ඔබ හා මම
සොමි සරින් ඉපිද මා නිශා යාමේ..
තණ පත මත්තේ රටා මවමින්,
රැඳී සිසිලෙන් පෙරුම් පුරමින්..
උදා කිරණේ පැහැය මවමින්,
ඔබ උනි මා සමඟින් සැමදා..
කිසිත් නොකියා.. කිසිත් නොදොඩා..
මම උනි ඔබ මත, ඔහේ රැඳිලා..
කිසිත් නොසිතා.. කිසිත් නොසොයා..
හිරු අභියස මා මිලින වන බව දැන,
පෙම් බඳින තෙක් සිටියේද හිරු හට,
රැවටුණා මා හිරු දුන් දේදුණු පැහැයට,
අතැර දැමුවේද ඔබ මා මිලින වන්නට,
දැන උන්නා නම් ලබැඳි තණ පත,
ආදරණීය හැඟුමෙන් මා මුසපත් කරන වග..
සීතලෙන් රැඳෙන්නට අවසර නොමැත මා හට,
හිරු දුටු පිණි මල විය මා...
තණ පතට පෙම් නොබැඳි නියාවෙන්..,
නෙත්මි
Back