කුරක්කන් පිටි ඉඳි ආප්ප (6 දෙනෙකුට)
- හොදින් හලා ගත් කුරක්කන් පිටි ග්‍රෑම් 225
- වාෂ්පයෙන් තම්බා ගත් හාල් පිටි ග්‍රෑම් 225
- උතුරන වතුර අවශ්‍ය වේ.
- පමණට ලුණු. රස අනුව.
සාදා ගන්නා ක්‍රමය :
පිටි වර්ග දෙකම හොදින් මිශ්‍ර කර ලුණු එකතු කරන්න. පිටි කවලම් කරමින් එයට උණු වතුර ටිකෙන් ටික එකතු කරන්න. වතුර එකවරම දමන්න එපා. පිටි මිශ්‍ර වන ආකාරය අනුව වතුර එකතු කල යුතුය. පිටි මිශ්‍ර කරගත් පසුව ඉදිආප්ප වන්ගෙඩියක දමා වට්ටි වලට මිරිකා ගන්න.