වර්තමානයේ යුවතියන්ගේ විවාහය පහුවෙලාද?
අද සමාජය දෙස බලන විට රැකියාවක නිරත හෝ උසස් අධ්‍යාපනය ලබන යුවතියන්ගේ ප්‍රමාණය වැඩි බවක් පෙනෙන්නට තිඛෙයි. මෙහිදී ඇතිවන ගැටලුවක් වන්නේ කාන්තාවන්ගේ විවාහ වන වයස ඉහළ ගිහිං තිබීමයි. අද වන විට ස්‌ත්‍රින්ගේ මෙන්ම පුරුෂයින්ගේ ද විවාහ වීමේ වයස ඉහළ ගිහිං තිඛෙනවා. නමුත් මේ ගැටලුව ගොඩ නැගී තිඛෙන්නේ කාන්තාව කේන්ද්‍ර කරගනිමින්. එයට හේතුවක් තිඛෙනවා. කාන්තාවගේ විවාහය ප්‍රමාදවීම ජීව විද්‍යාත්මකව හා සාමාජීය වශයෙන් ගැටලු ඇති කරනවා. අද වන විට කාන්තාවගේ විවාහ වන වයස අවුරුදු 27-28 පමණ බවට පත් වී තිඛෙනවා.
ගැහැනු දරුවෙක් ලිංගික වශයෙන් පරිණතභාවයට පත්වන්නේ සාමාන්‍ය වයස අනුව බැලුවොත් ඇයට අවුරුදු 12-13 දී පමණ. ඇය විවාහයට සුදුසු ලෙස සැලකෙන්නේ තවත් අවුරුදු 10-12 ක් පමණ ගත වූ විටයි. සාම්ප්‍රදායිකව අවුරුදු 16 ක් ගත වූ ස්‌ත්‍රියක් විවාහයට සුදුසුයි කියලා සැලකෙනවා. මෙය කාලයෙන් කාලයට, සමාජය සංකීර්ණවන විට මේ මතවාද වෙනස් වෙනවා.
අද වන විට විවාහය ස්‌ත්‍රි, පුරුෂ දෙපාර්ශවයට ම අභියෝගයක්. විවාහය සමග තිඛෙන ඇගයීම් ගැන බැලුවොත්, පවුල් ජීවිතයකට අවශ්‍ය පදනම සකස් කරගන්න යම් කාලසීමාවක් ගත වෙනවා. අද අවුරුදු 20-21 වෙන තෙක් දරුවන් පාසල් අධ්‍යාපනය ලබනවා. ඉන් පස්‌සේ උසස් හෝ වෘත්තීය අධ්‍යාපනයකට සම්බන්ධ වුණොත් තවත් අවුරුදු 4-5 ක් ඉගෙන ගන්නවා. දැනට මිනිසා ජීවත්වන වයස් ප්‍රමාණයත් එක්‌ක බැලුවාම එයින් 1/3 ක් අපි අධ්‍යාපනයට වැය කරනවා. අපි කිව්වා විවාහය ප්‍රමාදවීමත් සමඟ ජීව විද්‍යාත්මක ගැටලු ඇති වෙනවා කියලා. ස්‌ත්‍රියගේ සාඵල්‍යතාවය, එනම් දරුවන් ලැබීමේ හැකියාව වයස් ගත වනවිට අඩු වෙමින් යනවා. අවුරුදු 30-35 පමණ වන විට මෙය බොහෝ සෙයින් අඩු මට්‌ටමකට පත්වෙනවා. ස්‌ත්‍රියගේ කුසින් තමයි දරුවෙක් මෙලොවට බිහි වෙන්නේ. කාන්තාවක් ලඅම්මාල කෙනෙක් වෙනවා කවදා හරි. මේ තත්ත්වය ගැන හිතන විට කාන්තාවකගේ විවාහය ප්‍රමාදවීම හොඳ දෙයක් විදිහට අපට දකින්න බෑ. අද වන විට නිර්දාරක බව (දරුවන් නැතිකම) බරපතල ප්‍රශ්නයක් බවට පත්වී තිඛෙනවා. ඒ සමඟම වානිජමය පසුබිමක්‌ද ගොඩ නැගී තිඛෙන බව පුවත්පත් බැලීමේදී පෙනෙනවා. දරු ඵල ප්‍රමාද අයට සුවය දෙන බව කියමින් විවිධ වූ දැන්වීම් පළ කර තිඛෙනවා. මෙවැනි රටාවක් ගොඩනැගෙන්නටත් හේතුව මේ විවාහ ප්‍රමාද වීමයි.
