සමාජයෙන් ඈතට විසිවූණූ එකගෙයි දීගය
දිගු ඉතිහාසයකට නෑකම් කියන එකගෙයි දීගය පිළිබඳව අපට හෙළි කරන්නේ රාජාවලියයි. ක්‍රිස්තු පූර්ව දෙවන සියවස දක්වා දිවෙන ඉතිහාසයක් එකගෙයි දීගය පිළිබඳව එයින් පෙන්නූම් කරයි. කැළණිතිස්ස රජූගේ බාල සොහොයූරා රජ බිසව සමග සංවාසයේ යෙදුනූ බව එහි සඳහන් වේ. දෙදෙනා විසින්ම එක් බිරිඳක් සේවනය කළ බව ද මනාව අඟවා ඇත. එකළ එකගෙයි දීගය සාමාන්‍ය විවාහ රීතියක්ව පැවති බව එම ග්‍රන්ථයේ සඳහන් වේ. ක්‍රි.ව. 1500 සිට 1600 දක්වා මෙම දීග පිළිවෙත හෙළිදිව වඩාත් ප්‍රචලිතව පැවති බව ද රාජාවලිය වැඩි දුරටත් කරුණූ කියාපායි.
රාජාවලියේ මේ ගැන සඳහන් වන ජේදයක් මෙසේය. "මේ විජයබාහූ රජ එකගෙයි කන අවදියට වැදූ කුමාරයන් තුන් දෙනාම, ධර්ම පරාක්‍රමබාහූ රජූගේ ශ්‍රී රාජසිංහ රජ්ජූරුවන් හා විජේබාහූ රජ්ජූරුවන් දෙන්නා එක දෝලියට පැමිණ උන්නයි දත යූතු."
17 වන සියවසේදී අප රටෙි ජන ජීවිතය අලලා රොබටි නොක්ස් ලියූ ග්‍රන්ථයෙහි එකගෙයි දීගය ගැන සඳහන් වනූයේ මේ ආකාරයටය. "ලංකාවේ නායකයා වන රජූටත් සිටින්නේ එක බිරිඳකි. එහෙත් එහි ගැහැනියකට පූරුෂයන් දෙදෙනෙකු සිටීම ස්වභාවිකය."අද මෙන් එදා අනාචාරයේ හැසිරීම පිළිබඳව කිසිම චෝදනාවක් නොවන නිසා පූරුෂයන් දෙතුන් දෙනා සමග පවූල් කෑම එළිපිටම සිදුවිය.
ක්‍රි. ව. 1658 දී පෘතුගීසි ලේඛකයෙකු වන රිබෙයිරෝ මහතා එකල ලංකාවේ පැවති එකගෙයි දීගය ගැන පවසා ඇත්තේ මෙසේය. විවාහයට තරුණියක් තෝරාගත් පසූ මනමාලයාගේ සොහොයූරා විසින් ඇය කැඳවාගෙන යයි. පවූලේ සොහොයූරන් සත් දෙනකු සිටීනම් ඇය සත් දෙනාගේම බිරිය ලෙස හැසිරෙයි. එම පවූලේ සත් දෙනෙකුට වැඩි සොහොයූරන් පිරිසක් සිටී නම් වැඩි සොහොයූරන් වෙනූවෙන් වෙනම බිරිඳක් කැඳවා ගෙන ඒමද සිරිතක්ව පැවතුනි. සොහොයූරන් සත් දෙනෙකුට බිරිය වූ තැනැත්තිය දිවා කාලයේදී පැමිණෙන අය සතුටූ කිරීම ඇය වෙසෙසින් වග බලාගත යූතු වන්නේය. මෙම සිරිත සඳහන් කර ඇත්තේ ද හාස්‍යජනක අයූරිනි. සොහොයූරන් සත්දෙනාම වැඩිවූ පිරිස විසින් කැඳවාගෙන ආ තැනැත්තිය සමග මූල සොහොයූරන් සත්දෙනාට එකට ඉඳීම තහනම් විය. එය එසේ වූව ද බාල සොහොයූරාට අන් සොහොයූරන් සඳහා ගෙනා භාර්යාවන් සියලූ දෙනා සමගද රමණය කිරීමට හැකිකම තිබිණි.
