Biz Log
Classifields
Biz Log
Classifields

පැටිස් හදමු

පැටිස් හදමු

හවසට ඔබ නිවසේ අයත් එක්ක බොන රස තේ කෝප්යත් එක්ක උණු පැටිස් එකක් තිබ්බොත් අපූරුයි නේද? ඒ පැටිස් එක ඔබම නිවසේ හදා ගන්නවා නම් එය තවත් රසවත් වේවි.


අවශ්‍ය ද්‍රව්‍ය : 

  • පිටි ග්‍රෑම් 500
  • බටර් ග්‍රෑම් 100 
  • ශිත කල  පොල්කිරි මිලි ලීටර් 125 
  • ලුනු ග්‍රෑම් 15 
  • බේකින් පව්ඞර් තේ හැදි 2 

පිරවුම සදහා 

  • තම්බා පොඞිකර ගත් අල  
  • සිහින්ව කපා ගත් ලූනු 
  • සිහින්ව කපා ගත් අමුම්රිස් 
  • සිහින්ව කපා ගත් ඉගුරු සුදුලුනු  
  • රම්පෙ කරපිංචා 
  • සැමන් / මාලු 
  • කැබලි මිරිස් ස්වල්පයක් 
  • ගම්මිරිස් 
  • ලුනු
  • කහකුඞු ස්වල්පයක්

සාදා ගන්නා ක්‍රමය :

පිරවුම : තාච්චියක් ලිප තබා තෙල් දමා එයට ලූණු, සුදුලූණු, අමුඉගුරු, රම්පේ, කරපිංචා දමා බැදෙන්න හරින්න. එයට සැමන් පොඩි කරගත් අල එක් කර තෙම්පරාදු කර ගන්න. දැන් ලුණු ගම්මිරිස් කහ කුඩු ස්වල්පයක් හා අවසානයේ කෑලි මිරිස් එක් කර ගන්න.

පිටි,බටර්, බේකින් පවුඩර් හා ලුනු මිශ්‍ර කර ගන්න. 

එය විනාඩි 20ක් පිපෙන්න හැර පැටිස් කටරයකින් රවුම් කපාගන්න. 

රවුම් මැද මිශ්‍රණයෙන් ස්වල්පයක් තබා නවා ගැබුරු තෙලේ රන්වන් පාට වන තුරු බැදගන්න.

Share This Article

පැටිස්

අවශ්‍ය ද්‍රව්‍ය : පාන් පිටි ග්‍රෑම් 200  බටර් ග්‍රෑම් 20  බිත්තර 1 ලුණු , ගම්මිරිස් බේකින් පවුඩර් තේ හැදි 1/4 තම්බා ගත් ඉස්සන් කීපයක් ලූනු පෙති සාදා...

ක්‍රීමි සැමන් පාස්තා

අවශ්‍ය ද්‍රව්‍ය : චොප්ක­ර­ගත් සුදු ලූනූ ගෙඩි දෙක තුනක්පොඩි­යට කැබැලි කර ගත් සැමන් ග්‍රෑම් 200ක්පාස්තා ග්‍රෑම් 500ක්ලුණුෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4ක්ග්‍රේට් කර­ගත්...

රසම රස පැස්ටා කොත්තු

කොත්තු කන්න හිතුනම මතක් වෙන්නෙම කඩෙන් ගන්න ඕනා කියලනේ. ඒත් පිටින් මිලදී නොගෙන රසම රස කොත්තුවකින් ඔබේ පවුලේ අයට සංග්‍රහ කිරීම කොහොම...

හාල්පිටි රොටී (4 දෙනෙකුට)

අවශ්‍ය ද්‍රව්‍ය : බැදපු හාල් පිටි ග්‍රෑම් 240 ගාගත් පොල් බෑයක් ලුණුසාදා ගන්නා ක්‍රමය :පිටි සහ පොල් බදුනකට දමා මිශ්‍ර කරන්න. ලුණු එකතු කර...

පැටිස් හදමු

හවසට ඔබ නිවසේ අයත් එක්ක බොන රස තේ කෝප්යත් එක්ක උණු පැටිස් එකක් තිබ්බොත් අපූරුයි නේද? ඒ පැටිස් එක ඔබම...

කුරක්කන් පිට්ටු (6 දෙනෙකුට)

අවශ්‍ය ද්‍රව්‍ය :හාල් පිටි ග්‍රෑම් 225 කුරක්කන් පිටි ග්‍රෑම් 225 ගා ගත් පොල් ගෙඩි 1ක් ලුණු ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය :පිටි දෙවර්ගයම මිශ්‍ර කර එයට...