වක ගැසුණු මිනිසා
මගේ දවසේ රාජකාරි අහවර වී තිබේ. දන් ඉතින් මට එදිනට විවෙක ගත හැකිය. එහෙයින් මම එම ග්‍රීෂ්ම රාත්‍රියේ ගිනි උදුන අසලට වී පයිප්පය උරමින් නවකතා පොතක රස බැලිමට පටන් ගතිමි. මගේ බිරිද නින්දට වැටී ඇත. මම පයිප්පයේ අලූ හැලිම පිණිස නැගි සිටියෙමි. එවිටම දොරෙ සීනුව නාද විය.
ඔරලොසුව මට පැවසුවෙ එවිට වෙලාව මධ්‍යම රාත්‍රී එකොලහයි හතළිස් පහ බවයි. මුළු රැයම මා නිදි වර්ජිත කර තැබීමට සමත් රෝගියෙකු නිසැකවම පැමිණ තිබේ. මම මුහුණ ඇඹුල් කරගෙන දොර විවෘත කලෙමි. පුදුමයක මහත... දොර ඇර සිටගෙන සිටියේ කිසිම ආකාරයකින් රෝගියෙකු නොවන මගේ සුමිතුරු ෂර්ලොක් හෝම්ස්ය.
"අහා... වොට්සන්... මම හිතන්නෙ මම ප්‍රමාද වැඩි නැහැ කියලයි..."
මම ඔහුව සාදරයෙන් පිළිගෙන ගෙතුලට කැදවීමි.
"තනිකඩ කාලෙදි වගේ ඔබ තවම බොන්නේ ආර්කේඩියා දුම් කොළ නේද? ඒක නෙමෙයි වොට්සන්... අද රෑට මට මෙහි නවාතැන් ගත හැකියි නේද?"
මම එම යොජනාවට අතිෂය කැමති බව මම ඔහුට පැවසීමි. ඔහු මා ඉදිරිපිට අසුන් ගෙන ඔහුගේ පයිප්පය දල්වා ගත්තේය. මෙලෙස මැදියම් රාත්‍රියේ පැමිණීමෙනුත්, රාත්‍රියෙ මා සමග නැවතීමෙනුත් ගමය වන්නේ ෂර්ලොක් හෝම්ස් බරපතල, එමෙන්ම වැදගත් කාරණයකට මෙහි පමිණි බවයි. එසේ නමුත් ඔහු ඒ පිළිබදව පවසන තෙක්ම කිසිත් නොවිමසන්නට මම ප්‍රවෙශම් වූයෙමි. මා ඔහුගේ පිළිවෙතට බාධා නොකළ යුතුය.
"මේ අභිරහස මගේ උනන්දුව වැඩි කරන සුලූයි, වොට්සන්." මගේ මිතුරා කතාව අරබා තිබේ. මම අසා සිටියෙමි. "මම කරුණු අධයනය කළා. එවිට මට පෙනී ගියා විසදුම අත ළගටම පැමිණ ඇති බව. කොහොම උනත් මා සතුටුයි අවසාන පියවර වලදී ඔබ මා සමග එකතු වෙනවා නම්."
"එය මට ඉතාම සතුටක් හෝම්ස්..."
"ඔබට හෙට මාත් සමග ඇල්ඩර්ෂොට් වගේ දුර පළාතකට එන්න පුළුවනි නේද?"
මම ඔහුට ඉතසිතින් එකග වූයෙමි. මගේ රෝගීන් හට ප්‍රතිකාර කිරීම මගේ හිතවත් අසල්වසියාට භාර දීමට මට පුලූවන. හෝම්ස් පැවසුවේ අප හෙට දින පෙරවරු 11.10 ට වෝල්ටර් ලු වලින් දුම් රියට නැගිය යුතු බවයි. එතෙක් අපට වෙලාව උවමනා තරම් තිබේ. අනතුරුව හෝම්ස් මගේ ඉල්ලිම මත මට සිද්ධිය විස්තර කිරීමට ඇරබුවේය. මගේ මිතුරා මෙවර පරීක්ෂණ පවත්වමින් සිටියේ ඇල්ඩර්ෂොට් වල රාජකීය මන්ස්ටර්ස් බලකායේ කර්නල් බාක්ලේගේ හදිසි මිනීමැරුම පිළිබදවය.
"මට ඒ ගැන කිසිම දෙයක් අහන්න ලැබුනේ නැහැ." මම සත්‍යම පැවසූවෙමි.
