Biz Log
Classifields
Biz Log
Classifields

නීල දෑස මට දෙනවද

සරෝජනී නීල දෑස මට දෙනවද තියා ගන්න නිළුපුල් මල් දෙකක් වගේ හරව හරවා හැඩ බලන්න නුරාගිනී හැඟ=ම් වසා හිස අද්දර තියා ගන්න සඳුන් කොකුම් තවරාලා සඳපානේ මට සිඹින්න මැණික් ගෙඟ් පේවීලා දේවාලෙට අපිත් යමුද වන්දනාවේ නඩේ සමග කාවඩි සෙල්ලම් කරමුද කිරි වෙහෙරේ මල් කෙල්ලන් ඔය ඇස් දෙක මිල කරයිද සැන්දෑවේ අඳුර එක්ක හූල්ලන්න සිද්ධ වෙයිද සඳපානේ සඳළුතලේ ඔයත් එක්ක තරු ගනින්න ගිමන්හලේ තිනි වුනොතින් ඉක්මන් කර මට කියන්න තරු රෑනේ දිලිසි දිලිසි ආකාසේ බබලවන්න බැරි උනාට මටත් හිතයි නඹේ ලඟට වෙලා ඉන්න "ස්වර්ණ පන්හිඳ" කේ. එම්. එස්. කුමාර, සංස්කෘතික නිළධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. කතරගම.

Share This Article