පසුතැවීම

හඬන්නට කඳුළු නැති කියන්නට වදන් නැති මහලූ වූ මගේ දිවියෙ තුටු නොවුනි මා නිතී වලාපිරි අහස සේ නොසන්සුන් මගේ සිතුවිලි හිරු නැති අහස සේ මගේ ලොව එළිය නැති බටහිර අහසේ ඇන්ද සිතුවම සේ දකින හැම සිහිනයම සිතින් පමණයි මා දැක්කේ සැබෑ නොවනා කිසිදු දින තුරුණු සිත පවුරක්ය ගෙවූ කල සිහිනයකි සොඳුරු වූ පැතුමන් කිසිදාකවත් නැති යළි යළි බිඳෙන සිත හෙට දිනක් නොමැත මට අදද හෙටද බලා ඉමි නැත මරණය ළඟට එන... තිසුම්

Share This Article

Back