කර්ඩ් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය :
- විටින් ක්‍රීම් මි.ලි. 250
- කර්ඩ් මි.ලි.100
- ටොපින් ෆ්ලේවර් මි.ලි 15
- ජෙලටීන් ග්‍රෑම් 12
- කේක් බේස්.
- මාරි බිස්කට් ග්‍රෑම් 100
- ඇස්ට්‍රා ග්‍රැම්
- අයිසින් ෂුගර් ග්‍රෑම් 25
මාරි බිස්කට් ස්වල්පය කුඩු කරගන්න. (සැ.යු.පොඩි කැබළි ඉතිරි වන සේ කුඩු කරගැනීම අත්‍යවශ්‍ය යි. ) ඉන්පසුව අපි එයට ඇස්ට්‍රා සහ අයිසින් ෂුගර් එකතු කරගනිමින් හොඳින් මිශ්‍ර කරගන්න ඕන. දැන් සුදුසු බ`දුනක් ගෙන එයට බිස්කට් මිශ්‍රණය එක් කොට හොඳින් තද කොට පසුව උණුවතුර ස්වල්පයක් ගෙන ජෙලටීන් ටික හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසුව විටින් ක්‍රීම් බඳුනකට දමා විනාඩි දෙකක් පමණ බීට් කරගන්න. එයට මුදවපු කිරි සහ ටොපින් ප්ලේවර් 50 පක ක් එකතු කොට තත්පර 30ක් පමණ බීට් කරගන්න. දැන් ජෙලටීන් මිශ්‍රණය එයට දමා හැන්දක් ආධාරයෙන් කළවම් කරගන්න ඕන.ඉන්පසු මෙම මිශ්‍රණය අප කලින් සාදාගත් බිස්කට් මිශ්‍රණය දැමූ බදුනට දමා එය පිළිවෙලකට සදා ගන්න. අනතුරුව එය මතට අපි කලින් ඉතුරු කරගත් ටොපින් ප්ලේවර් එක යොදා එය අලංකාර කරගන්නත් අපිට පුළුවන්. දැන් එය පැයක් පමණ කාලයක් ශීතකරණයේ තබාගන්න.ඔන්න දැන් අපි අපේ කර්ඩ් කේක් එක සාදා ගෙන අවසන්.. පිස්සු වැටෙන රසක් පොඩ්ඩොන්ට දෙන්න වගේම ගෙදර අනෙක් උදවියටත් රසම රස අතුරුපස ලෙස කර්ඩ් කේක් පිළිගන්වන්න.