්නවා කියලා චෝදනාවක් තියෙනවා. ඒත් වෙළඳපොලට විශාල බලයක් තියෙන නිසා ඒ දේවලින් යම්තාක් දුරකට ගැලවිලා කර්මාන්තය ආරක්ෂා කරගන්න ජපාන පෝන් කර්මාන්තකරුවන්ට හැකි වෙලා තියෙනවා.

7. තාක්ෂණයෙන් දියුණු වූ ජපාන පෝන්

වී ආර් හෙවත් වර්චුවල් රියලිටි කලාව පැමිණි විගසම වගේ ජපාන පෝන් කර්මාන්තයට එය යොදාගත්තා. ඒ වගේම ශබ්ද පාලනය, කතාන්දර ඉදිරිපත් කිරීම වගේ ප්‍රාසාංගික අංගවලදිත් ජපාන නිර්මාණ සාපේක්ෂව ඉදිරියෙන් තබාගන්නට ඔවුන් සමත් වෙලා තියෙනවා. කාම ලෝලියාට සම්පූර්ණ අත්දැකීමක් ලබාදෙන්නට උත්සාහ කරන ඇතැම් පැයක වීඩියෝ එකක් වෙනුවෙන් සමස්ථ කාර්යමණ්ඩලය දිනකට පැය දහයකටත් වඩා වෙහෙස මහන්සි වන බවත් වාර්තා වෙලා තියෙනවා.

පෝන් හෙවත් අසැබි කලාව මගින් සමාජයට හොඳක් වෙනවාද, නරකක් වෙනවාද කියන එක ගැන ගැටුමක් තියෙනවා. සමහර අය කියන විදිහට ලිංගික නැඹුරුව කුමන ආකාරයෙක අසාමාන්‍ය එකක් වුවත් පෝන් මගින් ඒ අසාමාන්‍ය ආසාව යම් තරමකට සංසිඳෙනවා. ඒ නිසා ඔවුන් සමාජ විරෝධී ආකාරයට ලිංගික සුව සොයායෑම අඩු වෙනවා. අනෙක් දෙසින් ගත්තොත් ලෝකේ හැම තැනම සිය නිරුවත කුණුකොල්ලයට විකුණගන්න සිදුවෙන නළු නිළි නිරූපණ කණ්ඩායම් මේ පෝන් නිසා නිර්මාණය වෙනවා. කොහොම වුනත් අන්තර්ජාලය ලෝකේ දියුණු වීමත් එක්ක කාලයට අනුගත වෙමින් තමුන්ගේ තැන තියාගන්න සහ අසැබි කලා වෙළඳපොල තුල යම් තැනක් දිගටම තියාගන්න ජපාන අසැබි නිර්මාණකරුවන් සමත් වෙලා තියෙනවා. 


උපුටා ගැනීම විශ්මය.කොම්

Share This Article