Biz Log
Classifields
Biz Log
Classifields

ලීක්ස් සහ තෙල් වලින් රසවත් වන කොරලි මාළු

අවශ්‍ය ද්‍රව්‍ය : කොරලි හෝ කොරලි වර්ගයේ මාලුවෙක් ලීක්ස්, ඉඟුරු, වියළි මිරිස් සෝයා සෝස් උයන වයින්, ලුණු, තෙල් අවශ්‍ය නම් කොත්තමල්ලි කොළ සාදා ගන්නා ක්‍රමය : මුලින්ම මාළුවාගේ කොරපොතු සහ අපද්‍රව්‍ය ඉවත් කර හොදින් සෝදා ගන්න. ඊළඟට පිහියකින් මාළුවාගේ මතුපිට කෑලිවලට වෙන් නොවන සේ පැලුම් කිහිපයක් යොදන්න. දැන් මාළුවා වැසෙන මට්ටමට වතුර දමා තම්බන්න. වතුර උතුරන විට මතු පිට ඇති සුදු පාට හෝ රතු පාට පෙණ බුබුළු හඬකින් ඉවත් කරන්න. මාළුවා තැම්බුණු පසුව එයට ලුණු, උයන වයින්, සෝයා සෝස් සහ අවශ්‍ය නම් තව වතුර ස්වල්පයක්ද දමන්න. දැන් සියල්ල ඉතා අඩු ගින්දරෙන් තරමක් තම්බන්න. අනතුරුව මාළුවා සහිත සුප් එක දිසියකට දමන්න. ඊළඟට දික් අතට සිහින් තීරු ලෙස කපා ගත් ලීක්ස්, ඉඟුරු සහ වියලි මිරිස් තීරු මාළුවා මතට දමන්න. අවසානයේ ඔබ කැමති නම් කොත්තමල්ලි කොළ කිහිපයක්ද ඒ මතට දමන්න.

Share This Article

‍බෝංචි මැල්ලුම

කවදා හරි ‍ඔයාලා ‍‍බෝංචිමැල්ලුම කාලා ති‍යෙනවාද? ඔව් ඒක බො‍‍‍හෝම රසවත්. ‍මේ ඉන්දියානු ව්‍යාංජයනය ඔයාලත් රස විදින්න බලන්න.අවශ්‍ය ද්‍රව්‍ය : බෝංචි ග්‍රෑම්200 ලූණු...

ස්ටර් ෆ්‍රයිඩ් ග්‍රීන් බීන්ස්

අවශ්‍ය ද්‍රව්‍ය : දික් අතට කපාගත් බෝංචි ග්‍රෑම් 150තලාගත් සුදුළූණු බික් 2චොප්කරගත් රතුළූණු ගෙඩි 2තලාගත් ඉඟුරු තේ හැඳි 1/2රම්පේ හා කරපිංචාලුණු...

සැමන් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය  : පොඩි සැමන් ටින් 1උකු පොල්කිරි කෝප්ප 1/4කුඩාවට කපාගත් රතු ලූණු හා අමු මිරිස්කුඩා තක්කාලි ගෙඩි 01තලාගත් සුදු ලූණු බික්...

බණ්ඩක්කා කඩල මිශ්‍ර කරිය

අවශ්‍ය ද්‍රව්‍ය : කඩල ග්‍රෑම් 250ක්ළපටි බණ්ඩක්කා ග්‍රෑම් 250ක්තක්කාලි ගෙඩි 4 - 5ක්රම්පේ, කරපිංචා අවශ්‍ය ප්‍රමාණයට ගන්නඅමු මිරිස් කරල් 2 - 3ක්රතුලුනූ...