සැමන් අලිගැට පේර සලාද
අවශ්‍ය ද්‍රව්‍ය :
- සැමන් ටින් එකක්
- සිහින් තීරු කැපූ අලිගැට පේර ගෙඩියක්
- සිහින්ව ලියා ගත් රතු ලූනූ ගෙඩි 6ක්
- ලෙමන් යුෂ තේ හැඳි 2ක්
- ඔලිව් තෙල් හැඳි 2ක්
- කොත්තමල්ලි, මින්චි හෝ සාලාද කොළ කිහිපයක්
සාදන ක්‍රමය :
බඳුනකට කැපු ලූනූ දමා එයට ලෙමන් යුෂ මිශ්‍ර කර විනාඩි 20-30 තබන්න.
ඉන්පසු එම මිශ්‍රණයට අලිගැට පේර, තරමක් ලොකු සැමන් කැබැලි එකතු කර පොඩි
නොවන සේ අත් බුරුල් කරමින් කලවම් කරන්න. ශීතකරණයේ තබා ආහාරයට ගන්නා
විට කොත්තමල්ලි, මින්චි හෝ සාලාද කොළ එක් කර ඔලිව් තෙල් දමා කලවම්
කරගන්න. අවශ්‍ය නම් පමණක් ලුණු සහ මී පැණි ස්වල්පයක්ද එක් කර ගත හැකිය.