කඩල සෝයාමීට් බෝල්ස්
අවශ්‍ය ද්‍රව්‍ය :
- සෝයාමීට් පැකට් 1 ( ග්‍රෑම් 60)
- තම්බාගත් කඩල කෝප්ප 01
- බිත්තර 02
- ලොකු ලූණු ගෙඩියක්
- අමු මිරිස්
- කරපිංචා
- සුදු ලූණු
- ඉගුරු
- කුරුදු කැබැල්ලක්
- එනසාල් කරාබු නැටි ස්වල්පයක්
- ලුණු කුඩු
- කෑලි මිරිස්
- තක්කාලි ගෙඩියක්
- මාලු මිරිස් කරලක්
සාදන ආකාරය :
හොඳින් තම්බා වතුර මිරිකාගත් සෝයා මීට්, කඩල, සුදු ලූණු, ඉඟුරු කැබැල්ලක්, කරපිංචා, අමු මිරිස් කරල් 2, කැබලි සිටින ලෙස බ්ලෙන්ඩර් කරගන්න. එම මිශ්‍රණයට බිත්තර,ලුණු කුඩු ,ගම්මිරිස් කුඩු දමා බෝල සාදාගන්න. එම සාදාගත් සොයා මීට්බෝල ස්ටීම් කරගන්න. හොඳින් ස්ටීම් වූ බෝල නිවුණු පසු ගැඹුරු තෙලේ බැදගන්න. වළඳක් ලිප තබා තෙල් ටිකක් දමන්න. එයට කුරුදු, එනසාල්, කරාබු නැටි, සුදු ලූණු, ඉඟුරු, ලූණු, මාලු මිරිස්, තක්කාලි, කෑලි මිරිස්, ලුණු කුඩු දමා කළවම් කරන්න. හොඳින් තෙම්පරාදු වන විට බැදගත් සෝයා මීට් බෝල එකතු කර හොඳින් තෙම්පරාදු කරගන්න.