පැටිස්
- පාන් පිටි ග්රෑම් 200
- බටර් ග්රෑම් 20
- බිත්තර 1
- ලුණු , ගම්මිරිස්
- බේකින් පවුඩර් තේ හැදි 1/4
- තම්බා ගත් ඉස්සන් කීපයක්
- ලූනු පෙති
සාදා ගන්නා ක්රමය :
පාන් පිටි හා බේකින් පවුඩර් එකට හලා ගන්න. බටර් ලුණු, ගම්මිරිස්, බිත්තර, පාන් පිටි යන සියල්ල එකට දමා ඝන මිශ්රණයක් සාදා පැය 1/2 ක් පිපෙන්නට හරින්න. පසුව එම මිශ්රණයෙන් කුඩා බෝල සාදා ලෑල්ලක් මත තුනී කර රවුම් සාදා ගන්න. එවැනි රවුම් 10ක පමණ එක සමානව සාදා ගන්න. දැන් ඉන් රවුම් 5ක ගෙන ඒ මත ඉස්සෙක් හා ලූනු පෙත්තක් තබා අනෙක් රවුමෙන් වසන්න. දැන් ඒ රවුම් 02කම සීල් වන ආකාරයට ගෑරුප්පුවකින් වටේට තද කරන්න. මේ ආකාරයට සියල්ලම සාදා ගත් පසු උණුසුම් බදුනක තබා විනාඩි 25ක් පමණ බේක් කරන්න.