අභිචාරාත්මක පැත්තෙන් යාග, පුද පුජා ආදිය පැවැත්වීමත්, වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන්, ඖෂධමය පැත්තෙන් වෙළඳ රටාවක් ගොඩ නැගී තිබීම තුළින් පැහැදිලි වෙනවා මේ කියන කතාවේ සම්බන්ධතාව. ඒ කියන්නේ විවාහ වීමේ වයස ඉහළට යනකොට දරුවකු පිළිසිඳ ගැනීමේ හෝ දරුවකු බිහිකිරීමේ හැකියාව දෙපාර්ශවයේ ම පහත බසිනවා.
කාන්තාවකගේ ප්‍රජනන පද්ධතිය සැකසී තිඛෙන්නේ දරුවකු පිළිසිඳ ගැනීම සඳහායි. වැඩිවිය පත් වූ දා සිට මාස් පතා දරුවකු පිළිසිඳ ගැනීමට ප්‍රජනන පද්ධතිය සූදානම් වෙනවා. මේ විදියට චක්‍රියව අවුරුදු 15 ක් පමණ සිදු වූ විට ස්‌වභාවිකවම මේ සූදානම අඩු වී යනවා. එය තමයි ජීව විද්‍යාත්මකව විවාහය ප්‍රමාද වීමේ ගැටලුව. එනම් විවාහය ප්‍රමාද වීමෙන් දරුවන් ලැබීමේ හැකියාව අඩු වෙනවා. ඒ හැරුණාම සමාජ විද්‍යාත්මක හේතුන් තියෙනවා. ප්‍රධාන කාරණයක් විදිහට කාන්තාවන් උසස් අධ්‍යාපනයට යොමු වීම දක්‌වන්න පුළුවන්. කාන්තාවන්ගේ සමාජ ඇගයීම් ගැන සලකා බැලුවොත්, ඔවුන්ට අමතර වටිනාකමක් එකතුවෙනවා අධ්‍යාපනය තුළින්. අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හා වෘත්තීය කියන කාරණා මත කාන්තාවගේ විවාහය පමා වීම සිදු වී තිඛෙනවා. ඒ කියන්නේ ඉහත හේතූන් මත දරුවකු බිහි කිරීම කාන්තාවන් ප්‍රමාද කරලා එය වුවමනාවෙන් ප්‍රමාද කරන තත්ත්වයට පත්වෙලා තියෙනවා.
තවත් කාරණයක් තමයි තමන් විවාහ වීමට යන පුරුෂයා, අවශ්‍ය සියලු දේ සූදානම් කරගන්නා තුරු ස්‌ත්‍රියට බලාගෙන සිටීමට සිදුවෙලා. එහිදි කාන්තාව සූදානම් වුවත් පුරුෂයා සූදානම් නෑ. ගෙයක් හදලා, වාහනයක් අරගෙන මේ සියල්ල සම්පූර්ණ කරගෙන විවාහ වීමටයි ඔහු බලාගෙන ඉන්නේ. තවත් කාරණාවක් තියෙනවා. විවාහයට පෙර යුවළක් අතර ඇතිවන සම්බන්ධතා විවාහය දුරස් කරනවා. මෙවැනි ස්‌ත්‍රි පුරුෂ දෙපාර්ශවයටම විවාහයට වුවමනාවක් නෑ. පසුගිය කාලයේදී යුද්ධය ආශ්‍රිතවයි රැකියා බිහි වුණේ මේ නිසා ගැටලු තිබුණා. තරුණයන්ගේ හිඟකමක් තිබුණා. ආබාධිත තත්ත්වය, විවාහය සම්බන්ධ සීමා වගේ දේ නිසා විවාහ වීමට සිටින යුවතියන්ගේ ප්‍රතිශතය වැඩියි තරුණයන්ට වඩා. මෙයත් ගැටලුවක්. තවත් කාරණයක් තමයි ජනප්‍රිය සංස්‌කෘතියත් සමග ඇති තේරීම. මේ තේරීම නිසා තව දුරටත් විවාහය කල් යනවා. විවාහ වූ අය අතර ඇති නොගැලපීම්, දික්‌කසාද , රණ්‌ඩු වැනි දේ දකින අය තුළ විවාහයට පසුගාමී බවක්‌ද ඇතිවෙනවා.
උපුටා ගැනීම නවලිය