පොළොස් චට්නි
අවශ්‍ය ද්‍රව්‍ය :
- තරමක පොළොස් ගෙඩියක්
- විනාකිරි අඩුකෝප්ප 1/4
- කුඩා අමු ඉගුරු කැබැල්ලක්
- සුදුළූනු බික් 5ක්
- අබ ටිකක්
- කරාබු නැටි 2-3ක්
- කරදමුංගු ඇට 02ක්
- කුරුදු පොතු කැබැල්ලක්
- කෑලි මිරිස් මේස හැඳි 1
- රතුළූනු ග්‍රෑම් 50
- සීනි ග්‍රෑම් 250
- ලුණු රසට අනූව
සාදා ගන්නා ක්‍රමය :
පොළොස් ගෙඩිය සෝදා දෙකට හෝ හතරට පලා හොදින් මෘදු වන තුරු තම්බා ගන්න. දැන් දිය බේරා හැර වහල්ල, කටුව ඉවත් කර සිහින් කැබලි වලට කපා ගන්න. රතුළූනු ටික සිහින්ව ලියා ගන්න. ඉගුරු, සුදුළූනු, අබ, විනාකිරෙන් අඹරා ගන්න. දැන් මැටි භාජනයක් ගෙන එයට සීනි, විනාකිරි, ලුනු, සුදුළූනු, විනාකිරෙන් අඹරා ගත් අබ, ඉගුරු දමා ලිප තබන්න. රසට අනූව ලුණු ද එකතු කරන්න. දැන් සිහින්ව කපා ගත් පොළොස්ද දමා මද ගින්නේ පිස ගන්න. ඉස්ම හිදී පදම ආ විට ලිපෙන් බා ගන්න. නිවෙන්නට හැර වියළි බෝතල් වල අසුරා ගන්න. කල් තබා ගෙන භාවිතයට ගත හැකිය.
අවශ්‍ය ද්‍රව්‍ය :වම්බටු ග්‍රෑම් 500 ( සිහින්ව කපා ගත් )රතු ළුණු ග්‍රෑම් 250 (පිරිසිදු කර ගත් )අමුමිරිස් ග්‍රෑම් 100 ( වෙන්...
අවශ්‍ය ද්‍රව්‍ය :රතු ළුෑනූ ග්‍රෑම් 500කැරටි ග්‍රෑම් 100මාලු මිරිස් ග්‍රෑම් 100සූල්තානා ග්‍රෑම් 100රට ඉඳි ග්‍රෑම් 100සූදු ළුෑනූ (අඹරා) තේ හැඳි 1අමූ...
අවශ්‍ය ද්‍රව්‍ය :අලුත් ඌරුමස් ග්‍රෑම් 500 කහ කුඩූ තේ හැඳි 1 ලුණූ කුඩූ තේ හැඳි 1 අඹරාගත් ඉඟුරු අඟල් 2 කැබැල්ලක්...
අවශ්‍ය ද්‍රව්‍ය :තම්බා ගත් බීටි කිලෝග්‍රෑම් 1විනාකිරි මිලිලීටර් 300කරදමූංගු 2කරාබූනැටි 2වියළි කුරුඳු කොළ 1කැබලි ගම්මිරිස් තේ හැඳි 1ලුණූ තේ හැඳි 1/2සීනි...
අවශ්‍ය ද්‍රව්‍ය :කරවිල ගෙඩි 4ක්වියලි මිරිස් අවුන්ස 1/2සුදු ළූණු අවුන්ස ¼අබ අවුන්ස ¼අමු ඉගුරු අවුන්ස ½ විනාකිරි අවුන්ස ¼ පොල්තෙල් ලුනුසාදා ගන්නේ මෙහෙමයි : කරවිල...
අවශ්‍ය ද්‍රව්‍ය :අන්නාසි කිලෝ ග්‍රෑම් 1විනාකිරි මිලිලීටර් 200සූදු ළුෑනූ, අමූ ඉඟුරු අඹරා තේ හැඳි 1 බැගින්සීනි මේස හැඳි 2කැබලි මිරිස් මේස...