"ඒක ඇත්ත මිත්‍රයා... ඒ කාරණා වලට පිට පළාත් වලින් තවම කිසිම අවධානයක් යොමු වෙලා නෑ. ඇත්තම කියනවා නම් ඒ කාරණා වලට වයස තවම දින දෙකයි." එසේ කියූ හෝම්ස් සිද්ධියට අදාල කාරණා කෙටියෙන් විස්තර කිරීම ඇරඹුවේය. ඒ අනූව පසුගිය සදුදා වන තෙක්ම කර්නල් බාක්ලේ රාජකීය මන්ස්ටර්ස් බලකායේ අණ දෙන නිළධාරියා වශයෙන් සේවය කළේය. මෙම අයර්ලන්ත බළකාය බ්‍රිතාන්‍ය හමුදාවට අයත් වටිනා දක්ෂ බට ඛන්ඩයක් විය. විවාහ වන විට සාජන්ට් වරයෙකු වූ බාර්ක්ලේ තම හැකියාවන් දක්ෂතාවයන් මත ඉතා ඉක්මනින් ඉහල තනතුරු කරා නැගි අයෙක් විය. දැනට විවාහය සිදු වි වසර තිහකි. එවිට අතිශය රූමතියකව සිටි බාක්ලේ මහත්මිය, බාක්ලේ මහතා සේම බලකාය පුරා ජනප්‍රියත්වයක් ඉසිලු තැනැත්තියක්ද වූවාය. ඇත්ත වශයෙන්ම බලකාය ඇයට ආගන්තුක ස්ථානයක් නොවේ. ඇය විවාහ වන විට, එම බලකායේම ධජය භාර සාජන්ට් වරයෙකුගේ දියණියයි. හෝම්ස්ට තොරතුරු සැපයූ මේජර් මර්ෆි පැවසූ ආකාරයට සාජන්ට් වරයාගේ විවාහ ජීවිතය හැල හැප්පීම් වලින් තොර ප්‍රීතිමත් එකක් විය. කෙසේ නමුත් බාක්ලේ තම බිරිදට ආදරය කළාට වඩා අඩුවෙන් බිරිද බාක්ලේ හට ආදරය දැක්වීම විශේෂ කාරණාවකි. නිතර සිනාමුසු මුහුනෙන් පසුවන එතෙක් ඉද හිට කෘර, දුෂ්ට ගති විදහා දක්වන කර්නල් බාක්ලේ කිසිදු විටෙක තමාගේ අවගුණ බිරිද ඉදිරියේ දක්වෙන පරිදි හැසිරී නොමැත.එසේම කර්නල් බාක්ලේ කෙතරම් නිර්භීත අයෙකු වූවත් මේජර් මර්ෆි ඇතුළු හෝම්ස්ට තොරතුරු සැපයූ නිලදරුවන් තුනෙන් දෙකක්ම පවසා ඇත්තේ හිටිගමන්ම මෙම නිළධාරියාගේ මුහුන බියෙන් දෙදරුම් කන්නට පටන් ගන්නා බවයි. එවිට දින දෙක තුනක් යනතෙක් ඔහුට ප්‍රකෘති තත්වයට පත්වීමට නොහැකි බවත් ඔහු අදුරට අතිශය බියක් දැක්වූ බවත් අනාවරණය වී තිබේ.
වසර ගණනාවක් මුළුල්ලේ මෙම බලකායේ මූලස්ථානය පිහිටා තිබුනේ ඇල්ඩර්ෂොට් හිය. එම කාලය මුළුල්ලේම කර්නල් බාක්ලේ සහ බිරිද වාසය කර ඇත්තේ ලැවින් නැමැති, කදවුරට උතුරින් සැතපුම් භාගයක් පමණ දුරින් පිහිටි බංගලාවකය. එම නිවසට කිසි දිනෙක අමුත්තන් පැමිණ නැති අතර අස් රිය පදවන්නාත් සෙවිකාවන් දෙදෙනාත් පමණක් බාක්ලේ යුවල හැර එහි ඉතිරි නිවැසියෝ වූහ. බාක්ලේ යුවලට දරුවන් නැත.
ඉන්පසු හෝම්ස් සිද්දිය සම්බන්ධ පසුබිම් තොරතුරු කථනය එතෙකින් හමාර කර පසුගිය සදුදා රාත්‍රී නවයත් දහයත් අතර ලැවින් බංගලාවේ සිදු වූ දේවල් පිලිබදව තම අවධානය යොමු කළේය.
එදින රාත්‍රී අටට බාක්ලේ මහත්මිය නිවසින් පිටත්ව ගොස් ඇත්තේ ඇය සමාජ සේවිකාවක වශයෙන් කටයුතු කළ වොට් ස්ටී්‍රට් දෙවස්ථානයේ ශාන්ත ජෝර්ජ් සන්සදයේ රැස්වීමකට සහභාගි වනු පිණිසය. අස් රිය පදවන්නාට ඇසී ඇත්තේ ඇය තම සැමියා හට තමා ඉක්මනින් පැමිනෙන බව පවසන අයුරුයි. ඇය අසල්වැසි මොරිසන් මහත්මියද මෙම ගමනට එකතු කරගෙන ඇති අතරබාක්ලේ මහත්මිය රාත්‍රී නවයයි කාලට පෙරළා පැමිණ ඇත. ඒ මොරිසන් මහත්මිය ඇගේ නිවසට ඇරලීමෙන් පසුවයි.
බාක්ලේ මහත්මිය නිවසට පැමිණ වහා ඇතුළු වී තිඛෙන්නේ බංගලාවේ මුහුණ ලා ඇති කාමරයටය. මාර්ගයත් එම කාමරයේ ඇති විශාල වීදුරු ජනේලයත් අතර යාර තිහක පමණ පරතරයක් ඇති අතර, එහි තණකොළ වවා තිබේ. කාමරයට ඇතුල්ව පහන් දැල්වූ ඇය, තම ගෘහ සේවිකාව වන ෙජ්න් ස්ටුවට් ව කැදවා තිබේ. ඒ තම සුපුරුදු තේ කෝප්පය රැගෙන එන ලෙස පැවසීමටය. එවිට අස් රිය පදවන්නා දැක ඇත්තේ තම බිරිද පැමිණි හඩ අසා කෑම කාමරයේ සිටි බාක්ලේ මහතා එම කාමරයට යන ආකාරයටය. ඔහු අවසාන වතාවට බාක්ලේ මහතා ජීවත්ව සිටිනු දැක ඇත්තේ එම අවස්ථාවේදීය.මේ අතර තේ කෝප්පය රැගෙන ආ සෙවිකාවට ඇසී ඇත්තේ තම ස්වාමිදුවත් බාක්ලේ මහතාත් ජීවිතේ පළමු වතාවට බහින් බස් වන ආකාරයයි. ඇය දොර විවෘත කිරීවමට උත්සාහ කළත් දොර අතුලතින් අගුළු දමා තිබුන හෙයින් දිව ගිය ගෘහ සේවිකාව අස් රිය පදවන්නාත් ආහාර පිසින්නියත් කැදවා තිබේ. කාමර තුළ සිදු වූ වචන හුවමාරුවෙන් මොවුන් තිදෙනාටම ඇසී ඇත්තේ බාක්ලේ මහත්මිය කිහිප වතාවක්ම උස් හඩින් "උඹ බියගුල්ලෙක්" යැයි පවසනු පමණය. කාමර තුළින් ඇසුනේ මේ දෙදෙනාගේ කටහඩවල් පමණක් බවට තිදෙනාම හෝම්ස්ට සහතික වී තිබේ.
