ගාලික් බීන්ස්
අවශ්‍ය ද්‍රව්‍ය :
- කපා ගත් බෝංචි ග්‍රෑම් 100
- බටර් මේස හැඳි 2
- කපා ගත් සුදුළූණු බික් 6-7
- සෝයා සෝස් මේස හැඳි 2
- ලුණු හා ගම්මිරිස් කුඩු
සාදා ගන්නා ආකාරය :
- බටර් ටික පෑන් එකට දාලා රත් උනාම සුදුළූණු ටික දාලා බැදෙන්න අරින්න.
- ඊළඟට බෝංචි, ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න. සෝයාසෝස් ටික දාගන්න. බෝංචි ටික තැම්බෙන්න අරින්න.
- ලස්සන කොළපාට හිටින ගාණට තැම්බුනාම ලිපෙන් බාගන්න.