ෆ්‍රයිඩ් බීන්ස්
අවශ්‍ය ද්‍රව්‍ය :
- බෝංචි ග්‍රෑම් 100
- පාන් පිටි කෝප්ප 1
- බිත්තර 2
- කිරි කෝප්ප 1/2
- ලුණු හා ගම්මිරිස් කුඩු
- ඔලිව් තෙල් මේස හැඳි 2
- පාන් කුඩු කෝප්ප 1
සාදා ගන්නා ආකාරය :
- බිත්තර වලට කිරි, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා විස්ක් කරගන්න. පාන්කුඩු වලට ඔලිව්තෙල් දාලා කලවම් කරගන්න.
- බෝංචි මුලින්ම පාන්පිටි වල තවරලා බිත්තර සාරු වල දවටලා පාන්කුඩු වල තවරගන්න.
- මේ ටික බටර් ගාගත් ට්‍රේ එකක අතුරලා 180°ට විනාඩි 15ක් බේක් කරගන්න.