පොල් වණ්‌ඩු
- හාල් පිටි ග්‍රෑම් 250
- තිරිගු පිටි ග්‍රෑම් 50
- යීස්‌ට් තේ හැඳි 1
- සීනි මේස හැඳි 1
- ලූණු තේ හැඳි 1/2
- බටර් මේස හැඳි 2
මේ සියල්ල එකට අනා රොටි මිශ්‍රණයක් පදමට ආ විට විනාඩි 40 ක් පසෙකින් තබන්න.
අවශ්‍ය ද්‍රව්‍යය :
- සිහින්ව ගාගත් පොල් ග්‍රෑම් 150
- කරදමුංගු 1
- කරාබු නැටි 1
- කුරුඳු පොතු කැබැල්ලක්
- පැනි කෝප්ප 2
- දෙහි ලෙලි කැබලි ස්‌වල්පයක්
පොල්වලට ඉතිරි සියල්ල දමා මලවාගන්න. එයද පසෙකින් තබන්න.
අවශ්‍ය ද්‍රව්‍යය :
- කජු ග්‍රෑම් 50 (කුඩාවට කපා)
- වියළි මුද්දරප්පලම් ග්‍රෑම් 75
- රට ඉඳි ග්‍රෑම් 75
- බේකිං පවුඩර් මේස හැඳි 1
- බිත්තර 2
සාදා ගන්නේ මෙහෙමයි :
මුලින් ම අනාගත් පිටි මෝලියට බේකිං පවුඩර් හැර, පැණි පොල් මිශ්‍රණය සහ පලතුරු, බිත්තර එකතු කරන්න. මෙය තරමක් දියාරුයි. තැටියක් ගෙන එයට කෙසෙල් කොළ දමා උඩින් තෙල් කඩදාසියක් දමා ගන්න. දැන් බේකිං පවුඩර් ද ඉහත මිශ්‍රණයට දමන්න. දැන් එය සූදානම් කරගත් තැටියට දමා තුනී කරන්න. උෂ්ණත්වය සෙල්සියස් අංශක 150, විනාඩි 45 ක් පුළුස්‌සා ගන්න. මෙය පාට මදි කියා හිතෙනවා නම් සීනි ටිකක් කරකර එකතු කරගන්න.
අවුරුද්දට පුරුද්දට වගේ තල කැරලි අනිවාර්යෙන් තියනවා. ඒ තල කැරලි මේ අළුත් අවුරුද්දේ නිවසේම සකසා ගන්න ඔබ කැමතිද?අවශ්‍ය ද්‍රව්‍ය :සෝදා පිරිසිදු...
අවශ්‍ය ද්‍රව්‍යය :තිරිගු පිටි ග්‍රෑම් 250එළඟිතෙල් ග්‍රෑම් 250සීනි කිලෝ ග්‍රෑම් 1වතුර ලීටර් 1බිත්තර සුදු මද 1දෙහි යුෂ තේ හැඳි 1රෝස එසන්ස්...
අවශ්‍ය ද්‍රව්‍ය :බටර් හෝ මාගරින් කෝ. 2·3සීනි කෝ. 3·4 (සිහින් කැට)පිටි කෝ. 2බේකින් පවූඩර් තේ හැඳි 1·2බිත්තර 1ලෙමන් ගෙඩියක ලෙලි හැඳි...
අවශ්‍ය ද්‍රව්‍ය : පිණි ජම්බූ, රතු ජම්බූ, වඩාත් සූූදුසූය. ජම්බූ දෙකට පලා සෝදා දිය බේරෙන්නට හැර සිහින්ව කපා ගන්න.සීනි කරඳ මූංගු...
අවුරුදු කාලෙට විතරක් නෙවෙයි. කවදත් ඔබ වැලිතලප රස විදින්න කැමතියි. මේ අවුරුදු මේසයට ඔබම වැලි තලප සකසා ගන්න.අවශ්‍ය ද්‍රව්‍ය...
අවශ්‍ය ද්‍රව්‍ය :උදු ඇට ග්‍රෑම් 500හාල් පිටි ග්‍රෑම් 250මිටි කිරි අඬු කෝප්ප 5ලුණු තේ හැඳි 2පැණි අඬු කෝප්ප 4බැඳ ගැනීමට පොල්...