තල කැරලි
අවුරුද්දට පුරුද්දට වගේ තල කැරලි අනිවාර්යෙන් තියනවා. ඒ තල කැරලි මේ අළුත් අවුරුද්දේ නිවසේම සකසා ගන්න ඔබ කැමතිද?
අවශ්‍ය ද්‍රව්‍ය :
- සෝදා පිරිසිදු කල තල ග්‍රෑම් 500
- හකුරු කි.ග්‍රෑම් 1
- පොල් හීනියට ගා බැදගත් ග්‍රෑම් 100
- ලුණු ස්වල්පයක්
පොල්, හකුරු, ලුණු එකට දමා කොටන්න. ඉන්පසු එයට තල එක්කර අනා ගන්න. මෙය වියලීමට පෙර ගුලි සකසා ගන්න.