බැදගත් කොහිල අල, දළු සලාදයක්
අවශ්‍ය ද්‍රව්‍ය :
කොහිල අලයක් හා කොහිල දළු ටිකක්
රතුළූණු
අමු මිරිස්
දෙහි යුෂ
උම්බලකඩ
පොල්තෙල්
ගම්මිරිස් කුඩු හා
ලුණු අවශ්‍ය පමණට
බැදගැනීමට පොල්තෙල්
සාදා ගන්නා ක්‍රමය :
කොහිල අල පොත්ත ගසා සුද්දකරගන්න. කොහිල දළුවල කටුටික රැහැගෙන සෝදා හරින්න. දැන් කොහිල අලය සිහින්ව කපාගන්න. එය ගැඹුරු තෙලේ දමා රන්වන් පැහැ වන්නට බැදගන්න. කොහිල දළු ටිකද ටිකක් ලොක් කැබලි වලට කඩා එයද ගැඹුරු තෙලේ බැදගන්න. රතුළූණු හා අමුමිරිස් සිහින්ව ලියාගන්න. හොදට තෙල් බේරුණු පසු බැදගත් කොහිල අල හා දළු භාජනයක දමන්න. දැන් එයට ගම්මිරිස් කුඩු ඉසින්න. ලුණු කුඩුද මිශ්‍රකරන්න. රතුළූණු අමුමිරිස් කැබලි, දෙහියුෂ දමා හොදට කලවම්කර ගන්න. මෙය අර්ශස් අමාරුවට ගුණදායක කෑමකි.
අවශ්‍ය ද්‍රව්‍ය : හුලංකීරිය අල කීපයක්හාල්මැස්සන් ටිකක් සුදුළූණු බික් කීපයක් රතුළූණු ටිකක් තුනපහ, කහ හා ගම්මිරිස් කුඩු අවශ්‍ය පමණට ලුණු රස අනුව කරපිංචා...
අවශ්‍ය ද්‍රව්‍ය :කජු ග‍්‍රෑම් 300රතු ළුණු ගෙඩි 2 ( සිහින්ව ලියා )අමුමිරිස් කරල් 2 ( සිහින්ව ලියා )සුදු ළුණු ගෙඩි 3...
අවශ්‍ය ද්‍රව්‍ය : ලපටි කෙහෙල් මුවක් හීනියවට ගා ගත් පොල් මිටක් පමන උම්බලකඩ කුඩු ටිකක් රතු ලූණු ටිකක් සිහින්ව කපා ගත් අමු මිරිස්...