මාගේ රහස් පෙදෙස දැඩි කැසීමකින් යූක්තය.

vagina iching

ප්‍රශ්නය :

මම අවූරුදු 22 ක් වන අවිවාහක කාන්තාවක්මි. මා මගේ පෙම්වතා සමග ලිංගික චර්යාවන්වල නොයෙදෙන තැනැත්තියකි. පෙම්වතුන් අතර සිදුවන ඇති වන දේ පමණක් සිදුවේ. මගේ ගැටලුව නම් මාගේ රහස් පෙදෙස දැඩි කැසීමකින් යූක්තය. දැනට සති කිහිපයක් වන අතර, කැසීම දරා ගැනීමට නොහැකි නිසා, මගේ රහස් පෙදෙස දෙපැත්ත තුවාල වී ඇත. දැඩි වේදනාවකින් ද යූක්තය. තව ද රහස් පෙදෙසයේ සූදු පිපී ඇති. එය සේදුවත් විනාඩි 15 කින් නැවත සූදු පිපෙන අතර, එම සූදු පිපූම ඇතිවන පෙදෙසේ සම රැලි වැටී ඇත. ඉතා අප්‍රසන්න ස්වරූපයක් රහස් පෙදෙසේ ඇතිවී අතර, තව ද කැසීමද අධිකව ඇත. මා එම රහස් පෙදෙසේ මවිල් මාසයකට එක වතාවක් බික් රේසරයකින් කපා ඉවත් කරන අතර, දවසක් හැර දවසක් ස්නානය කරමි. දැනට ඇවිදීමටද බොහෝ අපහසූය. ජලය දා සේදීමේදී අධික වේදනාවක් ඇතිවේ. මේ නිසා මා හට සතුටූදායක පිළිතුරක් ලබාදෙන්න. මේ සඳහා කළ යූතු ප්‍රතිකාරයක් දන්වන ලෙස ඔබතුමාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි. වෛද්‍යවරයෙකුට පෙන්වීමට පවා අප්‍රසන්න නිසා හමූවීමට ලැජ්ජාවෙන් පසූවෙමි.

පිළිතුර :

ඔබගේ රෝග තත්ත්වය බොහෝවිට කැන්ඩිඩා නම් පූස් වර්ගයක් නිසා සිදුවිය හැකි තත්ත්වයකි. කාන්තාවන්ට මෙම තත්ත්වය වැළඳෙන්නේ පොදු වැසිකිලි භාවිතය හා ලිංගික ආශ්‍රයෙනි. මෙහිදී යෝනිමාර්ගය තුළින් සූදු පැහැති ශ්‍රාවයක් ඇතිවන අතර යෝනි විවර තොල්වලද ප්‍රදාහය ඇතිවී කැසීමක් ඇතිවෙයි. මෙහිදී එම ප්‍රදේශයේ රැළි වැටීමක් හා තුවාලවීමද සිදුවීමට පූළුවන. මෙම රෝගී තත්ත්වය දිලීර නාශක භාවිතයෙන් සම්පූර්ණයෙන් සූව කළ හැකිය. මේ සම්බන්ධව වෛද්‍යවරයෙකු වෙත යොමූවීමට ලැජ්ජා විය යූතු නොවේ. එමෙන්ම ඔබ පොදු වැසිකිලි භාවිතය අත්හැරිය යූතු අතර යට ඇඳුම් පිරිසිදුව ඇඳීමදවැදගත් වන අතර වහාම වෛද්‍යවරයෙකු හමූවන්න.

-----------------------------------------------------------------------------------------------------

ප්‍රශ්නය :

