කටු අනෝදා තියඹලාව
අවශ්‍ය ද්‍රව්‍යය :
තරමක් ලොකු අමු කටු අනෝදා ගෙඩි 1
ඉඟුරු කැබැල්ලක්
ගාගත් පොල් ග්‍රෑම් 150
රතුලූනු ගෙඩි 5 යි
අමු මිරිස් කරල් 04
සුදුලූනු බික් 4
අබ ඇට තේ හැඳි 01
සූදුරු කුඩු තේ හැඳි 1/4
කුරුඳු කුඩු තේ හැඳි 1/4
එනසාල් ඇට 02
කරාබුනැටි 02
රම්පේ, කරපිංචා අවශ්‍ය පමණ
තුනපහ කුඩු තේ හැඳි 02
ගම්මිරිස් කුඩු තේ හැඳි 01
සාදා ගන්නේ මෙහෙමයි :
පළමුව කටු අනෝදා ගෙඩියේ පොතු ඉවත් කර කුඩා කැබලිවලට කපා, ඇට ඉවත් කර ඒවා වළඳකට දමා ලුණු සහ කහ එක්කර වතුර ස්වල්පයක් දමා තම්බා ගන්න. පොල්, ඉඟුරු, අමුමිරිස්, සුදුලූනු, අබ, සූදුරු, කුරුඳු, එනසාල්, කරාබු නැටි, තුනපහ සහ ගම්මිරිස් එකට එක්කර හොඳින් අඹරා ගන්න. රතුලූනු සිහින්ව කපාගන්න. දැන් අඹරාගත් ද්‍රව්‍ය සහ රතුලූනු සහ කටු අනෝදා බඳුනකට දමා හොඳින් කලවම් කර ගින්දර අඩුකර වසා තම්බා ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය : කරවල ග්‍රෑම් 250 අමූ මිරිස් ග්‍රෑම් 25 ඉඟුරු කැබැල්ලක් (සිහින් තීරු කැපූ) කබලේ බැද කුඩූ කරගත් කොත්තමල්ලි...
අවශ්‍ය ද්‍රව්‍ය : සැමන් 100 අල 150 ලොකු ළුණු 100 මාළු මිරිස් කරල් 10 ලුනු ගම්මිරිස් කරපිංචා දෙහි පාන්පිටි 100 විස්කෝත්තු කුඩු...