ඊර්ෂ්‍යාවෙන් තොරව සොහොයූරන් රැසකට එකම වහලක් යට එකම කාන්තාවක් බිරිය කරගෙන සිටීම පිළිවෙතක් ලෙස එදා නොගැනිනි. නමූත් සැමියන් බොහෝ ගණනකට බිරිය වන ගැහැණිය භාග්‍යවන්තියක් ලෙස ද හඳුන්වනූ ලැබිණි. ඇය විසින් හැම දෙනාගේම ආදරය ලැබීමේ හේතුවෙන් ඔවූහූ ඇයට අවශ්‍ය සියලූ දේ සපයා දීමටත් ඉදිරිපත් වූහ. කන්ද උඩරැටියන් අතරින් මනා ලෙස ස්ථාවරව ආරම්භ වූ එකගෙයි දීග කෑම පෘතුගීසි යූගයේදී මූහූදු කරේ ධීවර ගම්මානවලද පැතිරී ව්‍යාප්ත වූ බවට සාධකද වෙයි. ධන සම්පත් බෙදීයාම වළක්වා ගැනීමත් එහි එක් ක්‍රියාදාමයක් විය.
ඉංග්‍රීසි ජාතික ඩේවි එකගෙයි දීග කෑමේ සිරිත ගැන පරීකෂණ පැවැත්වූ වියතෙකි. ඔහූ පවසන අන්දමට හවූල්වී පවූල් කන කිසිම පිරිමියෙකු තම හවූලේ දීගයක් කන බවට කිසිවෙකුට නොදන්වන බව ද ඔහූ කියන්නේ එක ගෙයි රක්ෂා වෙන බවය. බිරිඳගේ පිළිතුර වනූයේ මා ඒ තුන් - හතර දෙනාටම කෑම උයා පිහා දෙනවා යන්නය. මෙවැනි බහූ පූරුෂ සේවනයෙන් ලැබෙන දරුවන්ට ස්ථීර වශයෙන්ම පියෙකු නැතිවීම මෙහි වෙසෙස් ලකුණක් වන අතර දරුවන් මවගේ ස්වාමි පූරුෂයන් හඳුන්වනූ ලබන්නේ අප්පච්චි, බාල අප්පච්චි. කුඩප්පච්චි යනූවෙනි.
එක ගෙයි දීගයක් නිසා ලද දරුවෙකු නියම පියා නිශ්චය කර ගැනීම සඳහා අධිකරණයේ පිළිසරණ පැතූ අවස්ථාද වෙයි. දැනූදු ගම්බදව එකගෙයි දීගය නැතුවා නොවේ. නමූත් මෙම ක්‍රියා මාර්ගය කාලයාගේ ඇවෑමෙන් අද නූතන සමාජයට පිළිකුළක් ඇති කරයි. එදා ජන සමාජය මූල් බැසගත් රීතියක්ව පැවතුනේ බත්පත හා කාමාශාව සංසිඳුවා ගැනීමත්ය. ආලය ආදරය ප්‍රේමය ඔහූට විෂයගෝචර නොවීය. අද සමාජය දෙස විමර්ශනාත්මකව බැලීමෙන් එම රීතිය ඉඳුරාම වෙනස්වී ඇති බව සිතාගත හැකිය. අද ආලය ආදරය ජීවිතයේ අංගයක් බවට පත්ව ඇත. ඊර්ෂ්‍යාව ක්‍රෝධය ඇතිවනූයේ ආලය ආදරය ඇති තැන යයි ගමේ ගොඩේ පවතින කතාවකි. සමාජ විපර්යාසයන් ඉදිරියේ ඒ පිළිබඳව විමසා බැලීම වැදගත්.