බතල චිප්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
බතල අල ග්‍රෑම් 500
අයිස් වතුර ස්වල්පයක්
බැදීමට අවශ්‍ය ප්‍රමාණයට තෙල්
කුඩූ කරගත් සීනි හෝ මිරිස් කුඩූ
සාදන ක්‍රමය
බතල අල වතුරට දමා පොත්ත සූරා හොඳින් සෝදා පිරිසිදු කරගෙන වෙනම බඳුනකට දමන්න. එම බතල අල ගෙන ඉතාම සිහින්ව කපාගන්න. සිහින්ව කපාගත් බතල අල අයිස් වතුර භාජනයකට දමා මිනිත්තු පහළොවක් පමණ තබාගන්න. වතුර පෙරා දමා තෙතමනය සිදුනූ පසූ තාච්චූව ලිප තබා තෙල් දමා තෙල් රත්වූ පසූ ටිකේන ටික සිහින් බතල අල පෙති එකතු කරමින් බදින්න. රන් පැහැති වූ පසූ තෙල් හැන්දෙන් රැගෙන තෙල් උරා ගැනීමට සූදුසූ කඩදාසියක් එලූ බඳුනකට දමන්න. බැදගත් බතල චිප්ස් උණූවෙන්ම මිරිස් කුඩූ හෝ සීනි කුඩූ සමග පිළිගන්වන්න. අවශ්‍ය නම් පසූව ප්‍රයෝජන සඳහා හූළං නොවදින භාජනයක දමා තබාගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය : දික් අතට කපාගත් බෝංචි ග්‍රෑම් 150තලාගත් සුදුළූණු බික් 2චොප්කරගත් රතුළූණු ගෙඩි 2තලාගත් ඉඟුරු තේ හැඳි 1/2රම්පේ හා කරපිංචාලුණු...
අවශ්‍ය ද්‍රව්‍ය : මදටිය දළු ටිකක් මිරිස් කුඩු හා තුනපහ කුඩු ස්වල්පය බැගින් ගොරකා ස්වල්පයක් උම්බලකඩ ස්වල්පයක් කහ කුඩු ස්වල්පයක් රත්ළූණු අවශ්‍ය...