රෑ යාමේ මංගලසාද හිරු බැස ගිය සඳ කුමන සුබ නැකැත් ද?
විවාහ මංගල උත්සවයකදී නැකැත්, චාරිත්‍ර වරිත්‍ර සඳහා හිමිවන්නේ, වැදගත් ස්ථානයකි, විවාහයට පෙර හඳහන්, පොරොන්දම් බැලීමේ සිට මංගල ඇඳුම් පැලැඳුම් ඇන්දවීම, විවාහ වීම, පෝරුමස්ටිකාරූඪ වීම. අතපැන් වත්කිරිම, මුදු මාරු කිරීම, පෝරුවෙන් බැසීම, නිවෙසින් පිටවීම දක්වාම නියමාකාර ලෙස නැකැත් අනුව වැඩ කටයුතු ඉෂ්ඨ සිද්ධ කිරිමට බොහෝ විට සිංහල බෞද්ධයින් පෙරමුණ ගත්තේ අද ඊයේ සිට නොවේ. එකී සුබ මුහුර්ත මංගල කටයුතු බොහෝ විට යෙදුණේ දවසේ අව පක්ෂයට (හිරු අවරට යාමට) පෙරාතුවයි. එහෙත් වර්තමානයේ කාර්යබහුල ජිවිතයක් ගෙවන නිසාදෝ බොහෝ විවාහ මංගල උලෙළ චාරිත්‍ර වාරිත්‍ර දවසේ අව පක්ෂයේ දී එනම් රාත්‍රී කාලයේ දී ඉටුකිරිමට යුහුසුළු වෙන අයුරු අපට අසන්නට දකින්නට ලැබේ. සැබැවින්ම රාත්‍රී කාලයේ මංගල උළෙල පැවැත්වීම පෝරු මස්ථකාරුඪ වීම, චාරිත්‍රවාරිත්‍ර ඉටුකිරීම යහපත් ද ? එසේ කිරීම මංගල යුවලකට සුදුසු ද ? යන්න විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.
සාමාන්‍යයෙන් සුබ නැකැත් ගත්විට අවුරුද්ද පුරාවටම හිරුපානය සම්මත වේලාව අනුව සුබ දිනයන් වල නැකැත් යෙදෙනවා. ඉරපායන සම්මත වේලාව විදිහට උදේ 6.00 ලෙස අපි සැලකුවත් ඒ ඒ ප්‍රදේශ අනුව, උදාහරණ කොළඹ, මහනුවර ගත්තහම අක්ශාංෂ සහ දේශාංෂ අනුව යම් යම් වෙනස්කම් තිඛෙනවා. නමුත් අලුයම ඉර පෑයූ මොහොතේ පටන් පෙරවරුවේ යෙදෙන නැකැත්වල විශාල ප්‍රාණවත් බවක් තිඛෙනවා. මේ නිසා විවාහ මංගල නැකැත් කටයුතු බොහෝ විට උදෑසන යෙදෙනවා. අපේ ජීවිතයේ සුබ පක්ෂයක් වගේම අව පක්ෂයක් ද තිඛෙනවා. බොහෝ විට දහවල් දොලෙහෙන් පසුව අපි සලකන්නේ දවසේ අව පක්ෂය හැටියයටයි. එහෙමත් නැතිනම් අපරභාග හැටියටයි. අවපක්ෂයේ දී සැකසෙන නැකැත් වේලාවන් තුළ එතරම් ප්‍රාණවත් බවක්, සුබ මුහුර්තයක් දක්නට ලැඛෙන්නේ නැහැ. නමුත් අද බොහෝ දෙනෙක් මේ කාරණා පිලිබඳව එතරම් සැලැකිල්ලක් නොදක්වන බව පෙනෙන්නට තිඛෙන පැහැදිලි කරුණක්. විශේෂයෙන්ම, මංගල උළෙලක් ගත්තොත් අද බොහෝ දෙනෙක් කරන්නේ තමන්ගේ පහසුව තකා නැකැත් චාරිත්‍ර වාරිත්‍ර ඉටුකර ගැනීමට වේලාවන් යොදා ගැනීමයි. අපේ පැරැන්නන් හැම සුබ කටයුත්තක්ම ආරම්භ කළේ උදෑසන යෙදෙන නැකැත්වලට අනුකූලවයි. එයින් ඔවුන් සුබ ප්‍රතිඵල අත්වින්දා? උදාහරනයක් ගනිමු. අපේ පැරැන්නෝ පසළොස්වක දාට කවදාවත් වී වපුරන්නේ නැහැ. එසේ වැපුරුවොත් ඒවා බොල්වෙනවා. ඒ වගේම ගස් කපන්නෙත් නැහැ. පසළොස්වකදාට හඳඑලියේ කොස් වගේ ගහක් කැපුවොත් එයට ගුල්ලෝ ගහනවා. මේ වගේ පැරණි ෙඡ්‍යොතිෂ විශ්වාස අපි අතරේ අදටත් තිඛෙනවා. සඳ ඇති කාලයට වඩදිය බාදිය ගලනවා. මිනිසුන්ගේ මානසික තත්ත්වයන් වෙනස් වෙනවා. ඒ වගේ ඉර හඳ තාරකාවල යම් කිසි ග්‍රහ ආකර්ෂණයක් බලපෑමක් මිනිසා එදිනෙදා කටයුතුත් ජිවිතය සමගත් බැඳී පවතිනවා.
