නුඹ තියපු හීන

--------------------- බැහැ ඉන්න තනිකමෙන් නුඹ නැතිව -------------------------

මේ හිත ගාව නුඹ තියපු හීන හිනැහෙනවා නුඹ එක්ක මා ගාව නුඹ නෑ හීන අරගෙන එන්න ආයේ තනිකමෙන් මම ඉන්නවා මගේ මැණික දුර ඈත තරු ඇති අහසේ නුඹ දකින නොසොයන්න මා නොදකිනතරු අහසේ බලාපන් හැමදාම පායන පුර හඳ අහසේ නුඹට මට ලගින් නැතත් හිත ලගින් ඉන්න කවි පද පෙළක සොඳුරු පද වැල වෙන්න දෙතොලඟ තනිකමෙ සොරකම නුඹ වෙන්නසුසුමක සුවය දෙන්න සිපගන්න මුදු සුළං රැළි නුඹයි දෙතොලඟ රැදෙන අමෘතය බදු මිහිරි රස හිමි නැතත් විදින්නට නුඹේ උණුහුම කාන්තිමත් වෙන්න නුඹ පායනා හිරු විලස හැගෙනවා මට දැනෙනවා නුඹ මහා මෙර ලෙසට හැඩකරනවා නුඹේ හීන විදිනා උණුහුමෙන් නුඹගේ මේ පාළු නිහඬ කම මම විදිමි මතකේ නුඹේ සිතේ කදුලක් පිස දාවි ආදරෙයි නුඹේ මතකයට හැමදාම මගේ මැණිකේ ඉදපන් සතුටින් එයයි මගේ පැතුම මගේ මැණිකේඑනවා නුඹ ලඟට නොපෙනෙන්න නුඹටවිදින්නම් නුඹේ සුවද දැවෙටෙමින් නුඹ ගාවවිදින්නම් නොවිදි උණුහුම මා පැතු විලසහැරයමි ජීවය සඳා නුඹ ළඟ තුරුළුව ඉන්න

(රස්තියාදු හිත)

Share This Article