"දැන් මොනවා කරන්නද? මගේ ජීවිතේ මට ආපහු දියන්. උඹ බියගුල්ලෙක්..." යැයි බාක්ලේ මහත්මිය වරක් පවසා තිබේ. ඇගේ මේ කෑ මොර ගෑම අවසාන වී ඇත්තේ පිරිමි හඩ නැගූ විලාපයද සමගමය. ඒ සමගම විශාල ශබ්දයත්, බාක්ලේ මහත්මියගේ විලාපයත් ඇසී තිබේ. කාමර ඇතුලත විශාල විනාශයක් සිදුවන බව වටහා ගත් අස් රිය පදවන්නා කාමරයේ දොර කඩා කාමරයට ඇතුලූ වීමට උත්සාහ ගෙන තිබේ. එය අසාර්තක වූ කළ ඔහුට ජනේලය සිහිපත් වී ඒ අසලට යනවිට දැක ඇත්තේ එක් ජනේල පියනක් විවෘත කර ඇති ආකාරයයි. ඉන් කාමරයට පිවිසුණු ඔහු දැක ඇත්තේ තම ස්වාමි දුව සිහිසුන්ව සෝපාව මතට වැටී ඇති ආකාරයත්, ගිනි උදුන අසල දෙපා පුටුවක් මතත් හිස පොළොව මතත් වැතිරී ඇති ආකාරයට බාක්ලේ මහතාගේ මළ සිරුර ලේ විලක් මැද වතිරී තිඛෙන ආකාරයයි.
කාමරයේ දොර ඇතුලතින් විවෘත කිරීමට උත්සාහ කලත් අස්රිය කරුවා හට එහි යතුර දොරේ හෝ කාමරයේ තිබී හමු වි නැත. ඒ නිසා ඔහු ජනේලයෙන් පිටතට පැමිණ පොලිස් නිලධාරියෙකු හා වෛද්‍යවරයෙකු කැදවා ගෙන විත් තිබේ. ඒ වන විටත් කර්නල්වරයා මිය ගොස් සිටි අතර ඉන් අනතුරුව ඒ පිළිබඳව පර්යේෂණ කටයුතු ආරම්භ කර තිබේ.
මල සිරිර තිබු ස්ථානය අසලින් අස්ථියකින් නිම වු මිටක් සහිත කැටයම් කල පොල්ලක් හමු වි තිබේ. හමුදා නිලධාරියා මිය ගොස් ඇත්තේ හිස පිටු පස ඇති වූ අඟල් දෙකක් පමණ දිග කැපුම් තුවාලයක් හේතුවෙනි. කාමරය තුළ යතුර හෝ වෙනත් වැදගත් දෙයක් නොතිබූ අතර දොර විවෘත කර ඇත්තේ ඇල්ඩර්ෂොට් හි කම්කරු ගෙන්වා තවත් යතුරක් තැනීමෙන් පසුවයි.
"හැමදේම සිද්ධ වෙලා තියෙන්නේ ඒ විදියට වොට්සන්... අඟහරුවාදා උදේ මේජර් මර්ෆි මගෙන් ඉල්ලීමක් කළා ඇවිත් පර්යේෂණ කටයුතු සඳහා පොලිසියට උදව් වෙන්න කියලා.. මම හිතන්නේ මෙය පිටුපස වඩාත් උනන්දුව ඇති කරවන සුළු සැඟවුණු දේවල් තිබෙනවා..." හෝම්ස් පැවසිය. ඔහු අනතුරුව එම කරුණුද විස්තර කළේය.
"ජේන් ස්ටුවර්ට් නමැති සේවිකාවට බාක්ලේ මහත්මිය කිහිප වතාවක්ම "ඩේවිඩ්" යන නම පවසනු ඇසි තිබීම ඒ අතරින් හෝම්ස්ගේ උනන්දුව වඩාත් වැඩි දියුණු කර තිබේ. තවද කර්නල් වරයාගේ මල සිරුරේ මුහුණේ රැදී තිබුණු බියපත් ස්වරූපය දැක කිහිප දෙනෙක්ම සිහිසුන්ව අද වැටී තිබේ. මේ අතර පොලිසියේ සැකය බාක්ලේ මහත්මිය කෙරෙහි එක එල්ලේ යොමුව ඇත. එහෙත් බාර්ක්ලේ මහත්මිය දරුණු මොලේ උණ රෝගයකට ගොදුරු වී සිටින්නී ය. ඒ අතර බාර්ක්ලේ මහත්මිය කැටිව ගිය මොරිසන් මෙනෙවිය මේ ආරවුලට හේතු වූ කිසිදු කරුණක් පිළිබඳව කිසිත් නොදනී. එසේම කාමරයේ යතුර අතුරුදන් වීම කෙරෙහි තුන්වන්නකුගේ බලපෑමක් නිසැක වශයෙන්ම තිබිය යුතු යැයි හෝම්ස් සක කළේය. කාමරය හා ඉන් පිටත තණකොළ පරික්ෂා කල හෝම්ස්ට දන ගත හැකි වී ඇත්තේ යමෙකු කාමරයට ඇතුළු වි ඇති ආකාරයයි.
