නාරිලතා

තනිකඩ දිවිය හරිම සුන්දරයි. දැන් හිතුණද දැන් ගියා. ලංකාවෙද? සල්ලි තියෙනව නම් පිටරටකද? අනුරාධපුරයෙ පොලොන්නරුවෙ නටබුන් අතරද, වෙහෙරක් විහාරයක්, බෝ මැඩක් ළඟද, හිතත් එක්ක තනිවෙන්න පුළුවන්. වටේ ඉන්න යහළු යෙහෙළියන් තනිකඩ දිවිය සමච්චලයකට අරගෙන. “ලෝකේ ලස්සන වෙන්නට දෙදෙනෙක් ඕනෑ වෙයි” මේක තමයි ඒ අය මගේ හිතට වද්දන්නෙ. දෙන්න තුන්දෙනා වෙන එක ඒ ගොල්ලන්ගෙ ඉලක්කය. තනි අලියා සැරයි. ඌට අරමුණක් නෑ, ඉලක්කයක් නෑ. රංචුවක් නෑ. අම්ම තාත්ත අහිමි වුණා. සහෝදර සහෝදරියො වෙන වෙනම කූඩු තනාගෙන විසිරිලා ගිහින්. මහ ගෙදර තනි වුණ මගේ ජීවිතයට හොඳ කවි සංකල්පනා, ගී පදවැල් ලියන්න මුමුනන්න නිදි මරාගෙන පුළුවන්. මහරෑ මැදියම් රැයේ සඳ තරු පිරිවැරූ අහස දිහා බලාගෙන ලස්සන චිත්ත රූප මවන්න පුළුවන්. මොකද අද පරක්කු වුණේ? අනේ! දැන් නිදාගන්නෙ නැද්ද? අහන්න කෙනෙක් නෑ. තනිවීම අසපුවක් කරගෙන, හිත භාවනාවක් කරගෙන. මම දැහැන්ගත වෙලා. තනි වෙන්න, තනිවෙන්න කියල වැර දැරූ හිත අද්දර ඔන්න නාරිලතා මලක් පිපුණා. නෙතු පියන් වසඟ වුණා, හිත උඩු යටි කුරු වුණා. “ලෝකේ ජීවත් වෙන්නට දෙදෙනෙක් ඕනෑ වෙයි” එයා ගයනව, රඟනව, තනි වෙන්න ඉඩ දෙන්න බෑ - නාරිලතා මල කියනව. ඔයා පරපුරක් ගැන හිතන්නෙ නැද්ද? ඔයාට පීතෘ පදවි. මට මාතෘ පදවිය. ලබන්න ලබාදෙන්න බැරිද? ඔය කකුලෙ කටුවක් ඇනුනහම අරන් දාන්නෙ කව්ද? වයසට ගියාම කොන්දෙ කැක්කුමක් ආවහම තෙල් ටිකක් ගා ගන්නෙ කොහොමද? නාරිලතා මහ හයියෙන් හිනාවෙනව. කෝම කෝම හරි දන්න හැම රංගනයක්ම දාල නාරිලතා, හැඳි මිටේ දිග තියෙන නුවණින් මාව දියාරු කරල අල්ලට අරගෙන දිව ගාල ලුණු ඇඹුල් රහ බැලුව. ඇත්ත නේන්නම් දෙන්නෙක් එක වහලක් යට කොච්චර සුන්දරද? අපරාදේ මම තනිවෙලා හිටිය කල්, තව පොඩ්ඩෙන් ජීවිතයෙ වසන්තය මග හැරෙනව. නාරිලතා මල ඔයා සුවඳයි මම ඔයාව වැලඳ ගන්නව. ගම්පහ සිරි පෙරේරා කහවල උපුටා ගැනීම සිළුමිණ පුවත්පත

Share This Article

සොඳුරු සුවඳ

ඉතිරි වූ ආදරණීය මතකයන් සුවඳ දිදී මගේ දිවියේ පෙරළි කරනව. හුදෙකලාවේ ගෙවුණු ජීවිතය ජීවත් කරවූයේ ඒ මතකය විතරමයි... දිව්‍යාගෙ මතකය හිතට...

රෑ රූ

රාත්‍රිය නිසලය. තාරක සිනා විය. පුර සඳ නැතත් පෑයූ අටවක සෞමයය. පෑ ස‍ඳේ එලියත් වීදී ලාම්පු එලියත් වැටී පුරහලේ කඩතොළු බිත්තිවල...

එක වදනක් පමණි.

වියට්නාම් ජාතික දෝ වියට් හං (Dau Viet Hung) ලියූ දතර Only One Word කෙටිකතාවේ සිංහල පරිවර්තනය මහල්ලා ගැන තමා අකමැති දෑ බොහෝ...

වන්දනාව

මතක දිග හැරුම සල්වාරි එකට ඔයා ගොඩක් ලස්සනයි. අහිංසක පාටයි..." "තෑන්ක්ස්, ඒත්..." "ඇයි ? ඒත් කියන්නේ" "නෑ... ඉතිං, මේක මගේ නෙවෙයිනේ"...

යථාර්ථය

ඝනව වැඩී පැතිරී තිබූ රුක් ගොමු අතරින් විහිදී එන පැට්රෝල් මැක්ස් ආලෝකය ඉලක්ක කරගෙන ජයන්තන් සහ තංගරාජා ඉදිරියට පා තැබූහ. උඩැක්කිවල...

භූමිතෙල් ගඳ

වෙළඹකගේ හේෂාරවය ඇසුණ සැනින් “ගුලේජි” ඉමහත් ප්‍රීතියට පත්වූවාය. ඇය වහා පිටතට දුව ගොස් වෙළඹගේ ගෙලට ඇයගේ හිස තබා සිය සතුට ප්‍රකාශ...