Biz Log
Classifields
Biz Log
Classifields

කෝබ් සැලඩ්


මස් හා බිත්තර යොදා සකසන මෙම සලාදය කුඩා දරුවන්ට පෝෂණ ගුණයෙන් ඉහළයි.

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • අයිස් බර්ග් සලාද කොළ ස්වල්පයක්
  • (කොළ මැලවීම අඩුවෙනි)
  • කුකුළු මස් ග්‍රෑම් 100ක්
  • බේකන් ග්‍රෑම් 100ක්
  • චෙරි ටොමැටෝ ග්‍රෑම් 100ක්
  • ලූනු කොළ ස්වල්පයක්
  • තම්බපු බිත්තර 2ක්
  • මෙයොනේස් සෝස්
  • තක්කාලි

සාදන ක්‍රමය :-

01. කුකුළු මස් තම්බා කැබැලිවලට කපාගන්න. බේකන් බැදගන්න. බිත්තර තම්බා හතරට කපාගන්න. තක්කාලි ගෙඩිවල මදය ඉවත්කර කැබලිවලට කපා ගන්න. මේ සියල්ල මිශ්‍රකර මෙයොනේස් සෝස් එකතු කරන්න. සලාද කොළ තබන්න. එයට උඩින් ෆ්‍රෙන්ච් ඩ්‍රෙසින් එක දමන්න.

ෆ්‍රෙන්ච් ඩ්‍රෙසින් එක සාදන ආකාරය

1. මෙයොනේස් සෝස් මේස හැඳි 2ක්, අබ ක්‍රීම් තේ හැන්දකට රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කරන්න.

2. ඔලිව් තෙල් තේ හැඳි 2 - 3 ක් ගෙන ඉසින්න. විනාකිරි තේ හැඳි දෙකක් දමන්න.

3. කුඩා බ්ලෙන්ඩර් කප් එකකට මේ සියල්ල දමා ගසා ගන්න.

උපුටා ගැනීම තරුණී

Share This Article