වකුගඩු රෝගයට ගුණදෙන කැකිරිවලින් රසැති කෑම - කැකිරි ව්‍යංජනය (කැකිරි ඇඹුල)
අවශ්‍ය ද්‍රව්‍ය :
- කැකිරි 500g
- ගා ගත් පොල් ගෙඩියක පොල්
- මිරිස් කුඩු මේස හැඳි 2 1/2
- කහ කුඩු තේ හැඳි 1/2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
- තුනපහ කුඩු තේ හැඳි 1
- කුරුඳු පොතු කැබලි 2
- අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු
- කරපිංචා ඉති 2
- රම්පෙ කොළ කැබලි 2
- ගොරක බික් 2
- රතුළූණු ගෙඩි 5
- සුදුළූණු ගෙඩි 5
සාදන ආකාරය :
කැකිරි ඇට ඉවත් කර කුඩා කැබලිවලට කපා මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු, කුරුඳු පොතු, ලුනු, කරපිංචා, රම්පෙ, ගොරකා, රතුළූණු කුඩාවට ලියා සුදුළූණු කුඩාවට ලියා සියල්ල හොඳින් මිශ්‍ර කර අනා පැය 1/2 පමණ වසා තබන්න. පසුව ගා ගත් පොල් මිරිකා දියකිරි සහ මිටිකිරි සියල්ල කැකිරි මිශ්‍රණයට දමා මඳ ගින්නේ හොඳින් තම්බාගන්න. තෙල් පෑදී තැම්බුණු පසු ලිපෙන් බා ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය : දික් අතට කපාගත් බෝංචි ග්‍රෑම් 150තලාගත් සුදුළූණු බික් 2චොප්කරගත් රතුළූණු ගෙඩි 2තලාගත් ඉඟුරු තේ හැඳි 1/2රම්පේ හා කරපිංචාලුණු...
අවශ්‍ය ද්‍රව්‍ය :බෝංචි ග්‍රෑම් 100පාන් පිටි කෝප්ප 1බිත්තර 2කිරි කෝප්ප 1/2ලුණු හා ගම්මිරිස් කුඩුඔලිව් තෙල් මේස හැඳි 2පාන් කුඩු කෝප්ප 1සාදා...
අවශ්‍ය ද්‍රව්‍ය : සැමන් 100 අල 150 ලොකු ළුණු 100 මාළු මිරිස් කරල් 10 ලුනු ගම්මිරිස් කරපිංචා දෙහි පාන්පිටි 100 විස්කෝත්තු කුඩු...