"මට හැකි වුණා පැහැදිලි අඩි සලකුණු පහක් ලබා ගන්න. දෙකක් තිබුනේ තණ බිමේ. ජනේලයෙන් ඔහු ඇතුළු වූ තැන තවත් සටහන් දෙකක් පිහිටා තිබුනා. කොහොම වුනත් වොට්සන් මාව පුදුමයට පත් කලේ හදිසියෙන් මිදුලට පැන්න ඔහු නෙමේ. ඔහුගේ සඟයා."
"ඔහුගේ සඟයා?" මම පුදුමයෙන් විමසීමි. එවිට හෝම්ස් සාක්කුවෙන් ගත් කඩදාසියක් ඔහුගේ දෙදන මත තබා ප්‍රවේශමෙන් දිග හැරියේය. ඔහු මගෙන් ඉල්ලා සිටියේ එය පරික්ෂා කර බලා මගේ අදහස් ප්‍රකාශ කරන ලෙසටයි. එහි වුයේ කුඩා සතෙකුගේ පා සටහන් වල සලකුනුයි. දිගු නිය සහිත වූ ඒ එකක් වත් තේ හඬක ප්‍රමාණයට වඩා විශාල වූයේ නැත.
"බල්ලෙක් වෙන්න පුළුවන්." මම පැවසීමි.
"බල්ලෙක් කවදාවත් ජනෙල් තිරයක් මත බඩ ගෑ බවක් ඔබ අහලා තියෙනවාද වොට්සන් ?" එවිට හෝම්ස් මගෙන් විමසීය.
"එහෙනම් වදුරෙකුගේ..."
"නැහැ එහෙම වෙන්නත් බැහැ."
"එහෙනම්?"
"මේවා බල්ලෙකුගේ, වදුරෙකුගේ හෝ බලලෙකුගේ වෙන්න බැහැ. ඉදිරි පාද වල ඉදන් පසු පාද වලට දිග අඟල් පහළොවක් විතර ඇති. බෙල්ලෙත්, හිසේත් දිග එක කලාම අඩි දෙකක් විතර දිග සතෙක්. වලිගයක් තියෙනවා නම් ඊටත් වඩා වැඩියි. ඇවිදගෙන යනකොට පාද අතර පරතරය අඟල් තුනකට වඩා වැඩි නැහැ. ඒ කියන්නේ මේ සතාට දිග ශරීරයක් තිබුනත් උගේ පාද කොටයි. ඒ වගේම ඌ මාංශ භක්ෂකයෙක්."
"කොහොමද ඔබ එහෙම තීරණය කලේ?" මම විමතියෙන් විමසීමි.
"මූ තිරය දිගේ ඉහලට නැග තිබෙනවා. කැනරි කුරුල්ලෙක් ඉන්න කුඩුවක් එතන වහලේ එල්ලා තිබුණා."
"එතකොට මූ මොකෙක්ද හෝම්ස්?"
"මට මේ සතාගේ නම කියාගන්න පුළුවන් නම් මේ අභිරහසත් මම සෑහෙන්න දුරකට විසදලා ඉවරයි..."
එවිට මෙම අපරාධයට එම සතාගේ ඇති සම්බන්ධය කුමක්ද? මම එය හෝම්ස් ගෙන් විමසා සිටියෙමි.
"එකත් හරියට තවම කියන්න බැහැ. මට හිතෙන්නේ තාප්පයෙන් පැන තණකොළ උඩින් දුව ආ ආගන්තුකයා සමඟම මේ සතාත් කාමරයට ඇතුල් වෙන්න ඇති. එක්කෝ ඔහු කර්නල්ට පහර දුන්නා. නැතිනම් ඔහු දැක බිය වූ කර්නල් ඇද වැටුනේ උදුනේ මුවහත් දාරය උඩට... දොරේ යතුර කාමරයට ඇතුළු වූ පුද්ගලයා රැගෙන යන්න ඇති."
"මට හිතෙන්නේ ඔබේ සොයා ගැනීම් වලින් සිද්ධිය තවත් ව්‍යාකුල වෙලා වගෙයි... " මම පැවසීමි.
"වෙන්න පුළුවන් කොහොම වුනත් මේ සිද්ධිය ඉතාම ගැඹුරු අභිරහසක්. වොට්සන්... ඔබට නිදිමතද?"
"ඔබ කතාව නතර කරන්න ප්‍රමාද වුනා වැඩියි හෝම්ස්..."
"හොදයි... එහෙම නම් මම කතාවේ ඉතිරි ටිකත් පවසන්නම්."
හෝම්ස් කතාව යළි ආරම්භ කළේය. ඔහුගේ අදහස වූයේ බාක්ලේ මහත්මිය මිත්‍රශීලීව තම සැමියාගෙන් සමුගෙන මොරිසන් මෙනෙවිය සමග දේවස්ථානයට ගොස් නැවත පැමිණ සැමියා සමග බහින් බස් වීම අස්වාභාවික බවයි. එසේල්ම මෙම ආරව්ලට හේතුව මොරිසන් මෙනෙවිය දන සිටිය යුතු බවයි. තමන් මොරිසන් මෙනෙවිය හමු වී කරුණු විමසා සිටි කල ඔහුගේ එම බලාපොරොත්තුව බිද වැටී තිබේ. මොරිසන් මෙනෙවිය එවැනි කිසිදු දෙයක් දැන සිටියේ නැත. එනමුත් මිණි මැරුම් චෝදනාව එල්ල වි තිබෙන්නේ ඇගේ මිතුරියට බව පවසා සිටි කළ මොරිසන් මෙනෙවිය මදක් කල්පනා කර මෙබදු දෙයක් පවසා තිබේ.
