Biz Log
Classifields
Biz Log
Classifields

සැරට මිරිසට බීෆ් ඩෙවල්


අවශ්‍ය ද්‍රව්‍ය :

  • පොඩි කෑලි කපාගත් බීෆ් ග්‍රෑම් 500ක්
  • තෙල් මේස හැඳි 5ක්
  • චොප් කරගත් සුදුලූනු තේ හැඳි 2ක්
  • චොප් කරගත් ලූනු ගෙඩියක්
  • කුරුඳු පොතු කෑල්ලක්
  • කහ කුඩු තේ හැඳි 1/2ක්
  • මිරිස් කුඩු මේස හැඳි 1ක්
  • විනාකිරි මේස හැඳි 2ක්
  • ලුණු කුඩු ස්වල්පයක්
  • තුනපහ කුඩු මේස හැඳි 1ක්
  • තක්කාලි සෝස් මේස හැඳි 4ක්
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්
  • වතුර කෝප්ප 2ක්
  • කොටුවට කපාගත් තක්කාලි ගෙඩි 2ක්
  • කොටුවට කපාගත් ලූනු ගෙඩි 2ක්
  • සැල්දිරි ඉත්තක්
  • කපාගත් බෙල්පෙපර් පාට තුනෙන් ගෙඩි 1/2 බැගින්
  • සීනි තේ හැඳි 1ක්

සාදා ගන්නා ආකාරය : 

01. පෑන් එකට තෙල් ටික දාලා සුදුලූනු දාලා තෙම්පරාදු කරගන්න. ටිකකින් චොප් කරගත් ලූනු, කුරුඳු පොතු, කහ කුඩු හා මිරිස් කුඩු එකතු කරලා කලවම් කරන්න.

02. එයට කපාගත් බීෆ් ටික දාලා හොඳට කලවම් කරගන්න. ඒ එක්කම විනාකිරි ටික දාගන්න. රස අනුව ලුණු එකතු කරන්න. මඳ ගින්දරේ පිසගන්න.

03. ටිකකින් තුනපහ කුඩු, තක්කාලි සෝස්, ගම්මිරිස් කුඩු, සීනි එකතු කර වතුර කෝප්ප 2ත් දාලා බීෆ් ටික තැම්බෙන්න වහලා තියන්න. විනාඩි 10ක් වගේ යනකොට තැම්බිලා ඉවරයි.

04. දැන් ලොකුවට කපාගත් තක්කාලි, ලූනු, බෙල් පෙපර්, සැල්දිරි ටික එකතු කර කලවම් කරන්න. විනාඩියක් විතර පිසගෙන ළිපෙන් ඉවත් කරගන්න.

උපුටා ගැනීම තරුණී

Share This Article