මංගල උත්සවයක් කියන්නේ අපේ ජීවිතයේ දෙවැනි ඉපදීමක් විදිහයටයි ජෝයතිෂයේ සලකන්නේ අද මංගල උළෙල සදහා දින වෙන් කරන්නේත්, නැකැත් හදන්නේත් සුබ දිනයක් වේලාවක්, සුබ මුහුර්ත තෝරාගන්නේ තමන්ගේ පහසුව. නිදහස මුල් තැන ලා සලකමිනුයි. මෙය විශාල වරදක් එයින් දරුණු ප්‍රතිවිපාක මංගල උළෙලින් පසුව තමයි බොහෝ විට විදින්නට සිදුවන්නේ. මනාල මනාලියන්ගේත් නැදෑහර්‍ණඡ්තවතුන්ගේත් රූපලාවන්‍ය ශිල්පීන් සහ ඡායාරූප ශිල්පීන්ගේත් කාල වේලාව මත තමයි අද බොහෝ විට නැකැත් හඳවාගන්නට වර්තමාන පරම්පරාව උත්සාහ දරන්නේ. මේ නිසා රාත්‍රී කාලයේ මංගල උත්සව පවත්වන අය වැඩි වශයෙන් ඉන්නවා. විශේෂයෙන් රාත්‍රී කාලයේ පේාරුවේ චාරිත්‍ර ඉටුකිරීම කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. වර්තමානයේ මිනිසුන්ට රාජකාරී වැඩිවීම මත මෙලෙස සිදුකලාට දහවල් 12.00 න් පසුව ඇතිවන නැකැත් සහ සවස 6 න් පසු තිඛෙන නැකැත්වල ප්‍රාණයක් ඇත්තේ නැහැ. ජෝතිෂ්‍යයේ සියලු සිද්ධාන්ත ගොඩනැගිලා තිඛෙන්නේ, සුර්යයා මුල් කරගෙනයි.
උදාහරණයක් විදිහට මල් පෝච්චියක් ගේ ඇතුලේ තියල බලන්න එය ඉර හොයාගෙන යනවා. ඉන්පස්සේ තමයි මල් පිපෙන්නේ. ඒ වගේ මේ නැකැත්වල බලය තිඛෙන්නේ හිරුගේ තිඛෙන ආකර්ෂණය මතයි. තණකොළ ඇති තැන පොල් කටුවකින් වසා තැබුවොත් හිරු එළිය නොවැටිම නිසා එය තැම්බිලා - වේලිලා අව පැහැවෙනවා සවස හයෙන් පසුව කොපමණ නැකැත් තිබුණත් ඒවා ප්‍රාණවත් නැහැ අසුබයි. හිරු මුල්කරගෙන අපි සුබ නැකැත් තෝරාගන්නා බැවින් රාත්‍රි කාලයේ හිරුගේ ආකර්ෂණයක් දකින්නට නැහැ. ඒනිසා එම කාලසීමාවේ බලවත් නැකැත් යෙදීම ඉතාම විරලයි. ඒ නිසා එවැනි අවස්තාවල සුබ වැඩකටයුතු සදහා යොමු වුණත් එහි ප්‍රතිවිපාකය අසුබවෙන්නට පුළුවන්. විවාහ ඇතුලු ශුභ කටයුතු වලට යම් යම් හෝරාවල් තිඛෙනවා. රවී හෝරාව සදු හෝරාව බුධ හෝරාව, හෝ ගුරු සිකුරුගේ හෝරාව, වැනි සුබ හෝරා. මේ නිසා විශ්වයේ නැකැත් කොතරම් තිබුණත් රාත්‍රීකාලයේ ඇති නැකැත් උදේ කාලයේ යෙදෙන නැකැත් තරම් ප්‍රණාවත් බවක් ආලෝකමත් බවත් උසුලන්නේ නැහැ. අනෙක් කරුණ තමයි තමන් පෙර කරන ලද පින් පව් මත ඒ ඒ නැකත පළදිම සිදුවෙනවා. මේ නිසා රාත්‍රීකාලයේ විවාහ මංගල උළෙල චාරිත්‍ර පැවැත්වීම එතරම් සුබදායක නැහැ. ඒ නිසා රාත්‍රයේ මංගල උළෙලක් පවත්වන මනාල මනාලියන් ඒ පිළිබදව දෙවරක් සිතා බැලිය යුතුයි.
ඡ්‍යොතිෂ්‍යවේදී අජිත් ධර්මසිරි
උපුටා ගැනීම දිනමිණ