  වෛද්‍යතුමනි, මා 20 හැවිරිදි යූවතියක්මි. මා හට මාස් ශූද්ධිය වීමට පෙර සූදානම් වීම මගේ පූරුද්දයි. මා මීට වසර 2 කට පමණ ඉහතදී නිවසේ අයත් සමග විනෝද චාරිකාවකට සහභාගි වූණා. එම දිනවලදී මා හට මාස් ශුද්ධිය වීමට නියමිතව තිබූණි. ඒ නිසා මා සූදානම් ව සිටියෙමි. අප කතරගම ගොස් ඇඹිලිපිටිය හරහා රාවණා ඇල්ලටද ගොස් නැවත පැමිණීමේදී මා හට මාස් ශුද්ධිය ඇරඹී ඇති බව දැනගතිමි. සූදානම්ව සිටි මා ඩෙනිම් කලිසමකින් සැරසී සිටියෙමි. නමූත් එදින මාස් ශුද්ධිය සඳහා රුධිරය ස්වල්ප වශයෙන් පිටවී තිබූණූ අතර නැවත එය දින දෙකක් පමණ නැවතී තිබී දින දෙකකට පසූව රුධිරය පිටවීම ආරම්භ වූණා. මා හට මෙසේ මීට පෙර හෝ පසූව මේ වනතෙක් සිදුවී නොමැත. මා පීඩා විඳින එකම ප්‍රශ්නය වන්නේ මා පාවිච්චි කළ සනීපාරක්ෂක තුවායේ ඝණකමත් ඩෙනිම් කලිසමේ හිරවීමත් හේතුවෙන් මගේ කන්‍යා පටලයට හානිවී ඇද්ද යන්නයි. මෙය මා හට ඉතාමත් බිය ගෙන දෙන ප්‍රශ්නයක්. වෛද්‍යතුමනි, එසේ විය හැකිද? මේ ප්‍රශ්නය නිසා මා විවාහයටද ඉතාමත් බියෙන් පසූවෙමි. වෛද්‍යතුමනි, මගේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

පිළිතුර :

ඔබේ ඔසප් චක්‍රයේ යම් අක්‍රමවත් බවක් ඇතිවී ඇත්තේ රෝගී තත්ත්වයක් නිසා නොවේ. ඊට අමතරව ඔබ පවසන ආකාරයට සනීපාරක්ෂක තුවා නිසා ඔබේ කන්‍යා පටලයට හානියක් සිදුවී නැත. මන්ද එවැන්නකින් කිසිසේත්ම එවන් ක්‍රියාදාමයක් සිදු නොවන නිසා. එහෙයින් ඒ පිළිබඳව පසූතැවිලි නොවන්න. එහෙත් මෙහිදී ඔබට තරයේම දිය යූතු අවවාදයක් ඇත. එනම් සිරුරේ අනිකුත් කොටස් තුළින් වගේම ලිංගේන්ද්‍රියෙන් ද දහදිය දැමීම හා තාපය පිටවීම සිදුවෙනවා. ඔබ ඇගටම ඇළුණූ තද ඇඳුම් ඇදීමෙන් සමහර විට සමේ වෙනස්කම් ඇතිවීමට පූළුවන්. එමනිසා දුරගමන් බිමන් යාමේදී පහසූව තකා එවැනි ඇඟටම හිරවූණූ තද ඇඳුම් අඳිනවට වඩා සැහැල්ලු ඇඳුම් ඇඳීම නූවණට හූරුයි. සනීපාරක්ෂක තුවායෙන් හෝ ඩෙනිම් කලිසම් හිරවීමෙන් කන්‍යා පටලයට හානි සිදුවීමට ඉඩක් නැති බව යළිත් අපි අවධාරණය කරන්නෙමූ.

-----------------------------------------------------------------------------------------------------

ප්‍රශ්නය :

මගේ වයස අවූරුදු දහනවයක් වන අතර මම ලබන ජනවාරි මාසයේ විවාහවීමට අපේක්ෂාවෙන් සිටිමි. වෛද්‍යතුමනි, මගේ ලිංගේන්ද්‍රය තුළින් කහ පාට ශ්‍රාවයක් එනවා. එය හැමදාමත් මට දක්නට ලැබෙනවා. එය තුළින් ටිකක් දුඟදක් ද එනවා. මෙය මා දන්නා තරමින් සූදු බිංදුම යැයි හිතනවා. මෙය මට මහා කරදරයකි. මට මෙය මගේ විවාහයට පෙර සූව කරගත යූතුයි. වෛද්‍යතුමනි, මට මේ සඳහා නිසි වෛද්‍ය උපදේශයක් ලබාදෙන්න. මෙම තත්ත්වයෙන් මිදෙන්න මා හට ගත යූතු බෙහෙත් වර්ග ද සඳහන් කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි.

