පෝරුව ගැන මේ චාරිත්‍ර 10 දන්නවාද?
මංගල පෝරුව මංගල උත්සවයක වැදගත්ම අංගයක් වෙනවා. එහෙත් පෝරුව යනු ආවාට ගියාට තැනිය යුත්තක් නම් නොවේ. එම නිසා පෝරුවක් තැනීමට පෙර පහත කරුණු ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි.
- නැකැත් සාදනු ලබන ජේයාතිවේදියාගෙන්, පෝරු නැකැතට සුබ මනාලියගේ ඇඳුමේ වර්ණය දැනගත යුතුය.
- මඟුල් පෝරුවක් සාදන පිරිසට එම නිවැසියන් විසින් ගිතෙල් මිශ්‍ර කිරිබතින් ද, බුලතින්ද සංග්‍රහ කළ යුතුයි.
- වෙනත් යුවළකට භාවිත කළ පෝරුවක් භාවිතයට ගනී නම් පෝරුව මත කිරි සහිත ගසකින් ගත් ලෑල්ලක් සවිකර ඒමතට නැඟිය යුතුය.
- පෝරුව සාදා එහි චාරිත්‍ර ඉටුවන තුරුම පෝරුව තනි නොකළ යුතුය.
- මඟුල් පෝරුවට නඟින මනාලිය කන්‍යාභාවයකින් යුත් තැනැත්තියක විය යුතුය. (එසේ නොවේ නම් වස් ෙදාස් මතු වෙයි.)
- මඟුල් පෝරු ස්තෝත්‍ර, අෂ්ටක, ගාථා කීම සඳහා පළපුරුදු ශක්තිමත් ගුණවත් සත්පුරුෂ සැදැහැවත් විවාහක පුද්ගලයකු තෝරාගත යුතුයි.
- පෝරුව අසල ඇති පහන් දල්වා, මනාලිය පෝරුවේ වම්පසින්ද, මනාලයා පෝරුවේ දකුණු පැත්තෙන්ද, නැකැත් ආසන්නයේදී පෝරුවට ළංව සිටිය යුතුයි.
- මනාලියගේ ඇවැස්ස මාමා කෙනකුද, මනාලයාගේ මාමා කෙනකුද එකතුව දෙපළ පෝරුවට නැඟිය යුතුය. (දෙපාර්ශ්වයේ පියවරු වුවද කම් නැත.)
- නිවෙසේ ගිනිකතුරු පාදයද පරික දණ්ඩයද බලා එයට අසු නොවන තැනක පෝරුව තිබිය යුතුයි.
- රවි, චන්ද්‍ර මුල්කරගත් සුබ මුහුර්තයක් ඒ සඳහා යොදාගන්නා බැවින් පෙර දින සිට දෙපළ මස් මාංසයෙන් වැළකිය යුතුය.
ප්‍රවීණ ජේයාතිෂවේදී ගාමිණී මාරඹ
උපුටා ගැනීම මව්බිම
පෝරුවේ චාරිත්‍ර අවසන් වීමට පැය භාගයකට පෙර ඡායාරූප ගැනීම අවසන් කරන්න.ජීවිතයේ සොඳුරුතම අවස්ථා සදා මතකයේ රඳවා ගනිමින් මතක පිටු අතරට එක්...
අපේ ජීවිතයේදී ආහාර පානවලට ප්‍රධාන තැනක් ලැඛෙනවා. ආහාර ගැනීම අභිමානයකින් යුතුව කළ යුත්තක්. කිසිම විදියකින් එය අවමානයටවත් හීනමානයකටවත් හේතුවක් කර නොගත...
අද තරුණ දූවරුන්ට නොලැබෙනම අධ්‍යාපනය තමයි “විධිමත් ලිංගික අධ්‍යාපන” දැනුම. ඒ නිසාම ඒ අය බොහෝ විපත්වලට ඇදවැටෙනවා. අද අපේ මාතෘකාව එවන්...
නැන්දම්මා දේවදත් යක්ෂණියක්ද, දේව මාතාවක්ද, දෙදෙනා බන්ධනාගාර ගත වෙයි දැයි කියා බලපාන ග්‍රහ තත්ත්වයන් විමසමු. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ කායික වූත් මානසික...
ලේ ඥාති විවාහය හොඳ නැති බව වෛද්‍ය විද්‍යාවෙන් පෙන්වා දුන්නද තවමත් අප රටේ ලේ ඥාති විවාහයන් සිදුවෙනවා. ලේ ඥාති විවාහයට තහංචි වැටී...
අහලා තියෙනවද “ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස්” කියලා එකක්? සමහරු අහලා ඇති. අහලා නැති අයට කියලා දෙනවනම්, ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් කියන්නේ අපිත් එක්ක...