නුඹේ ආදරයත් විරහවක් වෙලා
මොහොතක් මා හා නුඹ
දොඩමළු උනා නම් සොඳුර
හදුනා ගනීද නොහැකි නුඹ මා කවුද
හදුනන්නේ නැති හිත් හදුනා ගනීද සොඳුර
නුඹට මහ මෙරක් නම් හැගුම්
කෙලෙසක නුඹට දැනේද මං
නැතුවාට හිතේ කොනකවත්
කියත් නුඹ එකම වදනක් සෙමින්
සිනාසුනාද නුඹ නිල් ආකහෙට රහසින්ම
තරු නැතුවාද දකින්නට නුඹට පෙනෙන්නට
කදුලක් වැකුනාද නුඹේ නිල් නෙතු කෙවෙනි අග
බරක් නොවී කඩා වැටි මහ මුහුදට එකතු වෙන්නට
මහා සාගරයක හැඩුම් හැදුවාද නුඹ
හැගුනා යැයි කියත් නුඹ මහ මුහුදක් තරමට
මුහුදත් ගලාවිද වෙරළට නුඹේ සුසුමක් රැගෙන
කදුලින්ම වියැකේද නුඹේ හැගුමන් ඉතින් මා ගැන
වෙන්වීමක් හමුවීම නිර්මාණය කලේ නම්
නුඹේ ආදරයත් විරහවක් වෙලා තනි වෙලා
අපිට අපේ නොවෙන ලෝකෙක දෙතැනක
සිතින් එකතුව ගතින් තනි වී හඩමුද අඳුරටම වී
තුරුළු වෙන්නේ නුඹ හිතට
දැනෙන්නේ නුඹේ උණුහුම හිතට
නැති නම් දැනුනෙ උණුහුම මගෙ හිතට
දැනේවිද නුඹ අත්කර දුන්නු තනිකම හිතට
දැනෙනවා හැගෙනවා නුඹට මා
වේදනාවත් හැගීමක් නුඹ මා බැඳ තබන
අරුතක් ඇති අපේ ආලය අපි නොසොයන
හමුවෙලා කතා කරන්නට සිරගත වෙලා හිඳින
(රස්තියාදු හිත)