රළ දකින වෙරලක්ය මගේ සිත

ගැටී රළ පෙළ නැගී අහසට නොවී අහසම යළි රළට පැන සගවා සිතේ දුක දිව ඇවිත් වෙරළට පෙණ කැටිති පා මුදු දසන් දී පැන දුවයි යලි මහ මුහුද වෙතටම නුඹ ඇවිත් සිත කොනිත්තා ඉඟි කරයි තනි වෙන්න ලෝකෙක තනිකමට තනිකමම උරුම ලෝකෙක ඉකි ගසයි සිත උරුම නැති ලොව ගැන රළ දකින වෙරලක්ය මගේ සිත (රස්තියාදු හිත)

Share This Article

Back