"මම මගේ මිතුරියට පොරොන්දු වුණා කිසිවෙකුට ඒ පිළිබඳව නොපවසන්නට... නමුත් ඇගේ යහපත තකා ඒ පොරොන්දුව කඩන්නට මට සිදු වෙනවා." අනතුරුව ඇය සඳුදා සැන්දෑවේ සිදු වූ දේ විස්තර කර තිබේ.
"වොට් ස්ට්‍රීට් දේවස්ථානයේ සිට මාත් බාර්ක්ලේ මහත්මියත් ආපසු පැමිණෙමින් සිටියා. හඩ්සන් විදිය පහු කරද්දී පාරේ වම පැත්තේ තිබු ලාම්පුවක් අසලින් මා දුටුවා අප වෙතට යම් මිනිසෙකු ඇවිදගෙන එන ආකාරය. ඔහුගේ කොන්ද අසාමාන්‍ය විදියට කුදුයි. පෙට්ටියක් වගේ දෙයක් ඔහුගේ හිසේ තිබුනා. ඔහු දන නමාගෙන හිස නැඹුරු කරගෙනයි ඇවිද්දේ. අපි පසුකරන විටම හිස ඔසවා බැලු ඔහු ඒ සමගම නැවතී මහා හඩින් කෑ ගැසුවා. "මගේ දෙවියනේ, මේ නැන්සි..." විරූපී මිනිසා අල්ලා නොගන්නට ඇය සිහිසුන්ව ඇද වැටෙනවා නිසැකයි. ඇගේ මුහුණ සුදු මැලිව තිබුනා. මම ලැහැස්ති වුනේ පොලිසියට කතා කරන්න. එත් මාව පුදුමයට පත් කරවමින් නැන්සි ඒ මිනිසාත් සමඟ සුහදව කතා කළා."
"මම මේ මුළු අවුරුදු තිහ පුරාවටම හිතුවේ ඔයා මියගිහින් කියලයි හෙන්රි."
"මිය ගියා වගේ තමයි" එවිට ඔහු ගොරෝසු කට හඬකින් පවසා තිබේ. අනතුරුව බාර්ක්ලේ මහත්මිය මොරිසන් මෙනෙවිය අමතා පවසා ඇත්තේ තමාට මොහු සමඟ තනිව කතා කිරීමට අවශ්‍ය බවයි. මිනිත්තු කිහිපයක් ඔහු හා කතා කල බාර්ක්ලේ මහත්මිය නැවත පැමිණ ඇත්තේ කෝපයෙන් දෙදරුම් කන දෙනෙතකින් යුතුවය. ඒ අතරම එම කුදු මිනිසා වියරු වැටී මෙන් ලාම්පු කනුව යටට වී දඟලන්නට පටන් ගෙන තිබේ. එතැන් පටන් එකම වචනයක් වත් කතා කර නැති බාර්ක්ලේ මහත්මිය මෙම සිද්ධිය කිසිවෙකු හටත් නොපවසන ලෙසට මොරිසන් මෙනෙවියගෙන් ප්‍රතිඥා ලබා ගෙන තිබේ.
"ඒ මං කාලෙකට ඉස්සර ඉදන් දන්නා, අදුනන කෙනෙක්." ඇය පවසා තිබේ.
ඉන්පසු මොරිසන් මෙනෙවිය ඇගේ මිතුරිය මේ වනතෙක් දැක නැත.
"මොරිසන් මෙනෙවිය මට කී කතාව ඒකයි වොට්සන්. මට ඒ කතාව අඳුරට වැටුණු පහන් එළියක් වගේ ඔබටත් වැටහෙනවා ඇති."
හෝම්ස්ගේ ඊ ළඟ පියවර වී තිබුනේ මේ අපූරු මිනිසාව සොයා ගෙන ඔහුව ප්‍රශ්න කිරීමයි. එය සාර්ථක ලෙස ඔහු ඉටු කරගෙන තිබුණි. "මේ ගෙවී ගිය හැන්දෑවේ මම ඔහුව ලුහු බැන්දා වොට්සන්... ඔහුගේ නම හෙන්රි වුඩ් වාසය කරන්නේ බාර්ක්ලේ මහත්මිය ඉන්නා විදියෙමයි. පදිංචිය දින පහයි. මිනිහා විජ්ජාකාරයෙක් බවත්, රාත්‍රියට ආපනශාලා වලට ගොස් අර සතාත් උදව් කරගෙන දර්ශන පෙන්වා මුදල් උපයා ගන්නා බවත් මම ලියාපදිංචි ඒජන්තවරයෙකු ලෙස පෙනී සිට ඒ ගෙදර හිමිකාරියගෙන් දැනගත්තා. නමුත් ඒ සතා මොකාද කියලා ඒ කාන්තාව දන්නෙත් නැහැ. මේ මිනිසා සමහර දිනවල රාත්‍රියේදී නොතේරෙන භාෂාවකින් මොන මොනවාද දොඩවමින් වැලපෙනවාලු. ඔහුට මුදල් වලින් හිඟ පාඩුවක් නැහැ. ඇය මට ඔහු දුන් අමුතු කාසියක් පෙන් වූවා. වොට්සන්.. ඔබ දන්නවාද? එය ඉන්දියානු රුපියලක්."
"ඉතින් වොට්සන්... මට ඔබගේ උදව් අවශ්‍ය ඇයිද කියලා ඔබට වැටහෙනවා නේද? කාමරයේ එදා සිද්ධ වුනු දේ හරියටම කියන්න පුළුවන් එකම තැනැත්තා ඔහුයි."
"ඔබේ සුදානම ඔහුගෙන් ප්‍රශ්ණ කරන්න නේද?" මම විමසුවෙමි.
