Biz Log
Classifields
Biz Log
Classifields

මස්කට්

අවශ්‍ය දුව්‍ය : 

  • තිරිගු පිටි ග්‍රෑම් 250
  • එළගිතෙල් ග්‍රෑම් 250
  • සීනි කිලෝ ග්‍රෑම් 01
  • වතුර ලීටර් 01
  • බිත්තර සුදු මද 01
  • දෙහි යුෂ තේ හැඳි 01
  • රෝස එසන්ස් තේ හැඳි 1/2

සාදන ගන්නේ මෙහෙමයි : 

පිටිවලට වතුර දමා රොටි පදමට අනාගන්න. වතුර ටික ටික දමා වතුර පෙරා හරිමින් නැවත දිය කරන්න. මෙය නිවැරදිව සිදු කළ විට පිටි ඉවත් වී කොහොල්ලෑ ගුලියක් මෙන් කොටසක් ඉතිරි වේ. එය ඉවත් කරන්න. සෝදමින් ගත් වතුර ටික පැයක් පමණ තබන්න. එහි පිටි යටට බැස තිබේවී. උඩ ඇති වතුර ඉවත් කරන්න. තාච්චුවක් ගෙන බිත්තර සුදු මදය හා දෙහි දමා තාච්චුවේ හොඳින් තවරන්න. සීනි ද එකතු කරන්න. එය උතුරන්න හරින්න. ගින්දර අඩුකරන්න. උඩට එන පෙන ඉවත් කරන්න. සීනි ටික පෙරාගෙන එයට සෝදාගත් පිටි එකතු කරන්න. හොඳින් උකුවන තුරු හැඳි ගාමින් පිසගන්න. බෝලයක් මෙන් එකට එකතු වේවි. එළගිතෙල් ටික ටික දමමින් හොඳින් කලවම් කරමින් පිසගන්න. පිටි මිශ්‍රණයට තෙල් උරාගත් පසු තෙල්, තාච්චියේ ඉතුරු වේවි. එවිට තෙල් දැමීම නවත්වන්න. රෝස වතුර එකතු කරන්න. ලිපෙන් ඉවතට ගෙන තැටියකට දමා තබන්න. නිවුනාට පසු කැබලි කපාගන්න. 

Share This Article

‍රෝයල් අයිසින්

ඔන්න තවත් අයිසින් කරන විදිහක් තමයි ‍රෝයල් අයිසින් කියන්නේ. ‍මේ ‍රෝයල්අයිසින් එක භාවිතා කරන්නේ ‍මෝස්තර සදහා.අවශ්‍ය ද්‍රව්‍ය :ශීතකරණ‍යේ ‍නොදැමූ බිත්තර සුදුමද...

කැරට් හල්වා

ඉන්දියානු රසකැවිලි වර්ගයක තමයි කැරට් හල්වා කියන්‍‍නේ‍. හල්වා කියන එකේ ‍තේරුම රසකැවිලි කියන එකයි. කැරට් කන්න කැමති අයටමේ කැරට් හල්වා නම් රස බලන්න...

බිස්කට් සාදන අයුරු

අවශ්‍ය ද්‍රව්‍ය :බටර් හෝ මාගරින් කෝ. 2·3සීනි කෝ. 3·4 (සිහින් කැට)පිටි කෝ. 2බේකින් පවූඩර් තේ හැඳි 1·2බිත්තර 1ලෙමන් ගෙඩියක ලෙලි හැඳි...

වටලප්පන්

අවශ්‍ය ද්‍රව්‍ය :දියකරගත් හකුරු ලීටරයක්බිත්තර ලීටරයක්පොල් ලීටරයක්සාදික්කා ( ගාගන්න )කජු කැබලි ටිකක්සාදා ගන්නා ක්‍රමය :බදුනක් ගෙන එයට බිත්තර ,...

කජු අලුවා

අවුරුදු මේසයේ පොඩිත්තන් ආසම කෑම අලුවා. වෙනසකටත් එක්ක කජු අලුවා කෑල්ලක රස විදිමු.අවශ්‍ය ද්‍රව්‍ය :කජු මද ග්‍රෑම් 100සීනි ග්‍රෑම් 500බටර් ග්‍රෑම්...