බෝංචි මැකරෝනි කරි
අවශ්‍ය ද්‍රව්‍ය :
- තම්බාගත් මැකරෝනි කෝප්ප 1
- හීනියට දිගට කපාගත් බෝංචි ග්‍රෑම් 100
- ලියාගත් ළූණු ගෙඩි 1
- කපාගත් අමුමිරිස් කරල් 2
- කරපිංචා ටිකක්
- ලුණු
- කහකුඩු තේ හැඳි 1/2
- අබ ස්වල්පයක්
- මිටිකිරි කෝප්ප 1/2
- තෙල් ස්වල්පයක්
සාදා ගන්නා ආකාරය :
- පෑන් එකට තෙල් ටික දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. අබ පුපුරනකොට ඒකට ළූණු, කරපිංචා හා අමුමිරිස් එකතු කරන්න.
- හොඳට තෙම්පරාදු කරලා බෝංචි ටික එකතු කරන්න. ලුණු හා කහකුඩු දාගන්න. දැන් මැකරෝනි ටික දාලා කිරි එකතු කරන්න. උතුරනකොට ලිපෙන් බාගන්න.