කරවිල අච්චාරු
- කරවිල ගෙඩි 4ක්
- වියලි මිරිස් අවුන්ස 1/2
- සුදු ළූණු අවුන්ස ¼
- අබ අවුන්ස ¼
- අමු ඉගුරු අවුන්ස ½
- විනාකිරි අවුන්ස ¼
- පොල්තෙල්
- ලුනු
සාදා ගන්නේ මෙහෙමයි :
කරවිල වල ඇට ඉවත් කර දිග අතට පෙති කපා ගන්න. මෙකෙරවිල පෙති විනාකිරෙන් ලිප මත තබා තැම්බෙන්නට හැර පොල්තෙලෙන් රන්වන් පාට වනතුරු බැද ගන්න. වියලි මිරිස් අවුන්ස 1/2, සුදු ළූණු අවුන්ස ¼, අබ අවුන්ස ¼, අමු ඉගුරු අවුන්ස ½, විනාකිරෙන් අබරන්න. ඒවා උකු ගතියෙන් වැඩිනම් ඉතිරි විනාකිරි වලින් ඒ ද්‍රව්‍ය එක්කොට මදක් දියකරගන්න. පලමුව රන්වන් පාට වනතුරු බැදගත් කරවිල වලට මෙම මිශ්‍රනය එක්කොට හොදින් කලවම් කරගන්න. දින කිහිපයක් වුවද තබාගෙන ආහාරයට ගත හැකිය.