සාර්ථක ඩිම්බ මෝචනයක් ඇත්නම් දරුවකු පිළිසිඳ ගන්නවා
වෛද්‍යතුමනි, මම තිස්තුන් වියැති කාන්තාවක්මි. විවාහ වී වසර 7 කි. අපට තවම දරුවන් නොමැත. මගේ සැමියාගේ ධාතු පරීක්ෂණයක් කළ විට සරු ධාතු නැති නිසා අප දෙදෙනාගේම කැමැත්ත ඇතිව වෙනත් අයකුගේ ශුක්‍රාණූ මගේ ගර්භාෂයේ පහළොස් වතාවක් තැන්පත් කළ අතර එය හරි ගියේ නැත. මගේ ඔසප් චක්‍රය අක්‍රමවත්ය. ඖෂධ ගත්විට ක්‍රමවත්ව සිදුවේ. වෛද්‍යවරයෙකුට පෙන්නූ අතර පරීක්ෂණයක්ද කළ අතර එහිද කිසිම දෝෂයක් නැත. මාස් ශුද්ධිය සෑදී දින 21 න් හෝමෝන පරීක්ෂණයක් කළ විට (ප්‍රොජෙස්ටරෝන් පරක්ෂණය) හොමෝන (ප්‍රොජෙස්ටරෝන්) අඩූය. ඒ සෑම තැන්පත් කිරීමක්ම කළේ ඉන්ජෙක්සන්, හෝ ඖෂධ ලබාදී ස්කෑන් පරක්ෂණ ද කිරමෙන් අනතුරුවය. වෛද්‍යතුමනි පහළොස් වතාවක්ම ශුක්‍රානූ තැන්පත් කිරීමෙන් දරු පිළිසිඳ ගැනීමක් ඇති නොවන්නේ ඇයි? අපි මානසිකව මහත් පීඩාවකින් සිටිමූ.
කාන්තාවකට දරු ඵල අහිිමි කරවන ආකාරයට අදාල කාන්තාවගේ සැමියාගේ ශූක්‍රාණූ තුළ සරු බීජ නැති බවට පරීක්ෂණ මගින් ඔප්පූ වූ විට එම කාන්තාවට දරු ගැබක් ඇති කර ගැනීමට ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. පළමූ අවස්ථාවට නම් සැමියාගේ වෘෂණ කෝෂ තුළ ශුක්‍රාණූ තුළින් සරු බීජ ඉවතට ගෙන ඒවා ස්ත්‍රි බීජ සමග පිටතදී සංසේචනය කර කාන්තාවගේ ගර්භාෂයේ තැන්පත් කිරීම. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර එය තරමක වියදම් අධික ක්‍රියාවලියක්ද වෙයි. මෙවැනි පරීක්ෂණ ශ්‍රී ලංකාවේ වෛද්‍ය පරක්ෂණාගාර තුළ සිදු කෙරුණත් ඒවායේ සාර්ථකත්වය තරමක් අඩූයි.
දෙවන පියවරවන්නේ වෙනත් පූරුෂයකුගෙන් ශූක්‍රාණූ ලබාගෙන තැන්පත් කිරීම. මෙහිදී අදාල කාන්තාවට ඩිම්බ මේරීම සඳහා එන්නත් හා පෙති වර්ගද ලබාදෙනවා. ඒ අනූව ස්කැන් පරීක්ෂණ මගින් ඩිම්බ මේරම පිළිබඳව සොයා බලා ඒවා මූදා හැරීමෙන් එන්නත් ලබා දෙනවා. ඉන් පැය 37 - 42 වැනි කාලය තුළ අප ඉහත සාකච්ඡා කළ ආකාරයට වෙනත් පූරුෂයෙකුගේ ශුක්‍රාණූ වෛද්‍ය පරීක්ෂණගාරයක් තුළදී කාන්තාවගේ යෝනි මාර්ගය තුළින් ගර්භාෂයේ තැන්පත් කිරීම සිදු කරනවා. මෙම ක්‍රමය තුළින්ද සියයට 20 - 30 වැනි සාර්ථක ප්‍රතිපල ලබා ගත හැකියි. මෙැනි කළලයක් ඇතිවීම ඩිම්බ මේරීම හා පිට කිරීම මතම සිදු විය යූතු වෙයි.