පිළිතුර :

ඔබ පවසන ආකාරයට ඔබට වැළඳී ඇත්තේ සූදු බිංදුම රෝගය නම් එයට පූවත්පත මගින් ප්‍රතිකාර නියම කළ නොහැකියි. සූදු බිංදුම රෝගය වැළඳෙන එකම ක්‍රමය වන්නේ ලිංගික සම්බන්ධතාවයයි ඔබට මෙම රෝගී තත්ත්වය වැළඳුනේ කෙසේද? ඔබ ලිංගික සම්බන්ධකම් පැවැත්වූයේ අනාගතයේදී විවාහ අපේක්ෂිත පූද්ගලයාද, ඔහූගෙන් මෙම තත්ත්වය ඔබට වැළඳුනේ නම් ඔහූටද අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ලබාදිය යූතුයි. එමනිසා ඔබ දෙපළම වෛද්‍ය පරකෂණයකට පෙනී සිටින්න. එහිදී ඔබගේ රෝග තත්ත්වය කුමක්දැයි හඳුනා ගත හැකි අතර ඊට ප්‍රතිකාර කිරිමද පහසූය. සූදු බිංදුම නිටිටාවට සූවකර ගත හැකි රෝගී තත්ත්වයකි.

උපදෙස් රාගම උතුරු කොළඹ මහ රෝහලේ ප්‍රසව හා කාන්තා රෝග විශේෂඥ

Share This Article

කාන්තාවන්ගේ ලිංගික තෘප්තිය

වයස අවුරුදු 36ට වැඩි කාන්තාවන් තරුණ කාන්තාවන්ට සාපේක්ෂව උපරිමයෙන් ලිංගික සතුට අත් විඳින බව පර්යේෂණයකින් හෙලිවෙයි. කාන්තාවන් දහස් ගණනක් යොදා ගනිමින්...

අඹූසැමි සම්බන්ධතාවලට වයස ප්‍රශ්නයක් නොවේ

ප්‍රශ්නය : මම දහනව හැවිරිදි කාන්තාවක්මි. වසරක පමණ කාලයක සිට පෙම්වතෙකු ඇසූරු කරන අතර ඔහූගේ වයස අවූරුදු තිස් හතරකි. අපගේ වයස්...

අසභ්‍ය වීඩියෝ ලෝකයේ ජපානය හැමදාම ඉස්සරහින් ඉන්නේ ඇයි?

අසභ්‍ය වීඩියෝ වලට ඉංගිරිසි බසින් පෝන් කියලා කියනවා. පෝන් කියන්නේ ඇමරිකාවේ කලකදි හොඳ බිස්නස් එකක් වුනා. ඒත් 2013 වගේ කාලේ ඉඳලා...

බිරිඳ වෙන කෙනෙකුට දීලා සතුටුවෙන සැමියෙක්

මගේ සැමියාට ආශාවක් තියෙනවා මා වෙනත් කෙනෙකු සමග ලිංගිකව හැසිරෙන අයුරු බලාගන ඉන්න. එයින් තමයි ඔහු ලිංගිකව තෘප්තිමත් වුණේ. සමහර වෙලාවට...

සැමියා නිරෝගී බව වෛද්‍ය පරක්ෂණයෙන් හෙළිවූණා-ඒත් මට දරු පිළිසිඳ ගැනීමක් නැත්තෙ ඇයි?

ප්‍රශ්නය : මගේ වයස අවූරුදු විසි අටකි. සැමියාගේ වයස ද අවූරුදු විසි අටකි. එහෙත් අපට තවමත් දරු සූරතල් බැලීමට අවස්ථාව උදා...

තවත් ඉවසුවා නම් අපි දෙන්නා දෙතැනක

යුවළක් විවාහ වුණාට පස්සේ ජීවිතය පවත්වාගෙන යාමේ වෙනසක් අවශ්‍යයි. මම  උසස් විද්‍යාලයක ඉගෙන ගත් ශිෂ්‍යාවක්.  මට වයස 23ක් පමණ වන විට...