Biz Log
Classifields
Biz Log
Classifields

කරපිංචා ඇඹුල

අවශ්‍ය ද්‍රව්‍ය : කරපිංචා දළු රතුළූණු, බැදපු තුනපහ, සියඹලා, උළුහාල්, අබ අවශ්‍ය පමණට පොල්කිරි ස්වල්පයක් අමුමිරිස් කරල් ‍2 කුරුදු පොතු ස්වල්පයක් තෙල් ස්වල්පයක් මිරිස් කුඩු ස්වල්පයක් අවශ්‍ය පමණට ලුණු සාදා ගන්නා ක්‍රමය : කරපිංචා දළු හොදින් සෝදා දියබේරෙන්නට තබා සිහින්ව කපාගන්න. රතු ළූණු හා අමු මිරිස්ද සිහින්ව ලියාගන්න. දැන් තෙල් ටිකක් ලිපතබා රත්වනවිට ලියාගත් අමුමිරිස්, රතුළූණු කැබලි දමා බැදෙන්නට හරින්න. බැදීගෙන එනවිට උළුහාල් හා අබ ටිකද දමන්න. කුරුදු පොතුද කුඩාවට කඩා එයටම එකතු කරන්න. දැන් කරපිංචා වලට ලුණු, තුනපහ, මිරිස්කුඩු එකතුකර අතගා තෙලට දමන්න. තෙලෙන් තැම්බීගෙන එනවිට පොල්කිරි එකතු කරන්න. සියඹලා වතුර ටිකක දියකර එකතු කරන්න. දැන් මෙය මදගින්නේ පිසගන්න. මෙය අධික රුධිර පීඩනය තිබෙන අයට ඉතා ගුණදායක ආහාරයක් බව පිළිගැනේ.

Share This Article

බණ්ඩක්කා කඩල මිශ්‍ර කරිය

අවශ්‍ය ද්‍රව්‍ය : කඩල ග්‍රෑම් 250ක්ළපටි බණ්ඩක්කා ග්‍රෑම් 250ක්තක්කාලි ගෙඩි 4 - 5ක්රම්පේ, කරපිංචා අවශ්‍ය ප්‍රමාණයට ගන්නඅමු මිරිස් කරල් 2 - 3ක්රතුලුනූ...

‍පොළොස් තෙම්පරාදුව

අවශ්‍ය ද්‍රව්‍ය :තම්බාගත් ‍පොළොස් මිරිස් කුඩු මේස හැඳි 2 ලුණු කරපිංචා රම්පේ රතුලූනු ස්වල්පයක් ‍පොල්තෙල් බෝතල් 1/8සාදන ක්‍රමය : ‍පොළොස් තම්බා කටුව...

චිකන් කුරුමා

විශේෂ අවස්ථාවකදී කුකුල් මස් කියන්නේ මේසයට අනිවාර්ය අංගයක්. හැමදාම හදන කුකුල් මස් කරියක් වෙනුවට අමුත්තන්ට පිළිගන්වන්න වෙනසකටත් එක්ක අද චිකන් කුරුමා...

සැරට මිරිසට බීෆ් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය :පොඩි කෑලි කපාගත් බීෆ් ග්‍රෑම් 500ක්තෙල් මේස හැඳි 5ක්චොප් කරගත් සුදුලූනු තේ හැඳි 2ක්චොප් කරගත් ලූනු ගෙඩියක්කුරුඳු පොතු කෑල්ලක්කහ...

‍බෝංචි මැල්ලුම

කවදා හරි ‍ඔයාලා ‍‍බෝංචිමැල්ලුම කාලා ති‍යෙනවාද? ඔව් ඒක බො‍‍‍හෝම රසවත්. ‍මේ ඉන්දියානු ව්‍යාංජයනය ඔයාලත් රස විදින්න බලන්න.අවශ්‍ය ද්‍රව්‍ය : බෝංචි ග්‍රෑම්200 ලූණු...