ඔබ පවසන ආකාරයට ඔබේ ප්‍රොජෙස්ටරෝන් පරීක්ෂණයේදි පැහැදිලි වී ඇත්තේ ඩිම්බ මූදා හැරීම සිදු වී නොමැති බවයි. එවන් අවස්ථාවල දරු ගැබක් හට ගැනීමද අපහසූයි. ඒ නිසා ඔබව පරක්ෂා කළ වෛද්‍යවරයා සමග යළිත් සාකච්ඡා කොට ඔබගේ ඩිම්බ මේරීම සඳහා වඩාත් සූදුසූ වෛද්‍ය ප්‍රතිකාරයකට යොමූවීම වැදගත්. එමෙන්ම ඔබේ ශරරයේ සාර්ථක ඩිම්බ මේරීමකට අවශ්‍ය හෝමෝනවල ගැටලු සහගත තත්ත්වයක් තිබේද යන්න පිළිබඳව දැන ගැනීමට පරීක්ෂණයකට යොමූවෙන්න.
ඔබ කලබල වියයූතු නැහැ දෑනට කරනූ ලබන ප්‍රතිකාර වෙතොත් ඒවා ද කරමින් දරු සම්පතක් ලබා ගැනීමට ක්‍රියාකාරවන්න. මන්ද ඔබ වැනි අයට පිහිට වීම සඳහා ශ්‍රී ලංකාවේ විශේෂිත පරක්ෂණාගාර පිහිටූවා තිබෙනවා. ඒ නිසා ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ඒ වෙත යොමූ වන්න.
-------------------------------------------------------------------------------------------------------------------
මගේ වයස අවූරුදු විසි පහකි. විවාහයෙන් පසූ ඇතිවූ පළමූ දරුවා ඉපදී මාස හතෙන් මිය ගියා. ඉන්පසූ මාහට තවමත් දරු සම්පතක් ඇතිවූයෙ නැත. දෑනට වසර දෙකක පමණ කාලයක සිට මගේ ඔසප් චක්‍රය ද අක්‍රමවත්ය. එනම් මාස දෙක තුනක් නැවතී තිබී යළි ඔසප් වීම සිදුවූ පසූ එය සූළු වශයෙන් ලේ වහනය වෙමින් මාසයක් එකහමාරක් පමණ කාලයක් පවතියි. මේ සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකු හමූවී ප්‍රතිකාර ලබා ගත්තෙමි. එහිදී මූලින්ම ඔසප්චක්‍රය ක්‍රමවත්වීමටත් (මාස තුනක්) ඉතිරි මාස තුන දරුවකු පිළිසිඳ ගැනීමට අවශ්‍ය ඖෂධ ද ලබා ගත්තෙමි. මා ඖෂධ ලබාගත් කාලය තුළදී එනම් මූල් මාස තුනේදි ඔසප් වීම ක්‍රමවත්ව සිදුවිය. එහෙත් ප්‍රතිකාර නැවැත්වූ පසූ යළිත් පැරණි ක්‍රමයට මාස දෙක තුනක් ප්‍රමාද වී ඔසප් වීම සිදු වෙයි.
වෛද්‍ය පරක්ෂණයකින් පසූ සැමියා නිරෝගි අයකු බවද ඔප්පූ විය.
1. වෛද්‍යතුමනි ඔසප්වීම මාස දෙකක් පමණ ප්‍රමාද වන්නේ ඇයි?
2. දරුවෙකු ලබා ගැනීම සඳහා මා කුමක් කළ යූතුද?
