බීටිරූටි අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය :
- තම්බා ගත් බීටි කිලෝග්‍රෑම් 1
- විනාකිරි මිලිලීටර් 300
- කරදමූංගු 2
- කරාබූනැටි 2
- වියළි කුරුඳු කොළ 1
- කැබලි ගම්මිරිස් තේ හැඳි 1
- ලුණූ තේ හැඳි 1/2
- සීනි මේස හැඳි 2
- තලතෙල් මේස හැඳි 1/2
සාදන ක්‍රමය :
බීටි රූටි අඟල් 1·4 හරි හතරැස් කැබලි කපන්න. භාජනයක් ගෙන විනාකිරි දමා ලිප තබා කරදමූංගු, කරාබූනැටි, කුරුඳු කොළ එක්කර උතුරන විට ගින්දර අඩූ කර සීනි, ලුණූ, ගම්මිරිස් ද එක්කර කපා ගත් බීටි රූටි දමා කලවම් කර තල තෙල් මේස හැඳි 2 ක් දමන්න. මෙය දවසක් තබා පාවිච්චියට ගන්න.