බෝංචි සැලඩ්
අවශ්‍ය ද්‍රව්‍ය :
- තම්බා ගත් බෝංචි ග්‍රෑම් 100
- සුදු ළූණු ගෙඩි 1
- විනාකිරි මේස හැඳි 1
- මස්ටර්ඩ් ක්‍රීම් මේස හැඳි 1
- මී පැණි මේස හැඳි 1
- ලුණු හා ගම්මිරිස් කුඩු
සාදා ගන්නා ආකාරය :
- සුදුළූණු ගෙඩිය ෆොයිල් එකකින් ඔතලා සෙල්සියස් 180ට රත් කරගත් අවන් එකට දාලා විනාඩි 10ක් බේක් කරගන්න.
- එළියට අරන් පොතු අයින් කරලා ක්‍රීම් එකක් වගේ හදාගන්න.
- මේකට මස්ටර්ඩ් ක්‍රීම්, විනාකිරි, මී පැණි, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා ඩ්‍රෙසින් එක හදාගන්න.
- දැන් බෝංචි ටික මේ මිශ්‍රණයට දාලා හොඳට තවරගෙන කෑමට ගන්න.
*බෝංචි තම්බනකොට වහලා තම්බන්න එපා. ඒ වගේම ලිපෙන් බාපු ගමන් වතුරට අල්ලන්න. එතකොට හොඳ ලස්සන කොළපාට එනවා.