පොල් ටොෆි
අවශ්‍ය ද්‍රව්‍ය :
- ගා ගත් පොල් 200g
- සීනි 150g
- මිල්ක් මේඩ් 100g
- බටර් 20g
- කැමති පාටක අහාර වර්ණකයක්
සාදන ආකාරය :
පියවර 01මුලින්ම පිරිසිදු භාජනයක් ලිපේ තියන්න. (සැර දේවල් හදපු භාජන ගන්න එපා) රත් වෙද්දි බටර් ටික දාන්න. බටර් ටික දිය වෙද්දි සිනි ටික දාන්න. ඒකටම මිල්ක් මේඩ් ටිකත් දාන්න. හොදින් හැදි ගාන්න. මද ගින්නේ නිතරම හැදි ගාන්න. දියරය බුබුලු දාද්දි පොල් ටික එකතු කරන්න. නොනවත්වාම හැදිගන්න ඕනේ නැත්තම් අඩියට අල්ලනවා. ඔබේ අහාර වර්ණකය එකතු කරන්න. බින්දු දෙක තුනක් දාන්න. ගොඩක් දාන්න එපා. හොදින් මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය එක ගුලියක් වගේ එකතු වෙන වෙලාවක් එනවා. ඒ වෙලාවේ ලිපෙන් බාගන්න.
මේ මිශ්‍රණය තුනී කරන්න ලෑල්ලක් හරි තැටියක් හරි ඕනේ වෙනවා. ඒක කලින් ලෑස්ති කරගෙන තියා ගන්න. මිශ්‍රණය අගල් බාගයක් විතර උස තියෙන්න තුනී කරගන්න. හොදින් තද වෙන්න තුනී කරන්න. කොටු කපලා නිවෙන්න තියන්න. හරියට පදමට ගත්තොත් උඩ ටිකක් හයි වෙච්ච මැද ගොඩක් මෘදු පොල් ටොෆියක් ඔයාට ලැබෙයි. හදලා බලන්න. ගොඩක් රසයි.
අවශ්‍ය ද්‍රව්‍යය :සීනි කිලෝ ග්‍රෑම් 2 1/2වතුර මිලිලීටර් 750ජෙලටින් ග්‍රෑම් 185වතුර මිලිලීටර් 300දියර ග්ලූකෝස් ග්‍රෑම් 100සාදා ගන්නේ මෙහෙමයි : සීනි, වතුර...
ඉන්දියානු රසකැවිලි වර්ගයක තමයි කැරට් හල්වා කියන්නේ. හල්වා කියන එකේ තේරුම රසකැවිලි කියන එකයි. කැරට් කන්න කැමති අයටමේ කැරට් හල්වා නම් රස බලන්න...
අවශ්‍ය ද්‍රව්‍ය : පිණි ජම්බූ, රතු ජම්බූ, වඩාත් සූූදුසූය. ජම්බූ දෙකට පලා සෝදා දිය බේරෙන්නට හැර සිහින්ව කපා ගන්න.සීනි කරඳ මූංගු...
අවුරුද්දට පුරුද්දට වගේ තල කැරලි අනිවාර්යෙන් තියනවා. ඒ තල කැරලි මේ අළුත් අවුරුද්දේ නිවසේම සකසා ගන්න ඔබ කැමතිද?අවශ්‍ය ද්‍රව්‍ය :සෝදා පිරිසිදු...
අවශ්‍ය ද්‍රව්‍ය :පිටි ග්‍රෑම් 90බේකිං පවුඩර් තේ හැදි 1/2මාගරින් ග්‍රෑම් 60සීනි ග්‍රෑම් 60බිත්තර කහ මද 1වැනිලා තේ හැදි 1කජු ග්‍රෑම් 50ජෑම්...
ලොකු පොඩි කවුරුත් ආසම කොකිස් රසවත් ලෙස හදා ගන්න කවුරුත් කැමතියි. මේ අවුරුදු මේසයට නැතුවම බැරි කොකිස්.අවශ්‍ය ද්‍රව්‍ය :හාල් පිටි සේරු...