නුඹ ලැබුවා මගෙ පිණට...

අරුත් ගැල් වූ වදන් මුමුණන කටකාර යෞවනිය... ජීවිතේ නුඹමැයි පැවසු වදන් ස්වරයක්ව මිහිරිය... දෙසවනම සින්නක්කර උරුමේ අයිති කාරිය නුඹ... හැර නොගියාද ඒත් දැනුනේ දෙසවනට කාන්සිය... ලංව නුඹ හෙලූ සුසුමන් වී මගේ පණ වැල රකින... මොහොතකින් විඩා බර හිත් පොඩිය සනසා ලන... අරුමැති සොඳුරු හිතක් නුඹ ලැබුවා මගෙ පිණට... නුඹ නැතුවාද අද මගේ හිත විදවනා බව හැඟෙන... මිණිකැට පරදවා දිදුළන නුඹේ නෙත් කෙවෙනි අග... දඟ කල මියුරු රුව මා නොවෙද කියන් සොදුරිය... නුඹේ නෙත් කැඩපතක් විය මට මා ගැන තතු කියන... ළඟ නැතුවාද සොයනෙමි නැති වුනෙ මම හින්දාම... (රස්තියාදු හිත)

Share This Article