සැමන් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය :
- සැමන් ග්‍රෑම් 250ක්
- චොප්කර ගත් ලූනූ ගෙඩියක්
- කොටුවට කපාගත් බෙල්පෙපර් ගෙඩියක්
- ඔලිව් තෙල් ස්වල්පයක්
- බටර් ස්වල්පයක්
- බිස්කට් කුඩු කෝප්ප 1/4ක්
- බිත්තර 2ක්
- සෝයා සෝස් මේස හැඳි 2ක්
- ලුණු හා ගම්මිරිස් කුඩු
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
සාදන ක්‍රමය :
පෑන් එකකට තෙල් ටිකක් දමා එයටම බටර් ස්වල්පයක් එක් කරගන්න. ලූනූ ටික
රත් වූ තෙලට දමා බැඳෙන විට බෙල්පෙපර් ද එයට එකතු කර ගන්න. තෙම්පරාදුව
ලිපෙන් බා පොඩි කරගත් සැමන් වලට දමා කලවම් කරගන්න. එයටම බිස්කට් කුඩු
හා බිත්තර දමා සෝයා සෝස්, ලුණු, ගම්මිරිස් කුඩු හා කොත්තමල්ලි කොළ ටික ද
එකතු කරගන්න.මිශ්‍රණය කලවම් කරගෙන පැතලි බෝල සාදා ගන්න. බටර් ගා ගත්
ට්‍රේ එකක සදා ගත් බෝල තබා ඔලිව් තෙල් උඩින් ස්ප්‍රේ කරන්න. දැන්
සෙල්සියස් අංශක180ට රන්වන් පාට වනතෙක් බේක් කරගන්න. නැත්තම් පෑන් එකකට
තෙල් ස්වල්පයක් දමා දෙපැත්ත බැඳගන්නත් පුළුවන්.