"බොහෝ දුරට... හැබැයි සාක්ෂිකාරයෙක් ඉදිරිපිටදී..." එම සාක්ෂිකරුවා මා බවට වටහා ගැනීමට මට තවත් අටුවා ටීකා අවශ්‍ය වූයේ නැත.
"නමුත් ඔහු ප්‍රතික්ෂේප කලොත් අපට වරෙන්තුවක් ගන්න වෙනවා... මම ඔහු පසුපස කෙනෙක්ව රඳවාලයි තියෙන්නේ. ඒ නිසා අපි ඔහුව හෙට හඩ්සන් වීදියේදී මුණ ගැසෙමු. තව දුරටත් ඔබව අවදියෙන් තියාගෙන ඉදලා අපරාධකරුවෙක් වෙන්න මම කැමති නැහැ.
වොට්සන් සුභ රාත්‍රියක්."
පසුදා මධ්‍යහන වන විට අපි අපරාධය සිදු වුන ස්ථානයටත් අනතුරුව හඩ්සන් විදියටත් ගියෙමු.
"ආ... අර ඉන්නේ සිම්ප්සන්..." හෝම්ස් යමෙකු පෙන්වා මට පැවසුවේය. ඔත්තුකරුවා දුවවිත් අපට දැනුම් දුන්නේ ඔහු ඇතුලත සිටිනා බවයි. අපි එම නිවාස වෙතට ගමන් ගත්තෙමු.
තමා පැමිණියේ වැදගත් කාරනාවකටය යන පණිවිඩයත් සමගම තම කාඩ් පත හෙන්රි වුඩ් වෙතට යැවිය. මොහොතකින් ඔහු අප වෙතට පැමිණියේය. පුටුවක අසුන් ගත විටෙක ඔහුගේ සිරුරේ වක ගැසුණු ස්වභාවය ඉතාමත් හොදින් පැහැදිලි විය. කෙසේ නමුත් ඔහුගේ මුහුණ ජීවිතය යම් කලක් කදවසම්ව තිබුන බවට සැක නැත. අප දෙස සැකයෙන් බැලූ ඔහු අපට තමා ඉදිරියේ තිබුණු අසුන් දෙකක් පෙන්විය.
"හෙන්රි වුඩ් මහත්මයා, ඔබ කාලයක් ඉන්දියාවේ හිටියා කියා මම හිතනවා. මම ආවේ කර්නල් බාර්ක්ලේ මරණය ගැන ඔබෙන් තොරතුරු දැනගන්න."
"ඒක ගැන මම මොනවද දන්නේ?" යන පැනය ඔහුගේ ක්‍ෂණික පිළිතුර විය.
"මටත් අවශ්‍ය එය තමයි. මොනවාද ඔබ දන්නේ? මං හිතන්නේ ඔබ ඉදිරිපත් නොවුනොත් ඔබේ පැරැණි මිතුරිය වන බාර්ක්ලේ මහත්මියට මිනීමැරුම් චෝදනා යටතේ උසාවි යන්නට සිදු වේවි."
වක ගැසුණු මිනිසා බියෙන් සලිත විය.
"මම දන්නේ නැහැ ඔහේ කවුද කියලා. ඔහු කෑ ගැසුවේය. ඒත් ඔය කියුව දේවල් ඇත්තමයි කියලා ඔහෙට දිව්රන්න පුලුවන්ද?"
"ඇත්තෙන්ම ඇයට සිහිය ආ ගමන් පොලිසියෙන් ඇයව අත් අඩංගුවට ගනීවි."
"ඔබත් පොලිසියෙන්ද?"
"නැහැ. නමුත් මම ආවේ යුක්තිය ඉටු කරන්නට."
"මාව විශ්වාස කරන්න. ඇය අහිංසකයි."
"එහෙනම් ඔබද වැරදිකාරයා."
"නැහැ... නැහැ... මම නිර්දෝෂයි. මට උගේ ඉහ මොළ එලියට ගන්න තිබුනා. දෙවියනුත් හෘද සාක්‍ෂියත් නිසා ඒ නරුමයා ඇද නොවැටුනා නම් උගේ ලෙයින් මගේ අත් කිළිටි වේවි. ඔබට ඒ කතාව අහන්න අවශ්‍යද? හොදයි... එහෙනම් හොදින් අහගන්න." වකගැසුණු මිනිසා කතාව ඇරඹිය.
"දැන් මගේ පිටේ ඔටුවෙකුගේ වගේ මොල්ලියක් තිබුනත්, ඉන්දියාවේ භුර්ති ප්‍රදේශයේ ඉන්දැද්දීත් කෝප්‍රල් හෙන්රි වුඩ් රෙජිමේන්තුවේ සිටි කඩවසම්ම පුද්ගලයෙක්. ඔය මැරුණු බාක්ලේ එතකොට සාජන්ට් වරයෙක්. නැන්සි අපේ බලකායේ ධජය භාර සාජන්ට් වරයාගේ දියණිය. ඇයට පිරිමින් දෙදෙනෙක් ආදරය කළා. එත් ඇය ආදරය කලේ ඉන් එක්කෙනෙකුට පමණයි. ඒ මම. නමුත් ඇගේ පියාට අවශ්‍ය වුනේ ඇයව බාක්ලේට විවාහ කර දෙන්න.
