බිම්මල් ස්‌ටුව
5 දෙනෙකුට පමණ සෑහේ.
අවශ්‍ය ද්‍රව්‍ය :
බිම්මල් ග්‍රෑම් 500
අර්තාපල් ග්‍රෑම් 150
කැරට් ග්‍රෑම් 100
මාළු මිරිස් ග්‍රෑම් 50
තක්‌කාලි තරමක ගෙඩියක්
විනාකිරි මේස හැඳි 2 ක්
ගම්මිරිස් තේ හැඳි 2 ක්
ලූණු තේ හැඳි 1
ලොකු ළුෑණු ගෙඩි 2 ක්
අමු තුනපහ මේස හැඳි 1
දිය කිරි කෝප්ප 2
මිටි කිරි කෝප්ප 1
අබ තේ හැඳි 1/4
තෙල් මේස හැඳි 2
අමු මිරිස් කරල් 4
සුදු ළුෑනු බික් කිහිපයක්
කහ ස්‌වල්පයක්
කරපිංචා, රම්පා ස්‌වල්පයක්
සාදන ක්‍රමය :
බිම්මල් තරමක් මහතට කඩා හොඳට සෝදා වතුර ඉවත්වනතුරු මිරිකා ගන්න.
කැරට් ,අර්තාපල් , මාළුමිරිස්, අමු මිරිස් දික් අතට කැබලි කරගන්න. ලොකු ළුෑණු , තක්‌කාලි රවුම් අතට කපාගන්න.
භාජනයට තෙල් ස්‌වල්පයක් දමා සිහින්ව ලියාගත් රම්පා, කරපිංචා සුදු ළුෑනු තෙලට දමා කැබලි කරගත් අල සහ කැරට් සමග සියලු කුළු බඩු වර්ග, ලූණු , විනාකිරි දමා දිය කිරෙන් තම්බාගන්න.
තැම්බුනු පසු බිම්මල් ළුෑනු, මාළු මිරිස්, අමු මිරිස් සහ තක්‌කාලි සමග මිටිකිරි එකතුකර සුළු වේලාවක් පිසගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :රවුමට කපා ගත් දැල්ලො ග්‍රෑම් 100කපා ගත් බෝංචි ග්‍රෑම් 100කපා ගත් ළූණු ගෙඩි 1කපා ගත් තක්කාලි ගෙඩි 2තලා ගත්...