ලොව ලොකුම තොල්තැටිය හිමිකාරිය ඇයයි
ඉතියෝපියාවේ ඕබෝ රෝවර් පහත් නිම්නයේ වෙසෙන ‘සුර්මා’ ගෝත්‍රික කාන්තාවන් අතර දිගු කාලයක සිට පැවත එන තොල් තැටි පැළඳීමේ සම්ප්රදාය තහනම් කිරීමට මෑත කාලයේදී ඉතියෝපියානු රජය පියවර ගත්තේය. නමුත් තවමත් එය මුළුමනින්ම තුරන්ව ගොස් නැත.සුර්මා ගෝත්‍රික ගැහැනු ළමුන් වයස අවුරුදු 15ත් 18ත් අතර කාලයට එළඹෙත්දී පළමුවරට මෙම තොල් තැටි පැළඳීම සිදුකරන අතර ක්‍රමයෙන් තැටියේ ප්‍රමාණය විශාල කරමින් තොල ඇදීමට ලක්කෙරේ.
සහකරුවෙකු සොයා ගැනීම සඳහාත්, විශාල දෑවැද්දක් (සුර්මා ගෝත්‍රිකයන් අතර විවාහයකදී දෑවැද්ද දෙනු ලබන්නේ මනාල පාර්ශ්වය විසින් මනාලියගේ පවුලටය) ලබා ගැනීමටත් මෙන්ම සිය ප්‍රජාව අතර කැපී පෙනීමේත් අරමුණින් මෙම තොල් තැටි පැළඳීම සඳහා යටි හනුවේ ඉදිරිපස දත් දෙක ගලවා දැමීමද අත්‍යවශ්‍ය වේ. නමුත් අහිමි වන දත් දෙකකට වඩා තොල් තැටියක ඇති වැදගත්කම මනාව අවබෝධ කරගෙන සිටින සුර්මා ගෝත්‍රික තරුණියන් අතරින් විසි හැවිරිදි ‘අටායේ එලිගිඩැග්නි’ සුවිශේෂීය. ඒ ලොව විශාලතම තොල් තැටියේ හිමිකාරිනිය ඇය නිසයි.
59.5ජථක පරිධියකින් හා 19.5ජථක විෂ්කම්භයකින් යුතු ඇගේ තොල් තැටිය සාමාන්‍ය ප්‍රමාණයේ තොල් තැටියක විශාලත්වය මෙන් දෙගුණයකි. මීට පෙර ලොව ලොකුම තොල් තැටිය ලෙස ගිනස් පොතට ඇතුළුව තිබුණේ 15ජථක විෂ්කම්භයකින් යුතු තොල් තැටියකි. එය ඉක්මවාලීම සඳහා වසර තුනක් මුළුල්ලේ සිය තොල ඇදීමට ලක්කිරීමට අටායේට සිදුව තිබිණි.බැලූ බැල්මට මෙබඳු විශාල මැටි තැටියක් පැළඳ සිටීම ශාරීරික වශයෙන් දැඩි අපහසුතාවක් ගෙන දෙන්නක් බව පෙනී ගියත් අටායේ පවසන්නේ එවැනි අපහසුතාවක් ඇයට නොදැනෙන බවයි. එසේම එවැන්නක් පැළඳීමෙන් කිසිදු අතුරුආබාධයක් ඇති නොවන බවද ඇය කියන්නේ දැඩි විශ්වාසයකින් යුතුවය.
ප්‍රියන්ති රුද්රිගුලක්බිම
සුප්‍රකට ඇමෙරිකන් රූපවාහිනී කතා මාලාවක් වන ‘එක්ස් ෆයිල්ස්’ ජනපි‍්‍රය වූයේ ද පිටසක්වළ ජීවීන්ගේ රහස් සහ ඇමෙරිකා රජයේ කුමන්ත්‍රණ ඊට පාදක වීම...
ඉතියෝපියාවේ ඕබෝ රෝවර් පහත් නිම්නයේ වෙසෙන ‘සුර්මා’ ගෝත්‍රික කාන්තාවන් අතර දිගු කාලයක සිට පැවත එන තොල් තැටි පැළඳීමේ සම්ප්රදාය තහනම් කිරීමට...
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති චීනයේ හෙනාන් ප්‍රාන්තයේ පිහිටි දැවැන්ත "ලොන්ග්මන්" ලෙන් විහාර සමුහයේ පිහිටි "කන්ජින්...
අපි හැමෝටම මේ වෙනකොට ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ වුණත් සියලුම දෙනාට ලැබෙන හැම දෙයක්ම එක හා සමාන වෙන්නේ නෑ. ඒක දුක,...
අවසන් වරට ලියමි ඔබ හට නැවත ලියන්නට නොහැක මා හට අහස බර වුනාවේ... මහා වැසි ඇද වැටුනාවේ... තනිවෙමි මා මුලාවේ... ජීවිතය මේ සා අතරමං වීම් ගොන්නකට...