අහිමි කුමරුනි....
ළඟ සිටි ඔබ ඈතට යනවා පවනක් සේ ඇදිලාඔබ සතුටින් සිනා සලයි අද පැතුමන් ඉටුවීලා....කිසිවක් සිදු නොවූ ලෙසින්අද මම මෙතනම රැඳිලාමටවත් හිමි නැති මගේ සිතට දැන් තනිකම විතරක් ඉතිරි වෙලා...ඔබේ අතගෙන මැවූ සිහින අද නටඹුන් අතරට එකතු වෙලාසිහින මාළිගා සිහින ලෙසම අද බොඳ වී යයි මැකිලා..අහිමි වුනත් නුඹ මගේ පෙම්වතා මගේ දිවි තිබෙන තුරා...කිසිදා කිසිවෙකු නොපෙලූ, නොතැලූ අපහට දුක ඇයි මේ ලෙස හිමි වූයේසසර පුරා අප පැතූ ලෙසින් දෝ මේ භවයෙත් අප හමු වූයේ...සිතා ගන්න බෑ මගේ කුමරුනේ ඇයි අප මේ ලෙස වෙන් කෙරුවේ...ඔබ අද යනවා ඇයගේ අතගෙන සිත් තුටුවීලා සිනා සලාදිවි ගමනේ අද මා තනිවෙනවා මට දුන් සෙනෙහස නිමා වෙලා..ඇය අද ඔබේ තුරුලේ සැනසෙනවා පැතුම් මල් මිට දෝත දරා...ගෙවුණු අතීතය සිහිනයක් වෙලා බොඳ වී යයි මැකිලාමෙලෙසේ ඔබේ අත අරන් පතිනිය වෙන්නට පැතූ පැතුම් සැම සුන් වීලා...දිගු ගමනේ මැවු සිහින මාළිගා බොඳ වී අප දැන් දෙමංසලේ...
(සිහින)