රෑ මනමාලි

තාරකා පෙති වැතිර සුර මග නිස විසල් කර අනුරාග පැතුවාදෝ සුෂිරයට මුසු රත් සුසුම් ගඟ සද කැලූම් මත රටා දැමුවාදෝ කිරිකෝඩු හිරි පොද ඈව දිය කර මේඝ යහනක සිතුම් ඇන්දාදෝ ඈත පූදින කිණිහිරිය මල මනමාල සිත ළග රැගුම් පෑවාදෝ ගුරු පාර අග එන රතු පාට ගැලකට නුඹෙ දෑස ඉගි කෙරුවාදෝ ඒ පාලූ කුටිය දෙස පාද නගන රුව සිතාම්බර අම්බපාලි ළග කාසි මැව්වාදෝ තරූ

Share This Article

Back