Biz Log
Classifields
Biz Log
Classifields

තෙමගුල

පන්සිය පනස් වස් පෙරුමන් පුරා ගෙන දන්සිල් බවුන් වඩමින් මල ගසා ගෙන දස පින් ක්‍රියා කර සසරේ තැනින් තැන පස් මහ බැලූම් බලමින් මෙහි නතර වින සත් හට සෙත් සදන සිරිමත් කිඹුල් වත සත් පියුමන් මතින් සුර බිළිඳුන් විලස මෙත් සිත පතුරුවාගෙන මුළු ලොව දසත බෝසත් දිවාකර වැඩියා මේ දියත රම්‍යයි සුරම්‍යයි සුබ මාළිගාවල ගින්නක් වගේ නිතරම ඇවිළුනා හද තණ්හා රති රඟා රඟනා අනඟ රඟ දුටුවද නෙක රැඟ=ම් නොසැලූනා හද මුව කුලයේ සිටන් ආලයේ වෙලී ගෙන මේ බවයෙත් එකට ආවත් බැඳීගෙන සිව් පෙර නිමිති දැක ඇයවත් දමා හැර අබිනික්මන් කලා අදිටන් දරා ගෙන පුර සඳ දිලී දිලී නුබ ගැබ පලාගෙන වැඩි සඳ සිලී සිලී බෝපත් වැළඳගෙන මරසෙන් පරදවා තුන් ලොව දිනා ගෙන ගණඳුරු දුරු කලා හිමි සඳ මෙලෝතල පවසට පැන් පොදක් ලෙස අමරස ඛෙදා ගෙන සදහම් සයුර සිව් දෙසටම ගලා ගෙන දිවැසට පෙනෙන සැම සතහට කුළුණු ගෙන හිමි සඳ බැස ගියා මොක් සැප ලබා ගෙන "ස්වර්ණ පන්හිඳ" කේ. එම්. එස්. කුමාර, සංස්කෘතික නිළධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. කතරගම.

Share This Article