බාක්ලේ හැම අංශයකින්ම මට වඩා ඉදිරියෙනුයි හිටියේ. එකවරම ඉන්දියාවේ ඇති වුනු කැරැල්ලක් නිසා මුළු ඉන්දියාවම ගිනි ගත්තා. කැරලි කරුවන් දස දහසකට මැදිව අපි භුර්ති වල කොටු වුණා. දෙවන සතිය වන විට ජලයත් අහවරයි. අපට කල හැකි එකම දෙය ඒ වන විට රට මැදින් පැමිණෙමින් සිටි ජනරාල් නීල්ගෙන් උපකාර ලබා ගැනීම. එම පණිවුඩය ගෙනයාමට මම කැමැත්තෙන්ම භාර ගත්තා. මගේ ගමන් මාර්ගය කියා දුන්නේ එම පළාත ගැන හොඳ දැනුමක් තිබුන බාක්ලේ... එදා රෑ හැරයාම අපහසු වුනේ එකම එක හදවතක් පමණයි. අන් සියලුම දෙය අත්හැර මා ගමන පටන් ගත්තා.
වියලි ගිය දිය පාරක් දිගේ මා යායුතු මාර්ගය වැටී තිබුනා. අනපේක්ෂිත විදියට මා එහිදී සතුරන් හය දෙනෙකුට කොටු වුණා. මගේ හිසට පහරක් එල්ල වුණා. නමුත් මට දරා ගත හැකි වුනේ එය නොවෙයි... ඔවුන් කී කතා... ඔවුන් කී දේ අනුව මට වැටහුනා ස්වදේශික මෙහෙකරුවකු අත මට ගමන් මඟ කී දුර්ජන බාක්ලේම මා පැමිණෙන වග සතුරන්ට දන්වා යැවූ බව.
ඔහු මොන ආකාරයේ නිචයෙක්ද කියන වග දැන් ඔබලාට වැටහෙනවා ඇති. පහුවදාම ජනරාල් නීල් පැමිණ ප්‍රදේශය මුදා ගත්තත්, කැරලිකරුවන් මාව ඔවුන්ගේ සිරකරුවෙක් ලෙස ගෙන ගොස් වද දුන්නා. මා පළා යාමට උත්සාහ ගත් නිසා නැවත නැවතත් කෘර ලෙස වද දුන්නා. මේ අතර මෙම කැරලිකරුවන් පිරිස මාව අරගෙන නේපාලයට පළා ගියා. ඩාර්පිලින් වලදී ස්වදේශිකයන් අතින් ඔවුන් මරා දැමුනේ මාව කදුකර ගෝත්‍රිකයන්ගේ වහලෙක් බවට පත් කර ගනිමින්. මං ඔවුන්ගෙන් පළා ගියා. ඒත් මග වැරදිලා මම උතුරට කියලා පළා ගියේ දකුණට. ඒ නිසා අවුරුදු ගණනාවක්ම මම ඇෆ්ගන්වරුන් සමග වාසය කරන්නට සිදු වුණා.
ඉන්පසු පන්ජාබයට පැමිණි මට දැක ගන්නට ලැබුනේ එහි සිටි බොහෝ අය තම ජීවිකාව ලෙසට විජ්ජා පෙන්වීම කරන බව. මම ඒ විජ්ජා කිහිපයක් ඉගෙන ගත්තා. මම කියක් හරි අදත් හොයා ගන්නේ එයට පින්සිදු වන්නටයි. නැවත එංගලන්තයට යාමටත්, හමුදාව වෙත ගොස් මා කවුදැයි හදුන්වා දීමටත් මට අවශ්‍ය නොවුනේ මගේ තිබුන විරූපී බව නිසා. පළිගැනීමේ චේතනාව මගේ හිතේ තිබුනත් මා එයට ඉස්මතු වෙන්නට ඉඩ දුන්නේ නැහැ. චිම්පන්සි රුපයක් වුන මාව දකිනවාට වඩා මා මිය ගිය බව හිතාන ඉන්න එක කොයිතරම් හොඳද? බාක්ලේ මගේ නන්සිව විවාහ කර ගත් බවත් ඔහු ඉක්මනින්ම හමුදාවේ ඉහල නිල වලට පත් වූ බවත් මට දැනගන්නට ලැබුනා. ඒත් ඔහු කල පළිගැනීම සමාජය ඉදිරියට ගිහිල්ලා කෑ ගහලා කියන්න මට වාසනාවක් නැහැ.
නැවත එංගලන්තයට නොඑන්නට මම සිතාගෙන සිටියත් මගේ මහලු වියට මා මව්රටට ගෙන ඒමට අවශ්‍ය වුණා. මේ රටේ තණබිම්, ලදු කැලෑ මට හීනෙන් පෙනුනා. රටට එන්නට සෑහෙන තරම් මුදලක් මේ වනවිට මගේ අතේ එක්රැස් වෙලයි තිබුනේ."
"ඔබේ කතාව හරිම උනන්දුව ඇති කරවන සුළුයි." හෝම්ස් කතිකයාව දිරිගන්වමින් පැවසීය.
"ඔබට බාක්ලේ මහත්මිය නොසිතු විරූ ආකාරයට මුණගැසුණු බවත් ඇය ඔබ හදුනා ගත් බවත් මට අසන්නට ලැබුනා. මං හිතන්නේ ඔබ ඊට පස්සේ ඇය පසු පසින් පැමිණියා. ජනේලයෙන් ඔබ දුටුවේ ඇය තම සැමියා සමග බහින් බස් වන ආකාරය. නිසැකවම ඔබට කළ අපරාධය ගැන ඇය සැමියාට තදින් දෝෂාරෝපණය කරන්නට ඇති. ඒ සමඟම ඔබේ පළිගැනීමේ චේතනාවත් ඉස්මතු වෙන්න ඇති. ඔබ තාප්පයෙන් පැන මිදුල හරහා දිව ගොස් ජනේලයෙන් කාමරයට ඇතුළු වුණා. එහෙම නේද?"
