Biz Log
Classifields
Biz Log
Classifields

සිත් අහස

හීනියට වැහි වැටෙන සීතලට හිත ගැහෙන පාලුවට හීනයක මතකයක් ළඟ තියා දුක හිතෙන කතාවක් කිය කියා තැවෙන්නම් හඬන්නට හදන ඇස් පියන් ඈතම කොනක ඔය සුවඳ විතරක්ම ආදරෙන් වළදමා පෙමින් රැකි සිතැත්තිය හඬවලා රිද්දලා හීන ගිනිගත් රැයක ඔබ කොහෙද හැංගුණා... අහස සේ වෙනස් වුණු සුළඟ සේ ඈත්වුණු පෙම් හිතේ රිද්මයට විරහ ගීයක් ලියා ඔය හිතට ඇහෙන්නට දහස්වර කියෙව්වෙමි දෝත එක්කර ඔබෙන් ජීවිතය ඉල්ලලා හිත හැදුවෙ නැති වුණත් දුක ඇහුවෙ නැති වුණත් කඳුළු නැති ඉසව්වක ඔබ හොඳින් වග අසා දහස්වර සැනසුණෙමි එකවරක් ළතැවුණෙමි එකම එක වරක් ඔබ දකින සිත් ඇති නිසා... හුඟක් දුක් උහුලගත් කුරුළු ඇස් කටු වලට නළලතේ රැඳුණු මුව අගට සුසුමක් තියා සයුරැ තෙර, සිතින් ඉම, සඳමඩල පහුකරන් මටත් හොර රහසේම කොහේදෝ ඔබ ගියා... අවරගිර තරැ වැටක මළානික එළියකින් ඉන්න තැනකට එන්න පාර දැනගෙන අසා එනදාක පිළිගන්න එනවාද පෙරමඟට ජීවිතය අරන් එමි ඉන්න කොහෙවත් නොයා... (තිසුම්)

Share This Article