ඔබට එක් දරුවෙකු ලැබීමෙන් පෙනී යන්නේ ඔබත් ඔබේ සැමියාත් නිරෝගි හා දරු සම්පත් හිමි මාපියන් බවයි. ඔබ ප්‍රතිකාර ලබාගත යූත්තේ ඔසප් චක්‍රය ක්‍රමවත් කර ගැනීමටයි. දෑනටමත් එය නිසි ලෙස සිදු කරගන්නේ යැයි අපි විශ්වාස කරන්නෙමූ. සාර්ථක ලෙස ඩිම්බ මෝචනය සිදුවන්නේ නම් ඔබට දරුවෙකු ලබා ගත හැකියි. මන්ද ඩිම්බ නොමැතිව කළල ඇති නොවෙයි. ඩිම්බ මෝචනය වේද ඒවා සරුද යන්න සොයා බලා ඊට පිළියම් යෙදිය යූතුය. ඩිම්බ මෝචනය යම්කිසිි හේතුවක් නිසා සිදු නොවේනම් එය ඇති කර ගැනීමට ඖෂධ භාවිත කිරමට සිදුවෙයි. මෙහිදී ස්කෑන් පරක්ෂණයක් මගින් ඩිම්බ පරක්ෂා කරගත හැකියි. මේ පරක්ෂණය සෑම මසකම සිදුකරගත යූතු වෙයි. ඇතැම් විට ඔබේ ඩිම්බ නාලවල යම්කිසි අවහිරතාවක් නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද කරනවා වීමට ද පූළුවන. ඒ නිසා ඔසප් චක්‍රය ක්‍රමවත් කරගැනීිමටත් ඩිම්බ මේරමටත් ප්‍රතිකාර ලබාගන්න. විශේෂයෙන්ම සිත සන්සූන්ව තබාගෙන ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතිඵල ඉක්මන් කිරමට හේතු සාධකයක් විය හැකියි.
-------------------------------------------------------------------------------------------------------------------
වෛද්‍යතුමනි මම විසි හැවිරිදි අවිවාහක තරුණියක් මි. මගේ ගැටළුව නම් කන්‍යා පටලය නමැති ඒ සිවිය කිනම් පැහැයක් ගන්නේද යන්නයි. එමෙන්ම යම්කිසි කාන්තාවකට කන්‍යා පටලය පිහිටා තිබේද නැද්ද යන්න දෑන ගන්නේ කෙසේද? මා වැඩිවිියට පත්වූ පසූ ස්වයං වින්ඳනයේ යෙදුන අතර එහිදි යෝනිමාර්ගයට යමක් ඇතුල් කළෙමි. එහිදී ලේ පිටවීමක් සිදුවූයේ නැත. ඉන්පසූ මා ස්වයං වින්ඳනයේ නොයෙදෙන්නෙමි. මා කන්‍යා භාවය සිඳගත් කාන්තාවක්ද යන්න පැහැදිලි කර දෙන්න.
ස්වයං වින්ඳනය ශරීරයට අයපත් දෙයක් නොවේ. එහෙත් ඔබ පවසන ආකාරයට යෝනියට යමක් අතුල් කිරීමෙන් කන්‍යා පටලයට හානි සිදුවීමට පූළුවන්. ලේ පිට වූවා හෝ නැතැයි යන්නෙ කන්‍යා භාවයට හානි සිදුවී නැතැයි පැවසිය නොහැක. ඒ බව කිව හැක්කේ පරීක්ෂණයක් මගින් පමණි. කන්‍යාපටලය හා ඒ අවට පටල සාමාන්‍ය සූදු පැහැයකින් යූක්තය. මේ බව දැන ගත හැක්කේද පරීක්ෂණයක් මගින් පමණි.
රාගම උතුරු කොළඹ මහ රෝහලේ ප්‍රසව හා කාන්තා රෝග විශේෂඥ වෛද්‍ය සූනිල් ප්‍රනාන්දු