"ඔව් සර් එහෙම තමයි වුනේ." හෙන්රි වුඩ් හෙවත් වක ගැසුණු මිනිසා එයට අනුමැතිය පළ කළේය. "මා දිහා බලු විට මට ඔහුව පෙනුනේ පෙර කිසිම මිනිසෙකු නොදුටු ආකාරයකටය. ඔහු ඇද වැටුනා. ඔහු ඇද වැටෙද්දී ආලෝකය ඇල්ලු විටක පොතක අකුරු පැහැදිලිව දිස්වෙනවා වහේ මම දුටුවා, ඔහුගේ මුහුණේ මරණය... ඔහු ඇද වැටී හිස ගිනි උදුනේ කෙලවර වැදුනා. නමුත් මට හොදටම විශ්වාසයි ඔහු ඇද වැටෙනා විටත් මිය ගොස් සිටි වග. මගේ දර්ශනය ඔහුගේ තිරිසන් පපු කැනැත්ත පළා දමන්නට ඇති."
"ඉන් පස්සේ?"
"ඒ එක්කම නැන්සිත් සිහිය නැතිව වැටුනා. මම දොරේ යතුර මගේ අතට ගත්තේ ඇයට උදව් ඉල්ලන්න දොරෙන් පිටතට යන්න හිතාගෙන. ඉන්පසුයි මට සිහි වුනේ මා කාමරයට ඇතුල් වුනේ අනවසරයෙන් බව. මම යතුර සාක්කුවේ දමා ගෙන තිරය දිගේ උඩට නගිමින් සිටි ටෙඩිව අල්ලාගෙන ආයෙමත් පෙට්ටියේ දාගෙන හැකි තරම් ඉක්මනට පැන දිව්වා."
"කවුද ටෙඩි කියන්නේ?" හෝම්ස් විමසීය.
වකගැසුන මිනිසා දෙකට නමි තමා ඉදිරියේ තිබු අසුනක් යටින් පෙට්ටියක් ඉවතට ඇද ගත්තේය. ඉන් පිටතට ආවේ දීප්තිමත් රතු පැහැති ඇස සහිත දුඹුරු ලොම් පැහැති සතෙකි.
"මූ මුගටියෙක්" මම කීවෙමි.
"ඔව් සමහරු ඌට හෝතඹුවා කියලාත් කියනවා. මම නම් මූට කියන්නේ නයි අල්ලන්නා කියලා. මා ළඟ ඉන්න විෂ නැති නාගයාව ක්‍ෂණිකව අල්ලමින් ටෙඩි හැමදාම නරඹන්නන් සතුටු කරනවා. මගෙන් තවත් මොනවත් දැනගන්න ඕනෙද සර්?"
"ඔව්. මේ මරණයේ වගකීම මොකක් හරි අතපසු වීමකින් බාක්ලේ මහත්මිය මත පැටවුනොත්
අපි ඔබව කැඳවන්නද?"
"අනිවාර්යයෙන්ම මම ඉදිරියට එනවා."
"එහෙම නොවුනොත් මිය ගිය පුද්ගලයා ඔබට කල අපරාධය කිසිම දිනෙක හෙළිදරව් වෙන්නේ නැහැ. ඒ වුනත් ඔබ දන්නවා පසුගිය තිස් වසර පුරා ඔබ වින්ද වද වේදනා ගැන. ඒ නිසා ඔබ සතුටු වෙන්නත් පුළුවන්... ආ අන්න එහා පැත්තේ විදියේ මර්ෆි යනවා... වුඩ් අපි දැන් සමු ගනිමු. ඊයේ සිදු වුනු අලුත් දෙ අප දන ගත යුතුයි."
අපි වහා මේජර් මර්ෆිව නවතා ගතිමු.
"ආ හෝම්ස්... මේජර් මර්ෆි බලාපොරොත්තු කඩ වූ ආකාරයට කතා කළේය. අන්තිමේට ඔක්කොම පුස්සක් වුන බව ආරංචි වෙන්න ඇති"
"ඒ කීවේ?"
"මරණ පරීක්ෂණය ඉවර වුණා. එකෙන් කියවෙන්නේ අපොස්ලෙක්සි කියන මොළයේ රුධිර නාලයක් බිදී යාම නිසා ඇති වූ තත්වයෙන් මරණය සිදු වූවා කියලයි. අන්තිමට බැලුවාම ඒක මිනී මැරුමක් නොවෙයි."
"ඒකත් එහෙමද?" මගේ මිතුරා විමසුවේ සිනා නගමිනි.
"වොට්සන් අපි යමු. අපිව තවත් අල්ඩර්ෂොට් වලට අවශ්‍ය වෙන එකක් නැහැ. නමුත් තව එක දෙයක් විසදිලා නැහැ." දුම්රිය පොලට යන අතර තුර මම හෝම්ස්ට බාධා කලෙමි.
"සැමියාගේ නම ජේම්ස් ... අනික් කෙනාගේ නම හෙන්රි... එතකොට ඔවුන්ගේ බහින් බස් වීමට ඩේවිඩ් කියන නම ඈදුනේ කොහොමද?"
"මම හිතන්නේ එය නින්දා කිරීමට යොදා ගත් වචනයක් කියලයි." හෝම්ස් පැවසිය.
"නින්දා කරන්න."
"ඔව්. ඩේවිඩ් කටයුතු කලෙත් ජේම්ස් බාක්ලේට සමානව. මගේ බයිබලය පිලිබඳ දැනුම නම් ඒ හැටි හොඳ නැහැ. ඔබට මතකද යුරියාගෙත් බත්ෂෙබා ගේත් සම්බන්ධය? ඒ දැනුම ඔබට අවශ්‍ය නම් වොට්සන් ඔබට පුළුවනි පලවෙනි හෝ දෙවැනි පරිච්චේද වලින් ඒ පිලිබඳ කරුණු සොයන්නට."
සමාප්තයි!
රදිකා ගුණරත්න
උපුටා ගැනීම මනහර