මොනරකුඩුම්බිය කැඳ
- පිරිසිදු කරගත් මොනරකුඩුම්බිය ග්‍රෑම් 400
- කැකුළු හාල් ග්‍රෑම් 100
- සුදුළූනු ග්‍රෑම් 20
- ලුණු තේ හැඳි 1
- වතුර කෝප්ප 2
- පොල්කිරි කෝප්ප 2
සාදා ගන්නා ක්‍රමය :
සාමාන්‍ය බතක් පිසින ආකාරයට වඩා තරමක් වැඩිපුර වතුර දමා බත් බෙරි වෙනතුරු තම්බා ගන්න. මොනරකුඩුම්බිය වලට වතුර දමා කොටා මිරිකා ගන්න. හාල් තැම්බෙන විට සුදුළූනු එකතු කර හැන්දෙන් පොඩි කරගන්න. පොල්කිරි දමා උතුරන විට කොළ ඉස්ම මිශ්‍ර කර ගන්න. විනාඩි 2ක් පමණ හොදින් හැඳි ගා ලුණු එක්කර ලිපෙන් බා පිළිගන්වන්න.